City of Dreams Sri Lanka හි Spice 8 අවන්හලේ චීන ආහාර අංශයේ නායකත්වය සූපවේදී Ye Panwang හට

Share

Share

Share

Share

City of Dreams Sri Lanka හි ප්‍රධාන සූපවේදියකු ලෙස සූපවේදී Ye Panwang පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. වසර 20කට අධික ජාත්‍යන්තර අත්දැකීම්වලින් පරිපූර්ණ ඔහු City of Dreams Sri Lanka සමඟ එක් වෙමින් පාරිභෝගිකයින් වෙත රසයෙන් අනූන උසස් තත්වයේ ආහාර වේලක් ලබා දීමට කැපවී කටයුතු කරනු ඇත.

City of Dreams Sri Lanka හි Spice 8 අවන්හලේ ප්‍රධාන ආහාර පාන අංශය මෙහෙයවන අතර සූපවේදී Panwang ගේ සාම්ප්‍රදායික හා නවීන ආහාර පාන සකස් කිරීමේ හැකියාව නිසාම දේශීය හා විදේශීය අමුත්තන්ට රසවත් අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව උදා වනු නිසැකය. එසේම දකුණු ආසියානු කලාපයේ හොඳම ආහාර පාන හා සුඛෝපභෝගී සත්තකාර සේවාවක් සපයන ප්‍රමුඛතම ගමනාන්තය බවට City of Dreams Sri Lanka නැවත නැවතත් පත්වීමේ සුවිසල් පියවරක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය.

චීනයේ Anhui පළාතේ Bengbu නගරයේ උපත ලබා ඇති සූපවේදී ලොව වඩාත් පිළිගත් හා සුඛෝපභෝගී හෝටල් රැසක සේවය කර ජාත්‍යන්තර අත්දැක්ම් රැසක් උරුම කරගෙන සිටියි.

මීට පෙර The Kingsbury Colombo, The Westin Maldives Miriandhoo Resort, Narcissus Hotel and Resort සහ මාලදිවයින, ඊජිප්තුව සහ සවුදි අරාබිය වැනි රටවල් රැසක තරු පන්තියේ හෝටල්හි ප්‍රධාන තනතුරු උසුලා ඇති ඒ මහතා City of Dreams Sri Lanka සමඟ එක්වීමට පෙර The Kingsbury Colombo හි සේවය කර ඇත.

Cantonese, Szechuan, Huaiyang, Beijing, Shanghai සහ Hunan ඇතුලු චීන ආහාර වර්ග පිසීම පිළිබඳව මනා දැනුමක් හා හැකියාවක් සහිත සූපවේදී Panwang රසවත් ආහාර පිළියෙල කිරීමේදී පාරම්පරික හා නවීන සූපවේද ක්‍රමයන් අනුගමනය කිරීම විශේෂත්වයකි. තවද ඔහු සතු එළවලු හා පළතුරු නිර්මාණ සකස් කිරීමේ විශේෂ හැකියාව තුලින් ආහාර වේලකට කලාත්මක බවක් එක් කිරීමටද හැකි වේ.

මෙම නව පත්වීම නිසාම හෙට දවසේ City of Dreams Sri Lanka හි Spice 8 වෙත පැමිණෙන සියලු අමුත්තන්ට ආසියානු රසය සහිත පනීන ආහාර වේලක් රස විඳීමේ අවස්ථාව මෙන්ම රසය, ගුණාත්මක බව මෙන්ම නිර්මාණශීලීත්වයෙන් සමඟින් ප්‍රණීත චීන ආහාර සංස්කෘතියක අත්දැකීම විඳ ගැනීමටද හැකි වනු ඇත.

කොළඹ සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් වෙනුවෙන් කටයුතු කරන City of Dreams Sri Lanka මෙම නවතම පත්වීම තුලින් ලොව දක්ෂයින් මෙරට සංචාරක කර්මාන්තයට දායක කර ගැනීම සඳහා වන සිය කැපවීම ප්‍රදර්ශනය කළ අතර එය අමුතන්නට ආහාර වේලකට එහා ගිය අමතක නොවන අත්දැකීමක් බවට පත්වනු නොඅනුමානය.

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉහළ...
இலங்கையில் மருந்து உற்பத்தியை வலுப்படுத்துவதற்கு கைகோர்க்கும்...
கல்வி மற்றும் சுகாதாரத் துறையில் புதிய...
உணவு மேசையில் குடும்பங்களை ஒன்றிணைக்கும்‘TikTok அப்பா’
Mahindra Ideal Finance කොළඹ ප්‍රධාන...
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன்...
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன்...
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Perituza engages Sri Lanka’s agency...