HNB, “Anthem of the Seas” හි සංචාරයක් දිනාගත් ජයග්‍රාහකයා නිවේදනය කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයා බවට පත් වූයේ ඉසුරු අමරසේකර මහතායි. ඒ අනුව ඔහුට දකුණු ආසියාවේ විශාලතම සුඛෝපභෝගී මගී නෞකාවක් වන “Anthem of the Seas” හි දෙදෙනෙකු සඳහා සියලු වියදම් සහිතව අමතක නොවන සංචාරයක් අත්විඳීමට අවස්ථාව හිමිවනු ඇත.

මෙම ප්‍රවර්ධන වැඩසටහන 2024 නොවැම්බර් 5 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා HNB ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් සඳහා පැවැත්විණි. එහිදී එම කාලය සීමාව තුළ HNB ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කර සිදු කරනු ලැබූ ගෙවීම් මත පදනම්ව ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව හිමි විය. HNB ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් වියදම් කරන සෑම රුපියල් 10,000 කටම මහා දිනුම් ඇදීමට ඇතුළත් වීමේ අවස්ථාව හිමි වූ අතර අවසන් මහා දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට සියලු ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් විසින් මෙම ප්‍රවර්ධන කාල සීමාව තුළ අවම වශයෙන් රුපියල් 100,000ක ගනුදෙනු සම්පූර්ණ කළ යුතු විය. බැංකුවේ නිලධාරීන් සහ අදාළ පාර්ශවයන් ඉදිරියේ සිදු කළ විවෘත දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයා තෝරා ගන්නා ලද අතර ඒ අනුව සුඛෝපභෝගී මගී නෞකාවක ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබා ගැනීමට ඉසුරු අමරසේකර මහතාට හැකි වනු ඇත.

තම ජයග්‍රහණය පිළිබඳව ඉසුරු ඔහුගේ සතුට බෙදාහදා ගනිමින් පැවසුවේ “මම දැන් වසර ගණනාවක සිට HNB ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරනවා. මගේ වාහනේ සර්විස් කරන්න, එහෙම නැත්තම් ෂොපිං කරන්න, පිටරට සංචාරවලට සහ යහළුවන් හෝ පවුලේ අය සමඟ ගමන්බිමන් යන්න මේ සියලු දේවල්වලට මම භාවිත කරන්නේ HNB ක්‍රෙඩිට් කාඩ් එක. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල HNB ක්‍රෙඩිට් කාඩ්වලට විශේෂ දිමනා තිබුන නිසා මම HNB ක්‍රෙඩිට් කාඩ්පත පාවිච්චි කළා. මම කවදාවත් හිතුවේ නෑ මේ නිසා මටයි මගේ බිරිඳටයි ආසියාවේ විශාල නැවක සියලු වියදම් සහිතව සංචාරයක් දිනාගැනීමට හැකි වෙයි කියලා. ඒ ගැන ඇත්තටම සතුටුයි. ඉතිං මම ඔයාලට කියන්නෙත් HNB ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරන්න එයින් ඔබට සුවිශේෂී ප්‍රතිලාභ දිනා ගන්න පුළුවන්.” යනුවෙනි.

ජයග්‍රාහකයාට සුබ පතමින් HNB කාඩ්පත් ප්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය HNB කාඩ්පත් හිමියන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට බැංකුවේ කැපවීම නැවත අවධාරණය කළාය.

“HNB අප බැංකු අත්දැකීම වඩාත් ප්‍රතිලාභදායක කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා. මෙම සුපිරි ත්‍යාගය තුළින් පෙන්නුම් කරන්නේ මූල්‍ය සේවාවන්ට වඩා වැඩි යමක් පිරිනැමීමට බැංකුවේ කැපවීමයි. දෛනික අවශ්‍යතාවල සිට සුඛෝපභෝගී ගමන් බිමන් දක්වා, අපගේ කාඩ්පත් දීමනා අපගේ ගනුදෙනුකරුවන් සඳහා උපරිම වටිනාකමක් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා. ඉසුරු අමරසේකරට අපි සුබ පතන අතර ඉදිරියේදී වඩාත් ආකර්ෂණීය ප්‍රවර්ධන හඳුන්වා දීමට ද බලාපොරොත්තු වනවා.” යනුවෙන් ඇය පැවසුවාය.

මෙම සුඛෝපභෝගී මගී නෞකාවක සංචාරයක් දිනා ගැනීම HNB ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් සඳහා පැවති ප්‍රවර්ධන වැඩසටහනට ඇතුළත් විශේෂ ත්‍යාගයක් වූ අතර එමෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වටිනා වට්ටම් සහ ප්‍රතිලාභ ද හිමි විය. එහිදී දිවයින පුරා විසිරුණු වෙළෙඳ සන්නාම 300කට අධික ප්‍රමාණයක් වෙතින් එනම් පාරිභෝගික භාණ්ඩ, ආහාර, හෝටල් හා නවාතැන් පහසුකම් මෙන්ම නිවසට අවශ්‍ය විදුලි උපකරණ ඇතුළු තවත් බොහෝ දේ සඳහා 70%ක් දක්වා සුවිසල් වට්ටම් HNB කාඩ්පත් හිමියන්ට හිමි විය.

මෙම ප්‍රවර්ධන කාලය තුළ HNB කාඩ්පත් වෙත රක්ෂණ, අධ්‍යාපන හා රෝහල් සඳහා සිදු කරන ගෙවීම් සඳහා මාස 12ක් දක්වා පොලී රහිතව වාරික ගෙවීමේ හැකියාව ද ලබා දී තිබුණි. තවද HNB Prestige Prime කාඩ්පත්හිමියන් වෙත තෝරාගත් මෝටර් රථ අලෙවිකරුවන් වෙතින් 40%ක් දක්වා වට්ටම් හිමි කර දී තිබීමද විශේෂත්වයකි. මීට අමතරව Keells, Softlogic GLOMARK, Arpico Supercentre, Cargills, SPAR සහ LAUGFS වැනි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් වෙතින් ද HNB කාඩ්පත් හිමියන්ට සුවිසල් ප්‍රතිලාභ ලබා දීමට මෙම ප්‍රවර්ධනය කාලය තුළ කටයුතු කර තිබුණි.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...