Coca-Cola පදනම මඩකලපුව ප‍්‍රදේශයේ වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම හරහා ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ව සවිබලගන්වයි

Share

Share

Share

Share

Coca-Cola පදනම We Effect සමඟ එක්ව ශ‍්‍රී ලංකාවේ තිරසාර ජල කළමනාකරණයට සහාය වීම සඳහා නව ව්‍යාපෘතියක් දියත් කරයි. මඩකලපුව දිස්ති‍්‍රක්කයේ වැව් තුනක් ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් ඔවුන් සිය අරමුණ සාක්ෂාත් කර ගත් අතර තික්කනයි කුලම්, මානික්කම් කුලම් සහ තාමරයි කුලම් ලෙස නම් කර ඇති මෙම ප‍්‍රතිසංස්කරණය කරන ලද වැව් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය 2023 ඔක්තෝබර් 12 වන දින පළාත් පාලන නිලධාරීන්ගේ සහ ප‍්‍රජා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

‘’Our Actions Our Future’’ ලෙස හඳුන්වන මෙම ව්‍යාපෘතිය 2021 වසරේ සිට ක‍්‍රියාත්මක වන අතර වැව් පිළිසකර කර ඒවාට නැවත ජලය එක් රැුස් කිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම යන ප‍්‍රධාන අංශ තුන කෙරෙහි මූලික අවධානය යොමු කරයි. එම ව්‍යාපෘතිය තුළින් මඩකලපුවේ අඩු ආදායම්ලාභී පවුල් 1700කට වැඩි පිරිසකගේ කෘෂිකාර්මික ජල අවශ්‍යතාවය සපුරාලයි. මෙම මෙහෙයුමේ තවත් පියවරක් ලෙස, ප‍්‍රතිසංස්කරණ කටයුතු මගින් තික්කනයි කුලම්, මානික්කම් කුලම් සහ තාමරයි කුලම් යන වැව් තුනේ ඒකාබද්ධ ජල ධාරිතාව ඝන මීටර් 533,400 කින් වැඩි කරන ලදී.

තවද, මෙම ව්‍යාපෘතියට සමගාමීව කාන්තාවන්ට නායකත්ව භූමිකාවන් වෙත යාමට අවශ්‍ය කුසලතා පිළිබඳව අවබෝධයක් ලබාදුන් අතර මෙම වැඩසටහන හරහා සැලකිය යුතු ප‍්‍රතිඵල රැසක් අත්කර ගෙන ඇත. වැව් තුනක් ප‍්‍රතිසංස්කරණය කිරීම හරහා කෘෂිකාර්මික ජල අවශ්‍යතාවය සපුරාලීම, පවුල් 1,000 කට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීම, ව්‍යාපාර දියුණු කිරීමට සහ ආර්ථිකය සඳහා අත්වැලක් වීමට කාන්තාවන් සවිබලගැනවීම ඒ අතර ප‍්‍රධාන වෙයි. එමෙන්ම තෝරාගත් ප‍්‍රජාවන්ට කසළ එක්රැස් කිරීමේ රැකියා අවස්ථා හදුන්වාදෙමින් කසළ කළමනාකරණ පිළිවෙත් යතාර්ථවත් කරන අතරතුරම ග‍්‍රාමීය ජනතාවට අමතර ජීවනෝපායක් ද සලසා දෙන ලදි.

මඩකලපුවේ අතිරේක දිසාපතිවරියක් ලෙස කටයුතු කරන විශේෂ ආරාධිත අමුත්තියක වන සුතර්සිනී ශ‍්‍රීකාන්ත් මහත්මිය මෙම වැඩපිළිවෙළ අගය කළ අතර අනෙකුත් සමාගම් ද එවැනි දැක්මක් සහ උපාය මාර්ග අනුගමනය කිරීමට උනන්දු කළාය. මෙම ව්‍යාපෘතිය තිරසාර සංවර්ධනය පිළිබඳ ඉලක්කය සමඟ පෙළගැසෙන අතර තිරසාර අනාගතයක් සඳහා වන තීරණාත්මක පියවරක් බව ඇය අවධාරණය කළාය. මෙම සත්කාරය වෙනුවෙන් We Effect, AHAM සහ Coca-Cola පදනම වෙත ඇයගේ කෘතඥතාව පළ කළ අතර, තිරසාර සහ සමෘද්ධිමත් අනාගතයක් තිළිණ කිරීමට එක්ව කටයුතු කරන ලෙස ඇය සැමගෙන් ඉල්ලා සිටියාය.

We Effect හි ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ Nina Larrea මෙම ව්‍යාපෘතිය මඩකලපුව කලාපයට කෙතරම් ධනාත්මක බලපෑමක් කර තිබේද යන්න ප‍්‍රකාශ කළාය. Coca-Cola පදනම සමඟ ඇති සහයෝගීතාවය සුබවාදී වෙනසක් සඳහා ශක්තිමත් බලවේගයක් වී ඇති බව ඇය සඳහන් කළාය. පිරිසිදු ජල අවශ්‍යතාවය සපුරාලීම සහ කාන්තා ව්‍යවසායකයින් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම හරහා මෙම ව්‍යාපෘතිය තිරසාර අනාගතයක් සඳහා මං පෙත් විවර කරන බව ඇය සඳහන් කළාය.

ACTED සහ We Effect සමඟ එක්ව, Coca-Cola පදනම ශ‍්‍රී ලංකාවේ වැදගත් ජල සුරක්ෂිත ව්‍යාපෘති භාරගෙන ඇත. 2018 දී ACTED සහ Coca-Cola පදනම එක්ව මොණරාගල දිස්ත‍්‍රික්කයේ ගලහිටිය ගම්මානයේ සමෘද්ධි වැව ප‍්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළහ. මෙම ව්‍යාපෘතිය මඟින් දළ වශයෙන් පවුල් 400කට සහ දේශීය ගොවීන් 1,700කට වාරිමාර්ග ප‍්‍රවේශය වැඩිදියුණු කළ අතර, විශේෂයෙන් දේශීය කාන්තා ගොවීන්ට ප‍්‍රතිලාභ සැලසෙන ගොවිබිම් අක්කර 250ක පමණ වපසරියක වසර පුරාම වගා කිරීම සඳහා අවස්ථාව ලබාදුනි. එම වසරේම, We Effect, Coca-Cola පදනමේ සහයෝගය ඇතිව, අනුරාධපුර තම්මැන්නාව සහ ඇල්පත්වැව වැව් ප‍්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කරන ලදී. මෙම ප‍්‍රයත්නය මගින් ජලය ලබා ගැනීමේ හැකියාව සහ ගුණාත්මක බව වැඩි කළා පමණක් නොව තම්මැන්නාව ගම්මානයේ කාන්තාවන් සවිබල ගැන්වීමට ද හැකි විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, කෘෂිකාර්මික නිෂ්පාදනය අක්කර 180 කට වඩා දෙගුණයක් වූ අතර, ග‍්‍රාමීය ප‍්‍රජාවන් සඳහා ඉහළ ආදායමක් සහ දියුණු ජීවන තත්වයක් ලගාකර ගැනීමට හැකි විය.

Coca-Cola පදනමේ සභාපති Saadia Madsbjerg, පරිසරය සහ සමාජය වෙනුවෙන් වූ සිය කැපවීම අවධාරණය කළාය. මෙම ජලය සංරක්ෂණ ව්‍යාපෘති සඳහා දක්වන දායකත්වය පිළිබඳව හවුල්කාරී ආයතන වෙත ඇය කෘතඥතාව පළ කළාය. මෙම සහයෝගීතාවයන් ජල අවශ්‍යතා සපුරාලීමට උපකාරී වනු ඇතැයි ඇය විශ්වාස කරන අතර අවසානයේදී සෑම කෙනෙකුටම තිරසාර ජල සම්පතක් තිළිණ කිරීම සිය අභිප‍්‍රාය බව ඇය ප‍්‍රකාශ කළාය.

Coca-Cola පදනම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාවන් තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට කැපවී සිටී. මෙම ව්‍යාපෘතිය පරිසරය, සමාජය සහ ඔවුන් සේවය කරන ප‍්‍රජාවන්හි ජීවන තත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් වූ ඔවුන්ගේ කැපවීමට සාක්ෂි සපයයි. එමෙන්ම මඩකලපුව වැව් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන හරහා සැමට තිරසාර අනාගතයක් උදාකිරීම වෙනුවෙන් වූ Coca-Cola හි කැපවීම මනාව විදහා දක්වයි.

Coca-Cola සමාගම ක‍්‍රියාත්මක සහ එහි සාමාජිකයින් ජීවත් වන හා වැඩ කරන ලොව පුරා රටවල ප‍්‍රජාවන් අතර වෙනසක් ඇති කිරීම Coca-Cola පදනමෙහි අරමුණයි. සංකීර්ණ ගෝලීය අභියෝගයන්ට මුහුණ දෙන හා සුළු හා කල්පවතින බලපෑමක් ඇති කරන පරිවර්තනීය අදහස් හා ආයතන සඳහා එහි සහයෝගය ලබා දෙයි. සුරක්ෂිත ජලය වෙනුවෙන් තිරසාර ප‍්‍රවේශය, දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ ආපදා අවදානම් සඳහා වන සූදානම හා ප‍්‍රතිචාර දැක්වීම, චක‍්‍රීය ආර්ථිකය, ආර්ථික සවිබල ගැන්වීම සහ ග‍්‍රාමීය ප‍්‍රජාවට බලපාන හේතු කෙරෙහි සහයෝගය දීමට එම පදනම අවධානය යොමු කොට ඇත. ආරම්භය සටහන් වූ 1984 වසරේ සිට Coca-Cola පදනම ලොව පුරා ප‍්‍රජාවන් ශක්තිමත් කිරීම සඳහා වන එහි අරමුණ වෙනුවෙන් ඩොලර් බිලියන 1.5කට අධික පරිත්‍යාගයක් සිදු කොට ඇත.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...