HNB, ඔබේ අවශ්‍යතාව පරිදි බැංකු කටයුතු සිදු කර ගැනීමට ‘HNB Self-Onboarding’ හඳුන්වා දෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන්ගේ පහසුව ඉහළ නැංවීම වෙනුවෙන් HNB Self-Onboarding සේවාව හඳුන්වාදෙමින් තවත් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ තුළින් සම්පූර්ණයෙන් අන්තර්ජාලය හරහා HNB ගිණුමක් විවෘත කිරීමේ අවස්ථාව ලබා දෙමින් පරිවර්තනීය ඩිජිටල් බැංකුකරණ විසඳුමක් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට HNB සමත් විය.

සම්පූර්ණයෙන් දේශීයව නිර්මාණය කර ඇති MilleniumIT ESP සමඟින් සංවර්ධනය කරන ලද HNB ඩිජිටල් බැංකුකරණ විසඳුම තුළින් ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේම කොන්දේසි යටතේ බැංකු කටයුතු සිදු කර ගැනීමට මේ තුළින් අවකාශය ලබා දෙයි. එසේම ගනුදෙනුකරුවන් වෙත නවතම අත්දැකීමක් වන මෙම පහසුකම හේතුවෙන් බැංකු ශාඛාවන් වෙත පැමිණීමකින් තොරව තමන් සිටින තැනක සිට බැංකු කටයුතු සිදු කර ගැනීමේ අවස්ථාවද හිමි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා “ඕනෑම පාරිභෝගිකයකුට සම්පූර්ණයෙන් දුරස්ථව සිට අපගේ සේවාවන් වෙත පිවිසීමේ හැකියාව ලබා දෙන පෙරළිකාර විසඳුමක් ලෙස HNB Self-Onboarding පහසුකම හඳුන්වා දිය හැකියි. බැංකුවේ ඩිජිටල් ගමනේ පමණක් නොව ශ්‍රී ලංකාවේද සුවිසල් ඉදිරි පියවරක් වන එය ශ්‍රී ලංකාවේ හෝ ලොව කුමන රටක සිටියත් තමන්ගේ කොන්දේසි මත බැංකු කටයුතු සිදු කර ගැනීමට අපගේ අනාගත ගනුදෙනුකරුවන් වෙත අසමසම පහසුවක් අත් කර දෙනවා.

“අප විසින් හඳුන්වාදෙනු ලැබූ මෙම නවතම පහසුකම සරල, ශක්තිමත්, විශ්වසනීය හා ආරක්ෂිත සේවාවක් ලෙස හඳුන්වා දිය හැකි අතර ඊට වත්මන් වෙළෙඳපොල තුළ ඇති වඩාත් පුළුල් ස්වයං සේවාවන් ඇතුළත් කර තිබෙනවා. ඔබ දුර බැහැර ප්‍රදේශයක, විදේශ රටක ජීවත් වන ගනුදෙනුකරුවකු වුවද, කාලය හා ශ්‍රමය ඉතිරි කර ගැනීමට අවශ්‍ය ගනුදෙනුකරුවකු වුවද උපරිම ප්‍රතිඵල ලබා ගත හැකි මෙම සේවාව භාවිත කරමින් HNB හි නව ගිණුමක් ආරම්භ කිරීමට අප සමඟ එක් වන මෙන් සියලු දෙනාට ආරාධනා කිරීමට කැමතියි.” යනුවෙන් පවසා සිටින ලදී.

මෙම HNB Self-Onboarding පහසුකම තුලින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ HNB ගිණුම හා සම්බන්ධ සේවාවන් සමඟ බාධාවකින් තොරව ලියාපදිංචි වීමේ අවස්ථාවද සලසා දෙයි. ඊට ලේඛණ කටයුතු හෝ ශාඛාවන් වෙත පිවිසීම අවශ්‍ය නොවන අතර මූලික ලියාපදිංචියේ සිට ගිණුම් සක්‍රීය කිරීම දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය පැය 24ක් ඇතුළත සිදු කර ගැනීමේ හැකියාවද මේ තුළින් උදා කර දී ඇත.

ගනුදෙනුකරුවන්ට අන්තර්ජාලය හරහා තමන්ගේ තොරතුරු ඉදිරිපත් කළ හැකි අතර ඔවුන්ගේ පහසුව වෙනුවෙන් බැංකු නියෝජිතයින් විසින් ලබා දෙන එම සේවාවන් තහවුරු කිරීමේ වීඩියෝ ඇමතුමක් උපයෝගී කර ගැනීමටද ඔවුන්ට හැකියාව ඇත. එම සේවාවන් අනුමත කිරීමෙන් පසු ගනුදෙනුකරුවන් හට ඔවුන්ට හිමි ගිණුම් අංකය හිමිවන අතර HNB හි සියලු සාමාන්‍ය ඩිජිටල් සේවාවන් හරහා බැංකු සේවාවන් රැසක් අත්විඳීමටද එතැන් සිට අවස්ථාව උදා වේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු ගනුදෙනුකරුවන් හට https://cx-selfonboarding.hnb.lk/ වෙතින් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

Experiencing the Sinhala and Tamil...
Ceylon Tobacco Company PLC appoints...
නවෝත්පාදනය සහ උරුමය තුළින් අග්‍රගන්‍ය...
HNB FINANCE PLC, BMPC 2026...
E. B. Creasy & Co.,...
ITC Ratnadipa, the Jewel of...
නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu...
2026 Huawei IP සමුළුවේදී ශ්‍රී...
ITC Ratnadipa, the Jewel of...
නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu...
2026 Huawei IP සමුළුවේදී ශ්‍රී...
Coca-Cola “Real Magic” සමඟින් 2026...