MAS Holdings, AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

Share

Share

Share

Share

පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවති කිරීතිමත් AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී MAS Holdings ඉහළම රන් සම්මාන තුනක් දිනා ගනිමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මාන විශේෂයෙන් මූල්‍ය, තිරසාරභාවය සහ සියලු දෙනාටම සාධාරණ හා සමාන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම යන ක්ෂේත්‍රවල ආයතන සහ නායකයින්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ සැමරීම සඳහා ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ අනාගතය හැඩගැස්වීමට සහ වෙනසක් ඇති කිරීමට උපකාරී වන නව ව්‍යාපාරික නායකයින් සහ නවෝත්පාදන සමාගම් කෙරෙහි මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කර ඇත.

මෙහිදී MAS Holdings සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂ, සුරත් චන්ද්‍රසේන මහතා වසරේ ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO) සඳහා රන් සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම සමාගම විසින් වසරේ ESG/තිරසාරභාවය උදෙසා පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානය සහ DEI (විවිධත්වය, හිමිකම සහ අන්තර්ගතභාවය) සඳහා රන් සම්මානය ද දිනා ගන්නා ලදී. මීට අමතරව, වසරේ ව්‍යාපාර කළමනාකරු ලෙස MAS හි අසංක සමරසේකර මහතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.

සුරත් චන්ද්‍රසේන මහතාගේ MAS හි වසර 15 ක සේවා කාලය තුළ සමාගමේ සංවර්ධනයට සහ මූල්‍ය හා සමස්ත ව්‍යාපාර උපාය මාර්ගයේ වෙනස්කම් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර එහිදී විවිධ ව්‍යාපාරික අංශවල නායකත්ව භූමිකා රැසක් දරා ඇත. MAS Intimates හි ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හොබවා ඇති ඔහු එහි මූල්‍ය පාලක ලෙසද කලක් සේවය කළේය. පසුව ඔහු Bodyline හි මූල්‍ය, උපාය මාර්ග, තොරතුරු තාක්ෂණ සහ තිරසාරභාවය පිළිබඳ අධ්‍යක්ෂ ධුරයට පත් වූ අතර එහිදී සමාගමේ වැදගත් වෙනස්කම් රැසක් සාර්ථකව මෙහෙයවීය. මීට අමතරව ඔහු කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) හි කථිකාචාර්යවරයෙකු ද වන අතර අනාගත මූල්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමට සිය දායකත්වය ලබා දෙයි.

මෙම සම්මානවලින් MAS හි ශක්තිමත් මූල්‍ය භාවිතයන් පමණක් නොව, තිරසාරභාවය සහ සියලු දෙනාටම සාධාරණ හා සමාන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම වැනි මූලික වටිනාකම් සඳහා සමාගමේ කැපවීම මැනවින් පෙන්නුම් කරයි. MAS හි දැක්ම (MAS Plan for Change) මගින් සමාගම ධනාත්මක බලපෑමක් ඇති කිරීමට කටයුතු කරනු ලබන එහි නිෂ්පාදන, සමාගමට සම්බන්ධ පුද්ගලයින්ගේ ජීවිත සහ පරිසරය යන ප්‍රධාන ක්ෂේත්‍ර තුනක තිරසාර වැඩිදියුණු කිරීම් කෙරෙහි අවධානය යොමු කරයි. තවද ESG සහ DEI යන ක්ෂේත්‍ර සඳහා ලබා දුන් දායකත්වය උදෙසා MAS වෙත හිමි වුණු මෙම සම්මානවලින් සමාගම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ලබා ඇති කැපීපෙනෙන ප්‍රගතිය පිළිබිඹු කරයි.

වසර 18 කට පසු මෙම සම්මාන උළෙලේදී සමාගම නැවතත් සම්මානයට පාත්‍ර වීම විශේෂයෙන් කැපී පෙනුණු අතර ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ මූල්‍ය අංශයේ විශිෂ්ටත්වය සඳහා එම ජයග්‍රහණ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම...
TikTok, සිය පරිශීකයින්ගේ අත්දැකීම ඉහළ...
City of Dreams Sri Lanka...
பயனர்களுக்கான நேர மேலாண்மை மற்றும் நல்வாழ்வு...
3S வசதிகளுடன் கூடிய BYD-இன் ஏழாவது...
Advice Lab forges strategic alliance...
Huawei and Partners Win 3...
2025 தேசிய தூய்மை உற்பத்தி விருது...
Advice Lab forges strategic alliance...
Huawei and Partners Win 3...
2025 தேசிய தூய்மை உற்பத்தி விருது...
வீட்டு உபகரணங்களை ஒரே இடத்தில் இருந்து...