HNB, ශ්‍රී ලංකාවේ පැවති ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ කෙටි කාලීන සම්මන්ත්‍රණය හා නිරීක්ෂණ චාරිකාව සාර්ථකව අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ ඒ වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමිනි. ආසියානු බැංකුකරුවන්ගේ සංගමය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකේය බැංකුකරුවා වන HNB සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරනත්රයෙන් කටයුතු කරන අපගේ උත්සාහයට සුවිසල් ශක්තියක් හා මග පෙන්වීමක් ලබා දෙමින් වටිනා අදහස් හා තාක්ෂණික තොරතුරු අප සමඟ බෙදා හදා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ නියෝජිතයින්ට, රාජ්‍ය අංශයේ පාර්ශවකරුවන්ට අපගේ ස්තුතිය මේ මොහොතේ පුද කිරීමට කැමතියි.” යනුවෙනි.

තායිවානය, නේපාලය, මාලදිවයින සහ ඉරානය යන රටවල ප්‍රමුඛ පෙළේ බැංකු සහ මෙන්ම ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙකු නියෝජනය කරමින් නියෝජිතයින් 17 දෙනෙකු සහභාගී වූ මෙම සමුළුව අරමුණ වූයේ සාමාජික බැංකුවලට වඩාත් දියුණු සේවාවක් ලබා දෙන බැංකුවල මෙහෙයුම් හා පහසුකම් අංශ පිළිබඳව අධ්‍යයනය කිරීමේ හා පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමයි.

දෙදින වැඩසටහනක් ලෙස ආරම්භ වූ මෙම සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කිරීම් රැසක් සමඟින් දැනුම බෙදාහදා ගැනීමේ සැසියක්ද පැවැත්විණි. එහිදී මූල්‍ය මෙහෙයුම්, ඩිජිටල් පරිවර්තන, ඩිජිටල් නාලිකා සහ සයිබර් අවදානම් කළමනාකරණය වැනි විෂයන් පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

මෙහි තවත් විශේෂත්වයක් වූයේ ණය පරිපාලන අංශය, මධ්‍යගත මෙහෙයුම් අංශය, අභිලාෂ මධ්‍යස්ථානය සහ සම්බන්ධතා මධ්‍යස්ථානය යන අංශවල සාර්ථකත්වය අධ්‍යයනය කිරීම ඇතුළු HNB හි ඩිජිටල් විශිෂ්ටත්වය අත් විඳීමේ අවස්ථාවක්ද සහභාගී වූවන්ට සලසා දී තිබීමයි.

තවද Lanka Clear ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් Lankapay ජාතික ගෙවීමේ වේදිකාව හරහා ශ්‍රී ලංකා ආර්ථිකයේ ඩිජිටල් ගෙවීමේ යටිතල පහසුකම් ස්ථාපිත කිරීමේ සාර්ථකත්වය පිළිබඳවද මෙහිදී තොරතුරු ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම සිය ප්‍රධාන කාර්යාලීය ඉදිරිපත් කිරීමක් වෙනුවෙන් ණය තොරතුරු කාර්යාංශයට පැමිණි එම නියෝජිතයින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දියුණුව සහ එහි කාර්යභාරය පිළිබඳ වර්තමාන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයාද මුණ ගැසිණි.

 

 

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...