HNB ජා-ඇල පාරිභෝගික ඒකකය නවතම පහසුකම් සමඟින් නව නිවහනකට

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකු පහසුකම් තවදුරටත් පුළුල් කරමින් සිය ජා ඇල පාරිභෝගික ඒකකය අංක 73, මීගමු පාර, ජා ඇල යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදී.

විශේෂයෙන් ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ හා ව්‍යාපාරිකයින්ගේ දිනෙන් දින ඉහළ යන අවශ්‍යතාවන් සපුරාලනු ලබන ජා ඇල HNB නව පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ අවස්ථාව සඳහා HNB හි වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, ජා ඇල ප්‍රාදේශීය ලේකම් ආසිරි වීරසේකර, ජා ඇල නගර සභාවේ ලේකම් දිලිණි තුෂාරා, HNB සහකාර සාමාන්‍යාධිකාරී ශාඛා ජාල ව්‍යාපාර සුපුන් ඩයස්, HNB සහකාර සාමාන්‍යාධිකාරී සේවා, ඉන්ද්‍රජිත් සේනාධීර, වයඹ HNB කලපීය ව්‍යාපාර ප්‍රධානී, සොහාන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සහ HNB ඉහළ නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් ලෙස මෙන්ම ප්‍රමුඛ නේවාසික ප්‍රදේශයක් ලෙස වැදගත් කොට සැලකිය හැකි ජා-ඇල ප්‍රදේශයේ ව්‍යාපාරික හා නේවාසික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළ පහසුකම් සහිත පාරිභෝගික සේවා ඒකකය නව ස්ථානයක විවෘත කිරීමට ලැබීම පිළිබඳ ඉතා සතුටුයි. මේ තුලින් විශේෂයෙන් ප්‍රදේශයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ වර්ධනයට අවශ්‍ය සේවාවන් මෙන්ම අනෙකුත් සියලු බැංකු සේවාවන් සලසාදීමට කටයුතු කරන අතර නවීන පහසුකම් සහිත මෙම පාරිභෝගික ඒකකය තුලින් පහසුවෙන් සේවා සපයා ගැනීමට පැමිණෙන ලෙස සියලු ගනුදෙනුකරුවන්ට මේ මොහොතේ ආරාධනා කර සිටිනවා.” යනුවෙනි.

වැඩි ඉඩකඩකින් සමන්විත මෙම නව පරිශ්‍රය තුලදී ගනුදෙනුකරුවන් හට පහසුවෙන් තම සේවා සපයා ගැනීමට හැකියාව ඇති අතර ඒ වෙනුවෙන් අත්දැකීම් පරිපූර්ණ කාර්ය මණ්ඩලයකගේ සේවාව සලසා ගැනීමේ අවස්ථාව ද HNB උදාකර දී ඇත.

එසේම ජා-ඇල ප්‍රදේශයේ ව්‍යාපාරයන්හි නියුතු දියුණු වන ව්‍යාපාරික ප්‍රජාවට HNB Payfast, HNB MOMO, HNB SOLO, HNB Digital Banking වැනි වැඩි දියුණු කරන ලද ඩිජිටල් බැංකුකරණ සේවාවන් තුළින් බැංකු සේවා හා ගෙවීම් පහසුවෙන් සිදු කිරීමේ හැකියාවද මෙම නවතම පාරිභෝගික ඒකකය තුළින් සලසා දී තිබේ.

ඡායාරූප 1 – HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ජා-ඇල නව පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. ජා ඇල ප්‍රාදේශීය ලේකම් ආසිරි වීරසේකර මහතා, වයඹ HNB කලපීය ව්‍යාපාර ප්‍රධානී, සොහාන් ප්‍රනාන්දු මහතා සහ HNB ජා-ඇල පාරිභෝගික ඒකකයේ කළමනාකාර රිමීජියස් පීර්ස් මහතා ද ඡායාරූපයේ වේ.

ඡායාරූප 2 – HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා (මැද) මහතා විසින් පළමු තැන්පතුව භාර ගනිමින්. HNB සහකාර සාමාන්‍යාධිකාරී ශාඛා ජාල ව්‍යාපාර සුපුන් ඩයස් (වම් පස) සහ වයඹ HNB කලපීය ව්‍යාපාර ප්‍රධානී, සොහාන් ප්‍රනාන්දු (වමේ සිට තෙවැන්නා) යන මහත්වරුන්ද ඡායාරූපයේ වේ.

 

 

HNB, නවතම වාහන මාදිලි රැසක්...
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ...
භාතිය සහ සන්තුෂ්, Soho Hospitality...
இலங்கையின் டிஜிட்டல் எதிர்காலத்தை வலுப்படுத்த புதிய...
SLIM-Kantar மக்கள் விருதுகள் 2026: “இளைஞர்களின்...
Texo மற்றும் Noyon வசதிகளை இணைத்துக்கொண்டு...
TAGS Awards 2025 நிகழ்வில் HNB...
සිය ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණ අත්දැකීම වැඩිදියුණු...
Texo மற்றும் Noyon வசதிகளை இணைத்துக்கொண்டு...
TAGS Awards 2025 நிகழ்வில் HNB...
සිය ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණ අත්දැකීම වැඩිදියුණු...
ITC Ratnadipa Presents an Easter...