රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life මෑතකදී සිය ජීවිත රක්ෂණ අංශයේ (Life Operations) මෙහෙයවීම යටතේ ‘දිට්වා’ සුළි කුණාටුවෙහි බලපෑමට ලක් වූ ග්‍රාමීය පාසලක් වන මහව/ බක්මීවැව ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රජා සත්කාරයක් ක්‍රියාවට නැංවීය.
දියුණුව සැමට විවෘත දෙයක් බවට පත් කරමින්, විශේෂයෙන්ම අඩු පහසුකම්ලාභී ප්‍රදේශවල වෙසෙන සිසු සිසුවියන් ඇතුළු සියලුම දෙනාට අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා උදා කර දීම සඳහා Janashakthi Life දරන උත්සාහයේ කොටසක් වශයෙන් මෙම ප්‍රජා සත්කාරමය මෙහෙවර ක්‍රියාවට නංවන ලදි. සුළි කුණාටුව නිසා සිදු වූ හානියෙන් අනතුරුව සිසු සිසුවියන් අධ්‍යාපනය සම්බන්ධයෙන් මුහුණ දී සිටි දුෂ්කරතා හඳුනාගෙන, ඔවුන්ට නැවතත් තම අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
මෙම ප්‍රජා සත්කාරය යටතේ Janashakthi Life විසින් පොත්පත්, පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය මෙන්ම Multimedia Projector යන්ත්‍රයක්ද පරිත්‍යාග ලදි. එය කුණාටුව නිසා ඇති වූ බලපෑම්වලින් මිදී නැවත අධ්‍යාපනයට සිත යෙදවීම සඳහා සිසු සිසුවියන් දිරිගැන්වීමක් මෙන්ම ඔවුන්ගේ පාසලේ පහසුකම් වැඩිදියුණු කිරීමක්ද විය.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් Janashakthi Insurance PLC සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය: “Janashakthi Life සෑමවිටම මූල්‍යමය රැකවරණයට සීමා නොවී, අපගේ සේවාවන් ලබාගන්නා ප්‍රජාවන් වෙනුවෙන් අර්ථවත් මෙහෙවරක නිරත වීමට උත්සාහ දරනවා. විශේෂයෙන්ම දුෂ්කර කාලවලදී අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වීම යනු අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. අපදාවකින් අනතුරුව ජීවිත නැවත යථා තත්වයට පත්කර ගැනීමට සැමට සමාන අවස්ථා හිමි විය යුතු බවත්, තමන්ගේ පාලනයෙන් පිටත පවතින දේවල් හේතුවෙන් සිදු වන බලපෑම් මඟින් කිසිදු දරුවෙකුට අසාධාරණයක් සිදු නොවිය යුතු බවත් අප තරයේ විශ්වාස කරනවා.”
ජීවිත රක්ෂණ මෙහෙයුම් අංශය විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනට Janashakthi Life කාර්ය මණ්ඩලයේ විවිධ අංශවල සේවය කරන විශාල පිරිසක් ඉතාමත් කැමැත්තෙන් දායක වූහ. මෙය ප්‍රජා සත්කරමය වැඩසටහන් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට සමාගමේ සියලුම දෙනා දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පෙන්නුම් කළ අවස්ථාවක් විය.
මෙම වැඩසටහන මඟින් ග්‍රාමීය ප්‍රජාවන්ට සිදු වූ යහපත විස්තර කරමින් සහකාර සාමාන්‍යාධිකාරී (ජීවිත රක්ෂණ මෙහෙයුම්) ෆාතිමා ආමීර් මහත්මිය මෙසේ පැවසුවාය: “සුළි කුණාටුවෙන් අනතුරුව මෙම සිසුන්ට පැනනැඟුණු අවශ්‍යතා සපුරාලීම සඳහා අප තුළ මතු වූ අවංක උනන්දුවෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුණා. අපගේ අරමුණ වූණේ පාසලේ දෛනික අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත්කරන අතරම සිසුන්ට සහ ගුරුවරුන්ට නැවත සාමාන්‍ය ජීවිතයට පිවිසීම සඳහා අත්වැලක් වීමයි. සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලය වෙතින් ලැබුණු නොමසුරු දායකත්වය නිසා මෙය සියයට සියයක්ම සාර්ථක කරගැනීමට අපට හැකි වුණා.”
මෙවැනි වැඩසටහන් ඔස්සේ වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස තම භූමිකාව තවදුරටත් ශක්තිමත් කරමින්, ප්‍රජා සංවර්ධනය තම මෙහෙයුම්වලට අනිවාර්ය අංගයක් බවට පත්කර ගනිමින්, අධ්‍යාපනය සහ දීර්ඝකාලීන සමාජ යහපැවැත්ම සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදීම Janashakthi Life හි අරමුණ වී තිබේ.





