Atlas සිප්සවි ව්‍යාපෘතිය ඔස්සේ මහනුවර ඇතුල්ගම මහා විද්‍යාලයේ යටිතල පහසුකම් රැසක් දියුණු කෙරේ

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘Atlas සිප්සවි’ වැඩසටහන, මෙරට කිසිඳු දරුවකුගේ අධ්‍යාපනය අතරමග නතර නොකිරීමේ උදාරතර පරමාර්ථය පෙරදැරි කරගනිමින්, සතුටින් ඉගෙන ගත හැකි තක්සලාවක් නිර්මාණය කිරීම සඳහා පසුගියදා සිය දායකත්වය ලබා දුන්නේ ය. මෙම ව්‍යාපෘතිය සදහා පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සමඟ අත්වැල් බැදගැනීමත් සමග ඇට්ලස්හි අඛණ්ඩ උත්සාහය තවදුරටත් ශක්තිමත් කරන ලද අතර එමඟින් මහනුවර ඇතුල්ගම මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් පසුගියදා සිදු කරන ලදී.

Atlas සිප්සවි වැඩසටහන, ප්‍රධාන අදියර තුනක් යටතේ පාසල් දරුවන් මුහුණ දෙන දුෂ්කරතාවන්ට විසඳුම් ලබා දීමට කැප වී කටයුතු කරයි. එහි එක් අදියරක් ක්‍රියාවට නංවමින්, මහනුවර ඇතුල්ගම මහා විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කොට දුවාදරුවන් හට සතුටින් සිය ඉගෙනුම් කටයුතු හැදෑරිය හැකි පරිසරයක් නිර්මාණය කරදීමේ දැඩි අභිප්‍රාය මත සිදු කෙරුණු අතර සෑම වසරකදී ම ක්‍රියාත්මක වන මෙම මුලපිරීම, ශ්‍රී ලංකාව පුරා සිටින අවශ්‍යතා සහිත පවුල්වල සිසු දරුවන්ගේ අධ්‍යාපනික අයිතිය තහවුරු කරමින් සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කර ගැනීම උදෙසා බෙහෙවින් උපකාරී වේ.

මෙම කාලෝචිත වැඩසටහන පිළිබඳව සිය අදහස් පළ කරමින් Atlas Axillia සමාගමේ ආයතනික සබඳතා ප්‍රධානී නදීකා ජයසිංහ මහත්මිය පැවසුවේ මෙවැන්නකි. ‘’රටේ සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව හිමිවිය යුතුය යන්න අප නිරන්තරයෙන් විශ්වාස කරන අතරම, ඒ සඳහා රාජ්‍ය අංශය සමඟ එකතු වී කටයුතු කරන්නට ලැබීම පිළිබඳව සතුටට පත් වෙනවා. අධ්‍යාපනය ලබා දෙනවා සේම දරුවන්ට සතුටින් ඉගෙන ගැනීමට උනන්දුවක් ඇති වන පරිදි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර දීම ද අතිශය වැදගත් වෙනවා. රටේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන්ට ක්‍රමවත් අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් අවශ්‍ය අවකාශයන් නිර්මාණය කිරීම සඳහා අප කිසිඳු සැකයකින් තොරව ආයෝජනය කරනවා’’

පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අමතරව Atlas සිප්සවි වැඩසටහන ඔස්සේ පාසල් දරුවන්ට ශිෂ්‍යාධාර සහ පාසල් උපකරණ ලබා දීමට කටයුතු කරනු ලබයි. හුදු ලාභ අපේක්ෂාවෙන් ඔබ්බට යමින් ක්‍රියාත්මක වන මෙම සමාජ මෙහෙවර ඔස්සේ ලාංකේය දුවා දරුවනට සමාන අධ්‍යාපනයක් හිමිවීමේ අයිතිය තහවුරු කෙරෙන අතර, දෙමාපියන්, පාසල් ගුරුවරුන් ඇතුළු සියලු පාර්ශවයන්ගේ මානසික යහපැවැත්මට මහත් රුකුලක් ද සපයනු ලබයි. දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතාවන් මධ්‍යයේ අතරමග නතර නොවී ලොව දිනන දරුවන් පිරිසක් දැයට දායාද කිරීම උදෙසා ඇට්ලස් ආයතනය, ඒකායන අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියටත් මෙවන් කර්ත්‍යවන්ට දායක වනු ඇත.

Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...
දේශගුණික විපත් දරිද්‍රතාව සහ රට...
Bairaha Enhances Product Quality and...
SLAEA AGM reappoints Rajitha Jayasuriya...
ஏற்றுமதித் துறையில் முன்னணியில் உள்ள Joint...
Bairaha Enhances Product Quality and...
SLAEA AGM reappoints Rajitha Jayasuriya...
ஏற்றுமதித் துறையில் முன்னணியில் உள்ள Joint...
ලතින් සම්ප්‍රදායේ ආකර්ෂණය එක් කළ...