Year on TikTok’ වාර්තාව සමඟින් TikTok 2023 වසර සමරයි

Share

Share

Share

Share

TikTok විසින් ‘Year on TikTok 2023’ වාර්ෂික වාර්තාව පසුගියදා එළිදක්වනු ලැබීය. මෙම වාර්තාව මගින් ශ‍්‍රී ලංකාවේ සහ ලොව පුරා 2023 වසර හැඩගැස්වූ අමතක නොවන නව ප‍්‍රවණතා, නිර්මාණකරුවන් සහ සුවිශේෂ අවස්ථා පිළිබිඹු කරයි.

2023 වසර පුරාවට, බිලියනයකට වැඩි TikTok භාවිත කරනු ලබන ලොව පුරා සිටින ප‍්‍රජාව එකිනෙකා සම්බන්ධ වීමට, ඔවුන්ගේ සංස්කෘතිය සහ මිනිසුන්ගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට TikTok වේදිකාව නිරන්තරයෙන් භාවිත කළේය.

TikTok ප‍්‍රජාව 2023 පුරාවට රසවත් ආහාර වට්ටෝරුවල සිට විනෝදාස්වාදය සඳහා නිර්මාණය කරන ලද කෙටි වීඩියෝ නිර්මාණ, අතීත මතකයන් හෝ විශේෂ සිදුවීම් සිහිගන්වන පැරණි ගීත සහ දියුණු වන කුඩා ව්‍යාපාරවලට සහාය වීම ආදී විවිධ ක‍්‍රියාකාරකම් හරහා අව්‍යාජ, නිවැරදි අන්තර්ගතයන් නිර්මාණය කිරීම, එකිනෙකා සම්බන්ධ වීම, බෙදාහදා ගැනීම හා අගය කිරීම අඛණ්ඩව සිදු කළේය. ශ‍්‍රී ලංකාවේ, TikTok ප‍්‍රජාව සූපශාස්ත‍්‍රය – රසවත් ආහාර වට්ටෝරු සහ ඉවුම් පිහුම්, රූපලාවණ්‍ය පිළිබඳ උපදෙස් සහ හාස්‍යජනක දේ වැනි විවිධ මාතෘකා කෙරෙහි දැඩි උනන්දුවක් සහ උද්‍යෝගයක් දැක්වීය. Wild Cookbook’s perfect masala chicken curry recipe සහ Hesara Yagi’s funny skit about turning daily life moments into comedy gold වැනි වීඩියෝවල වෙනත් දේශීය ජනප‍්‍රිය දේවල් සමඟින් මෙම ප‍්‍රවණතා ද ඇතුලත් විය.

TikTok මෙහෙයුම් ප‍්‍රධානී Adam Presser පැවසුවේ ‘’Year on TikTok 2023’’ වාර්තාව මගින් වසර පුරා TikTok වේදිකාවේ කැපී පෙනෙන අවස්ථා හඳුනා ගැනීමට අපට ඉඩ සලසනවා. එය ගෝලීය වශයෙන් බිලියන 1 කට අධික ජනතාවකට ආස්වාදයක්, විනෝදාස්වාදයක් සහ අධ්‍යාපනයක් ලබා දුන් වේදිකාවක්. අපගේ ප‍්‍රජාව වෙත සතුට රැගෙන ආවාට සහ ඔබේ නිර්මාණශීලිත්වය අප සමඟ බෙදාහදා ගනු ලැබුවාට ඔබට ස්තුතියි” යනුවෙනි.

දකුණු ආසියාව පිළිබඳ මෙහෙයුම් ප‍්‍රධානී පූජා දත්තා සඳහන් කළේ ‘‘2023 දී TikTok හි ශ‍්‍රී ලංකාවේ කැපී පෙනෙන ගමන්මග දෙස ආපසු හැරී බලන විට, අපගේ වේදිකාවේ නිර්මාණශීලිත්වයේ සහ සංස්කෘතියේ ප‍්‍රබල සම්මිශ‍්‍රණය දැකීමෙන් අපි සතුටට පත් වනවා. රසවත් ආහාර වට්ටෝරු වල සිට විනෝදජනක කෙටි වීඩියෝ නිර්මාණ දක්වා විචිත‍්‍රවත් අන්තර්ගතයන් හරහා එකට එක්වීමේ විශිෂ්ට හැකියාවක් ලාංකීය TikTok ප‍්‍රජාව විසින් ප‍්‍රදර්ශනය කර තිබෙනවා. ගෝලීය බලපෑමක් ඇති කරමින් ශ‍්‍රී ලාංකීය නිර්මාණශීලිත්වය සහ සංස්කෘතිය වර්ධනය වන කේන්ද්‍රස්ථානයක් බවට TikTok වර්ධනය වීම ගැන අප නිහතමානීව ආඩම්බර වනවා.’’ යනුවෙනි.

‘’Year on TikTok 2023’’ වාර්තාව

‘’Year on TikTok 2023’’ වාර්තාව 2023 ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා සිදු කරන ලද අභ්‍යන්තර පර්යේෂණ සහ ප‍්‍රවණතා විශ්ලේෂණය මත පදනම් වේ.

TikTok යනු ලොව ප‍්‍රමුඛ පෙළේ කෙටි වීඩියෝ වේදිකාවකිx අපගේ අරමුණ වන්නේ නිර්මාණශීලීත්වය දිරිගැන්වීම සහ සතුට පතුරුවා ලීමයි. ලොස් ඇන්ජලීස්, මවුන්ටන් වීව්, නිව් යෝර්ක්, ලන්ඩන්, පැරිස්, බර්ලින්, ඩුබායි, සිංගප්පූරුව, ජකර්තා, සෝල් සහ ටෝකියෝ ඇතුළු රටවල TikTok කාර්යාල ඇත. www.tiktok.com.

 

BYD நிறுவனத்தின் வாகனங்கள் மீள் அழைப்பு:...
Evolution Auto opens Sri Lanka’s...
எவல்யூஷன் ஒட்டோ, இலங்கையின் முதல் பல்வகைப்பட்ட...
Social Media’s Role in STEM...
BYD Automobile සමාගමේ ප්‍රකාශය –...
Atlas Pays Tribute to Teachers...
NÜWA Sri Lanka වෙත පැමිණි...
HNB ක්‍රීඩා තානාපති ලෙස ඔලිම්පික්...
Atlas Pays Tribute to Teachers...
NÜWA Sri Lanka වෙත පැමිණි...
HNB ක්‍රීඩා තානාපති ලෙස ඔලිම්පික්...
Sampath Bank and NCE Empower...