HNB සමූහය පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 18.8ක බදු පසු ලාභයක් වාර්තා කරයි

Share

Share

Share

Share

හැටන් නැෂනල් බැංකුව 2023 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 26.3 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 16.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර අදාල කාල සීමාව සඳහා HNB සමූහය පිළිවෙලින් රුපියල් බිලියන 29.0 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 18.8ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

පළමු මාස 9 සඳහා ලබා ගත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ ‘‘ විවිධ සාර්වආර්ථික ක‍්‍රියාමාර්ග තුළින් ශ‍්‍රී ලංකාව මෙම වසරේදී සැලකිය යුතු ප‍්‍රගතියක් පෙන්නුම් කර තිබෙන අතර නැවත යථා තත්වයට පත් වෙමින් තිබෙනවා. අභියෝග මධ්‍යයේ වුවද රටේ අනාගතය දෙස අප සුබවාදීව බලා සිටින අතර මෙරට ප‍්‍රමුඛතම බැංකුවක් ලෙස අපගේ තැන්පතු ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 1.5 ක් ඉක්මවා ඇති බව ප‍්‍රකාශ කිරීමට ලැබීම අපට ඉමහත් සතුටක්. 2021 ජුනි මාසයේ සිට තැන්පතුවල රුපියල් බිලියන 500ක වර්ධනයක් අත්කරගෙන තිබීම මෙහිදී විශේෂයෙන් සඳහන් කිරීමට කැමතියි. ඒවගේම මෙවැනි ආර්ථික වශයෙන් දැඩි අභියෝගාත්මක කාල පරිච්ෙඡ්දයක් මධ්‍යයේ වුවද අපගේ වටිනා පාරිභෝගිකභවතුන් අප කෙරෙහි තැබූ අචල විශ්වාසය වෙනුවෙන් ඔවුන්ට කෘතඥ වනවා.’’ යනුවෙනි.

තුන්වන කාර්තුවේදී පොලී අනුපාත තියුනු ලෙස පහත වැටීම හේතුවෙන් බැංකුවේ පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව පළමු මාස නවය තුළ 63.5%කින් වර්ධනය වී රුපියල් බිලියන 220.7ක් විය. පොලී වියදම පසුගිය වසරට සාපේක්ෂව 115% කින් ඉහළ ගිය අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ශුද්ධ පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 17.1% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 83.2 දක්වා වර්ධනය විය. බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 6.3%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 11.7 ක් වූ අතර එයට ප‍්‍රධාන වශයෙන් කාඞ්පත් සහ ඩිජිටල් ගනුදෙනුවල වර්ධනය හේතු විය. මෙම කාල සීමාව තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියලේ අගය 12% කින් පමණ අධිප‍්‍රමාණය වීම හේතුවෙන් මෙම මාස නවය සඳහා බැංකුවට රුපියල් බිලියන 2.5 ක විනිමය අලාභයක් සිදු විය.

HNB 4.9% ක net stage 3 අනුපාතයක් සහ 50.7% ක stage III ප‍්‍රතිපාදන ආවරණයක් සමඟින් කර්මාන්තය හා සසඳන විට වත්කම්වල ඉහළ ගුණාත්මකභාවය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත්ව ඇත. 2023 මුල් මාස නවය තුළදී බැංකුව විසින් රුපියල් බිලියන 32.4 ක සමස්ත හානි පූරණ ගාස්තුවක් වෙන් කර ඇත. මෙම හානි පූරණ ගාස්තුවට ණය සහ අත්තිකාරම් මෙන්ම බැංකුව සතු විදේශ විනිමයවලින් ආයෝජනය කර ඇති රජයේ සුරැකුම්පත් ඇතුළත් විය.

මූලික වශයෙන් උද්ධමන පීඩනය හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙහෙයුම් වියදම් 16.1%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 26.5 ක්ව තිබියදීත් මාස නවය සඳහා HNB හි ආදායමට පිරිවැය අනුපාතය 28.5%ක් විය.

ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහහස් දක්වමින් HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ‘‘අභියෝගාත්මක කාලවලදී බැංකුව විසින් ගනු ලැබූ පූර්ව සහ දුරදර්ශී ක‍්‍රියාමාර්ග හේතුවෙන් මාස නවයක කාලය තුළ ලබා ගත් මෙම ශක්තිමත් කාර්ය සාධනය පිළිබඳව අප සතුටු වනවා. අභියෝග රැසක් මධ්‍යයේ අඛණ්ඩ කැපවීමෙන් සහ ධෛර්යයෙන් යුතුව කටයුතු කළ HNB හි සමස්ත කණ්ඩායමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි.’’

‘‘බැංකු ක්ෂේත‍්‍රය මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින් විදේශ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඉක්මනින් අවසන් වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. බැංකු ක්ෂේත‍්‍රය 2022 වසරේ සිට රුපියල් බිලියන 580කට ආසන්න ප‍්‍රමාණයක සැලකිය යුතු අලාභයක් අත්විඳ ඇති අතර ක්ෂේත‍්‍රයට අදාල වන බදු අනුපාතිකය 50%කට වඩා ඉහළ ගොස් තිබෙනවා. බැංකු ක්ෂේත‍්‍රයේ ස්ථාවරත්වය සහ ප‍්‍රාග්ධනය රැකගැනීම රටේ පුනර්ජීවනයට දායක වීම සඳහා ඉතා වැදගත්. රටේ වගකිවයුතු වැදගත් බැංකුවක් ලෙස මෙම පුනර්ජීවනය ඇති කිරීම සඳහා සහයෝගය ලබා දීමට අප ඉතා උනන්දුවෙන් බලා සිටිනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුටරත් පැවසුවේය.

 

 

LankaPay Technnovation Awards 2026 හිදී...
BYD ශ්‍රී ලංකාව තුළ වාහන...
TikTok releases Q4 2025 Community...
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ...
ITC Ratnadipa Presents The Art...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
புதிய வாகன மாடல்களுக்கான விரிவான லீசிங்...