GSP +සහනය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා නව සැලසුමක් නව වැඩපිළිවෙලක් අප විසින් රජයට යෝජනා කර තිබෙනවා

Share

Share

Share

Share

ෆිීලික්ස් ප්‍රනාන්දු – නියෝජ්‍ය සභාපති ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය

1.Global integrity report හි සඳහන් වන බව පවසමින් ඇඟලුම් කර්මාන්තයේ අපනයන ඉපැයුම් නැවත ශ්‍රී ලංකාවට මුළුමනින්ම නොපැමිණෙන බවත් යම් ප්‍රතිශතයක් විදේශයන්හි රඳවා තබා ගන්නා බවටත් චෝදනාවක් එල්ල වුනා මේ පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ නිල ස්ථාවරය කුමක්ද ?

මෙම චෝදනාව පදනම් විරහිත මෙන්ම කරුණු පිළිබඳව අවබෝධයෙන් තොරව එල්ල කරන චෝදනාවක් ලෙස සඳහන් කළ හැකියි. බොහෝ විට අපනයන සමාගම් වැඩි සංඛ්‍යාවක් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි බැවින් අප විසින් සිදුකරන ආනයන, අපනයන හා ප්‍රේෂණ පිළිබඳව සියලු දත්ත ආයෝජන මණ්ඩලයට අප විසින් ලබා දී තිබුණා. මීට අමතරව ශ්‍රී ලංකා රේගුව සතුව අපනයන සමාගම්වල ආනයන සහ අපනයන දත්ත තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැකුව විසින් වර්තමානයේ හඳුන්වාදෙනු ලැබූ රෙගුලාසි වලට අනුව දින 180ක් ඇතුලත අපනයන ආදායම් මෙරටට ගෙන ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ සෑම සාමාජිකයකුම කටයුතු කරන බව ස්ථිරව පැවසිය හැකියි. වර්තමානයේ බලපවත්වන රෙගුලාසි ගෙන ඒමට පෙර පැවති රෙගුලාසි වලට අනුව 2020 වසරේ ක්‍රියාත්මක කල නොම්මර 2184/21ට අනුව සෑම කාර්තුවක් සඳහාම අපනයනය භාණ්ඩ සහ අපනයන ආදායම් වර්තාවක් ලබා දිය යුතු වෙනවා. අපනයන ආදායම් නැවත ශ්‍රී ලංකාවට ගෙන එන්නේ නැති අපනයනකරුවන් සිටී නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට නීති රටේ අවශ්‍ය තරමට තිබෙනවා.

2.පවතින ආර්ථික අර්බුදය හමුවේ කුඩා හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් ව්‍යවසායකයින් දැඩි අභියෝගයන්ට මුහුණ දී ඇති බව නොරහසක් . මේ පිළිබඳව පවතින සත්‍ය තත්වය මොකක්ද
ඇඟළුම් සඳහා ඉල්ලුමේ යම් අඩුවක් ඇති බව අපට පෙනෙන්නට තිබෙනවා. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ විශේෂයෙන්ම අපගේ ප්‍රධාන ගැනුම්කරුවන් වන ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමයේ රටවල පවතින අයහපත් ආර්ථික තත්වය අපගේ ඇඟලුම් ඉල්ලුම සඳහා සැලකියයුතු බලපෑමක් එල්ල කර තිබෙනවා. විශේෂයෙන් ඉල්ලුම අඩු වන විට නිෂ්පාදිත ඇඟළුම් තොග, අපගේ ගැණුම්කරුවන්ගේ ගබඩාවන් තුළ ගොඩගැසෙන අතර අලුත් ඇනවුම්වලට අදාල කටයුතු ඇරඹීම ප්‍රමාද වෙනවා. මේ අර්බුදය අප විසින් නිර්මාණය කරන ලද්දක් නොවන නිසා නිසැක වශයෙන්ම සුලු මධ්‍ය සහ මහාපරිමාණයේ සියලු ඇඟලුම් නිෂ්පාදකයන් මේ අභියෝගයන්ට මුහුණ දී සිටිනවා. ඒ වගේම මෙරට බැංකු පොළී අනුපාතයන් ඉහයළ යෑම නිසා එහි බලපෑම සෘජු ලෙසම කුඩා පරිමාණයේ ඇඟළුම් නිෂ්පාදකයින්ට බලපානවා. කෙසේ වූවත් මේ තත්වය තවත් මාස 5ක් හෝ 6ක කාලයක් පවතීනු ඇතැයි සිතිය හැකියි. විශේෂයෙන්ම පාරිභෝගික ඉල්ලුම වැඩි වී නිෂ්පාදනය කළ ඇඟලුම් තොග ක්‍රමානුකූලව වෙළෙඳපොළට පැමිණීමෙන් මේ තත්වය සමනය විය හැකියි. ඇඟලුම් සඳහා පවතින ඉල්ලුම මේ ආකාරයට ඉහළ පහල යෑම නිරතුරුව සිදු වෙනවා. කෝවිඩ් අවස්ථාවේදී මේ ආකාරයටම ඇඟලුම් සඳහා පවතින ඉල්ලුම අඩු වුනා.

3. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් කම්හල් කොපමණ සංඛ්‍යාවක් වැසී ගියාද ? කොපමණ රැකියා සංඛ්‍යාවක් අහිමි වූවාද ?
ඇඟළුම් සඳහා පවතින ඉල්ලුම 25%කින් පමණ අඩු වී ගිය අතර සුළු හා මධ්‍යම මෙන්ම මහ පරිමාණයේ සමාගම් සියල්ලම මේ තත්වය යළි යහපත් අතට පත් කර ගැනීම සඳහා උපරිම උත්සාහයක් ගනු ලැබුවා. වැසී ගිය කම්හල් සහ රැකියා අහිමිවීම් පිළිබඳ නිෂ්චිත දත්තයන් අපට වාර්තා වී නැති නමුත් සියලු දෙනාටම බලපා ඇති මෙම තත්වය යළි නිසි මාවතට ගැනීම සඳහා අපට කළ හැකි සියලුම ක්‍රියාමාර්ග මේවන විටත් ගෙන ඇති බව කියන්න පුළුවන්. සමහර ආයතන තාවකාලිකව වසා තිබෙන බව ඇත්තක්. එමෙන්ම ඇතැම් ආයතන සතියට දින දෙක තුනක් වැඩකරන අතර මාසික වැටුප ගෙවනවා. සුළු හා මධ්‍ය පරිමාණයේ ආයතන වලට තාවකාලිකව කෝවිඩ් කාලයේ මෙන්ම ආයතන තාවකාලිකව වසා ඇති කාලය තුළ කම්කරු කොමසාරිස්තුමාගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව වැටුපෙන් 50%ක් එම ආයතනයන් හි සේවක මහත්ම මහත්මීන්ට ගෙවීම් සිදු කළා.

4. ඇමරිකාව සහ යුරෝපය මුහුණදී ඇති උද්ධමනකාරී තත්වය සහ එම රටවල ආර්ථිකයේ පසුබෑම ශ්‍රී ලංකාවේ ඇඟළුම් අපනයනයන්ට බලපෑම් කර ඇත්තතේ කෙසේද ?

ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා ආර්ථිකයන්හි උද්ධමනය ඉහළ යෑම මගින් ඇති කර ඇති පීඩනය හමුවේ අපගේ ඇඟලුම් සඳහා පවතින ඉල්ලුම සැලකිය යුතු මට්ටමකින් අඩුවීමට මේතත්වය සෘජුව බලපා තිබෙනවා. භාණ්ඩ හා සේවා මිල ඉහළ යන විට ඊට මුහුණ දීම සඳහා පාරිභෝගිකයින් සිය වියදම් අවම කරන අතර මේ තත්වය ඇඟලුම් ඉල්ලුමට දැඩි බලපෑමක් එල්ල කරනවා. මේ නිසා විවිධ සන්නාමයන් යටතේ අප විසින් නිෂ්පාදනය කරන ඇඟළුම් තොග විකුණා ගැනීමට නොහැකිව ඉතිරිවන තත්වයක් තුළ නව ඇනවුම් ලබා දීමට ඇඟළුම් සන්නාමයන් කටයුතු කරන්නනේ නැහැ. මේ තත්වය අපගේ කර්මාන්තය පවත්වාගෙන යෑම කෙරෙහි දැඩිව බලපානවා. මෙහි බලපෑම සඳහන් කරනවා නම් මේ තත්වය හේතුවෙන් පසුගිය වසර සමග සැසඳීමේදී අපගේ නිෂ්පාදන මේ වසරේදී මුල් මාස 4 තුළ 15%ක අඩුවීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ඇඟළුම් වලින් 12%ක්, යුරෝපා සංගමයට 13%ක්, මහා බ්‍රිතාන්‍ය වෙත යැවෙන ඇඟළුම් වලින් 10%ක් පමණ අඩු වී තිබෙනවා. මේ තත්වය 25% දක්වා වැඩි වනු ඇති බව අපගේ පුරෝකථනයයි.

5.GSP + තීරුබදු සහනය යළි ශ්‍රී ලංකාවට හිමිවේද ? ඒ පිළිබඳව දැනට තිබෙන තත්වය කුමක්ද ?

දැනට පවතින වරණීය තීරුබදු සහනය 2023 වසරේදී නිමාවීමට නියමිතව ඇතත් තාක්ෂණික කරුණු මත 2025 වසර දක්වා ක්‍රියාත්මක වන නමුත් ඉන් අනතුරුව මේ සහනය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා නව සැලසුමක් නව වැඩපිළිවෙලක් අප විසින් රජයට යෝජනා කර තිබෙනවා. මේ වැඩපිලිවෙලට කඩිනමින් අනුගත වෙමින් ඇමරිකා එක්සත් ජනපදයට හා යුරෝපා සංගමය සමග නිරතුරුව සම්බන්ධතා පවත්වාගෙන යෑමට අපගේ පාර්ෂවයෙන් සිදු කළ හැකි හැම කටයුත්තක්ම අප විසින් සිදු කර තිබෙනවා.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...