JAAF, ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන නවතම අභියෝග හා අවස්ථා පිළිබඳ ක්ෂේත්‍ර සංවාදයක් මෙහෙයවයි

Share

Share

Share

Share

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මොනෑෂ් ව්‍යාපාරික පාසල සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) සමඟ එක්ව 2025 ඇඟලුම් කර්මාන්ත පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පසුගියදා කොළඹදී සාර්ථකව පවත්වන ලදී. 2018 වසරේදී පවත්වනු ලැබූ පළමු සම්මන්ත්‍රණයෙන් පසු එහි දෙවන වැඩසටහන වූ මේ තුළින් ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රයේ සහයෝගීතාව හා සංවාදය ඉහළ නැංවීම සඳහා JAAF හි කැපවීම පෙන්වීමට ද සමත් විය.

‘ඇඟලුම් කර්මාන්තයේ නවීන අභියෝග හා අවස්ථා’ යන තේමාව යටතේ තෙදින වැඩමුළුවක් ලෙස පවත්වනු ලැබූ මෙම සම්මන්ත්‍රණයේදී පාරිසරික, සමාජීය හා පාලන (ESG) ක්‍රමවේදයන් අනුව කටයුතු කිරීම, සංවෘත ආර්ථික උපායමාර්ග, තාක්ෂණික වැඩිදියුණු කිරීම් ඇතුලු ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳීම සඳහා කර්මාන්ත ප්‍රධානීන්, විද්වතුන් හා තිරසාර විශේෂඥයින්ද එක්ව සිටියේය.

ඔමේගා ලයින් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු, MAS හෝල්ඩින්ග්ස් හි සමූහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂිකා නෙමන්ති කූරගමගේ, පාලන සංගමය වෙනුවෙන් ගයාන් රණසිංහ, තිරසාර සංවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරීනී චමින්ද්‍රි සපරමාදු සහ KPMG Sri Lanka හි ප්‍රධාන හවුල්කාර පියුමි සුමනසේකර වැනි කර්මාන්ත නායක නායිකාවන් ‘ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්තමාන ක්‍රියාකාරීත්වය හා ESG ආශ්‍රිත ප්‍රතිඵල කෙරෙහි ඒවායේ බලපෑම’ පිළිබඳ කතාබහට එක් වීම විශේෂත්වයක් විය. ESG ප්‍රමිතීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ප්‍රවේශය, තිරසාර නිෂ්පාදන ක්‍රම ඉස්මතු කිරීම හා ගෝලීය නියාමන සැලසුම් ඉදිරිපත් කිරීම සඳහා කර්මාන්තය පියවර ගැනීම මෙම සාකච්ඡාවේදී අවධාරණය කරන ලදී.

නොබෙල් සම්මානලාභී මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් පවත්වන ලද ප්‍රධාන දේශනයක්ද මෙම සම්මන්ත්‍රයට ඇතුළත් වූ අතර එහිදී ඒ මහතා සමබර හරිත වර්ධනයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් කාබන් අවම කිරීම, සම්පත් – කාර්යක්ෂම නිෂ්පාදන ආකෘති අනුගමනය කරන ලෙස ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටින ලදී.

මෙහිදී මෙහෙයවනු ලැබූ අන්තර්ක්‍රියාකාරී වැඩමුළුවක් තුළින් කර්මාන්තයේ පාර්ශවකරුවන්ට ආරාධනා කර සිටියේ 2040 වසරේදී තමන් බලාපොරොත්තු වන ඇඟලුම් කර්මාන්තය පිළිබඳ දැක්මක් ගොඩනගා ගැනීම වෙනුවෙනි. එහිදී තිරසරභාවය, AI පදනම් කරගත් ස්වයංක්‍රීය මෙහෙයුම් සහ සැපයුම් දාමයේ පැවැත්ම ගොඩ නගා ගැනීමේ සැලසුම් එළි දැක්වීමටද ඔවුන් දිරිමත් කරන ලදී. “ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා අපට අවශ්‍ය සංවෘත අනාගතය හැඩගැස්වීම’ පිළිබඳ දැනුවත් කිරීමේ විද්වත් සාකච්ඡාවක්ද මෙහිදී පැවැත්විණ. මෙම විද්වත් සාකච්ඡාවේදී සංවෘත ඇඟලුම් කර්මාන්තයක් ගොඩනැගීමේදී මුහුණ දෙන අභියෝග හා අවස්ථා පිළිබඳව වැඩි දුර සොයා බැගීමටද ඔවුන් කටයුතු කරන ලදී.

උත්සවයේදී ක්‍රියාත්මක වූ ප්‍රධාන අවස්ථා සාරාංශ කරමින් එක්සත් රාජධානියේ Strathclyde විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව හා ව්‍යවසාය පිළිබඳ සහකාර ප්‍රධානී මහාචාර්ය Jillian MacBryde සඳහන් කර සිටියේ “ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ ඉතා පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමට අපට හැකි වුණා. එහි තේමාව බවට පත් වුණේ සංවෘත ආර්ථිකය සහ ESG මූල ධර්මයි. මේ සඳහා එක් වූ බොහෝ සමාගම් තම මෙහෙයුම්හිදී තිරසාර බව එක් කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇති අතර සාර්ථකත්වයට බාධා ඇති කරන බාහිර අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳව සිය අවධානය යොමු කර තිබෙනවා” යනුවෙනි.

නව්‍ය නිෂ්පාදන, ඔරොත්තු දීමේ හැකියාව සහ වගකීම් සහගත ව්‍යාපාරික භාවිතයන් සඳහා කර්මාන්තයේ ඉදිරි ගමන පිළිබඳව අවධානය යොමු කරමින් තිරසාර ඇඟලුම් නිෂ්පාදනයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකාවේ තත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සමුළුව හේතු විය.

BYD මඩකලපුවේ නව ප්‍රදර්ශනාගාරයක් විවෘත...
A Milestone Driven by Customer...
Samsung Sri Lanka Celebrates Retail...
Hyundai වාහන සඳහා සුවිශේෂී ලීසිං...
SHRM strengthens Sri Lanka presence,...
Momentro Expands AI-Led Impact Across...
Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon...
වේගවත් වර්ධනයක්, විශ්වාසවන්ත සේවාවක්: JKCG...
Momentro Expands AI-Led Impact Across...
Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon...
වේගවත් වර්ධනයක්, විශ්වාසවන්ත සේවාවක්: JKCG...
Kandy Myst by Cinnamon Presents...