2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි

Share

Share

Share

Share

BPPL හෝල්ඩින්ග්ස් අනුබද්ධ Eco Spindles සහ Beira Brush පසුගියදා නිමාව දුටු 2024 BestWeb.LK සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී Eco Spindles සමාගම විසින් සම්මාන උළෙලේ රන් සම්මානයත් Beira Brush සමාගම විසින් එහි රිදී සම්මානයත් හිමි කරගනිමින් ඩිජිටල් නව්‍යකරණය වෙනුවෙන් BPPL හෝල්ඩිංග්ස්හි විශිෂ්ටත්වය අවධාරණය කිරීමටද සමත් විය.

LK Domain Registry විසින් අඛණ්ඩව 14 වැනි වරට සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලේ අරමුණ වූයේ ඊට සහභාගීවන්නන්ගේ නිර්මාණාත්මක හා තාක්ෂණික හැකියාවන් අන්තර්ජාලය හරහා ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව සලසා දීමයි. එසේම දේශීය වශයෙන් ඔවුන්ගේ දක්ෂතා හඳුනා ගමිනින් එම දක්ෂතාවන් ඇගයීමද එහි අරමුණක් විය.

BPPL හෝල්ඩින්ග්ස්හි නව්‍යකරණ දැක්ම ඉදිරියට ගෙන යමින් සිය සම්මානලාභී වෙබ් අඩවි නිර්මාණය කිරීමට කටයුතු කර ඇති Eco Spindles සහ Beira Brush පරිශීලක හිතකාමී වෙබ් අඩවියක් සිය පාරිභෝගිකයින් වෙත ලබා දීමට සමත්ව ඇත. එසේම උසස් තත්වයේ අන්තර්ගතයන් සමඟින් කර්මාන්තයේ ඉහළ ප්‍රමිතීන් අනුගමනය කරමින් අති නවීන තාක්ෂණයන් සිය වෙබ් අඩවි වෙත ඇතුළත් කිරීමටද ඔවුන් කටයුතු කර තිබීම විශේෂත්වයකි. මෙම සුවිශේෂී සම්මානයන් තුළින් වැඩි පාරිභෝගික ප්‍රජාවක් වෙත සිය නිෂ්පාදන හඳුන්වා දෙමින් සන්නාමයේ ජනප්‍රියත්වය ඉහළ නැංවීම සඳහා අති නවීන තාක්ෂණය හා නිර්මාණාත්මක සැලසුම් උපයෝගී කර ගැනීමේ BPPL හි උපාය මාර්ගික කැපවීමද මනාව පෙන්නුම් කරයි.

මෙවර BestWeb.LK සම්මාන උළෙල වෙනුවෙන් කාණ්ඩ රැසක් ඔස්සේ .lk domain යටතේ ලියාපදිංචි 500කට අධික වෙබ් අඩවි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ගෞරවණීය විද්වතුන්, වෘත්තිකයින් හා ව්‍යාපාර ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරා ගැනීම සිදු කරන ලදී. එහිදී විනිශ්චය මණ්ඩලය විසින් තාක්ෂණික විශිෂ්ටත්වය, නිර්මාණයන්හි ගුණාත්මකභාවය, අන්තර්ගතය හා අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇගයීමට ලක් කරමින් ජයග්‍රාහී වෙබ් අුඩවි තෝරා ගැනීමට කටයුතු කරන ලදී. එම නිර්ණායකයන් සියල්ල මනාව සපුරාලමින් සම්මාන උළෙලේ රන් සහ රිදී සම්මානයන් තමන් සතු කර ගැනීමට Eco Spindles සහ Beira Brush වෙබ් අඩවිවලට හැකි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ BPPL හෝල්ඩින්ග්ස්හි අලෙවි ප්‍රධානී දිලුක්ශාන් ජයසේකර මහතා සඳහන් කර සිටියේ “අප හිමි කරගත් මෙම සම්මාන ඩිජිටල් නවෝත්පාදනයන් වෙනුවෙන් අප සිදු කරන නිරන්තර කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක්. තිරසාරභාවය හා විශිෂ්ටත්වය තුළින් ශක්තිමත් සබඳතාවක් නිර්මාණය කිරීමට BPPL ලෙස අපි ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා. මේ මොහොතේදී අපගේ වෙබ් අඩවි පවත්වාගෙන යාම වෙනුවෙන් කැපවී කටයුතු කරන එහි නිර්මාණාත්මක හවුල්කරුවන් වන Integra Creatives සහ වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායම වන 3CS වෙත අපගේ අවංක ස්තුතිය පුද කිරීමට කැමතියි” යනුවෙනි.

මෙම සම්මාන උළෙලේදී අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණ තුලින් පිළිබිඹු වන්නේ BPPL හි නිෂ්පාදන විශිෂ්ටත්වය පමණක් නොවේ. නවතම ඩිජිටල් වේදිකාවන් හරහා සිය පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන් සමඟ කටයුතු කිරීම සඳහා නිෂ්පාදන හා කාර්මික ක්ෂේත්‍ර තුළ BPPL අත්කර ගෙන ඇති ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට ද එය හේතුවක් වනු නිසැකය.

තිරසාරභාවය පිළිබඳ සාමූහික අවධානයක් යොමු කරමින් කටයුතු කරන BPPL ආසියාවේ ඉහළම පාරිසරික, සමාජීය හා ආයතනික පාලන ක්‍රමවේදයන් අනුගමනය කරන සමාගම් අතුරින් එකක් ලෙස සඳහන් කළ හැකිය. එහි අනුබද්ධ සමාගම් වන සහ තුළින් ප්‍රතිචක්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල්, මොනෝෆිලමන්ට් හා වෘත්තීය සහ ගෘහ පිරිසිදු කිරීමේ උපකරණ ජාත්‍යන්තර වෙළෙඳපොලට අපනයනය කරනු ලබයි. එසේම සමූහය විසින් දේශීය වශයෙන් ‘Tip Top’ සන්නාමය යටතේ අලෙවි වන ගෘහස්ථ පිරිසිදු කිරීමේ උපකරණ නිෂ්පාදනය ද සිදු කරනු ලබයි.

BPPL හෝල්ඩින්ග්ස් අලෙවි ප්‍රධානී දිලුක්ෂාන් ජයසේකර සහ තොරතුරු තාක්ෂණ කළමනාකාර අජිත් කොඩිප්පිලි යන මහත්වරුන් වෙබ් සංවර්ධන කණ්ඩායම සමඟ රන් සහ රිදී සම්මාන ලබා ගනිමින්

 

 

HNB ඉන්දියානු වාණිජ මණ්ඩලය වෙතින්...
Samsung One UI 6.1.1 Expands...
ජනාධිපතිවරණය සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි...
BOI Sri Lanka discusses strategic...
HNB ජා-ඇල පාරිභෝගික ඒකකය නවතම...
Planters’ Association of Ceylon Charts...
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවීම...
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා...
Planters’ Association of Ceylon Charts...
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවීම...
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා...
ஜனாதிபதி தேர்தலின் போது தவறான தகவல்களை...