Rebuild Sri Lanka අරමුදලට හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් මිලියන 100 ක්

Share

Share

Share

Share

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuild Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් සහ දානපතීන්ගෙන් දිනපතා ආධාර ලැබෙමින් පවතී.

ඒ අනුව හැටන් නැෂනල් බැංකුව විසින් රුපියල් මිලියන 100ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළ අතර ඊට අදාළ චෙක්පත HNB කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න යන මහත්වරුන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කළේ “දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව සමඟ අප සිටින බව සඳහන් කිරීමට කැමතියි. ශ්‍රී ලාංකික බැංකුවක් ලෙස අප සේවය කරන ජනතාව සමඟ අපට සමීප සබඳතාවක් තිබෙනවා- බොහෝ ගනුදෙනුකරුවන් සහ අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මේ හේතුවෙන් පීඩාවට පත් වූ අතර අප දැන් ඔවුන්ට සහාය වීමටත් ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට උපකාර කිරීමටත් කැපවනවා.

‘’Rebuild Sri Lankaඅරමුදලට HNB දක්වන දායකත්වය මෙම සාමූහික අරමුණ සඳහා වන අපගේ කැපවීම මැනවින් පෙන්නුම් කරනවා. මෙය අසීරු කාල පරිච්ජේදයක් වගේම මෙයින් නැවත යථා තත්ත්වයට පත් වීමට කාලයක් ගතවනු ඇති බව අප අවබෝධ කරගෙන සිටිනවා. ඒවගේම ඔවුන්ට අවශ්‍ය හදිසි සහාය ලබා දීමට සහ ඔවුන් කාලයත් සමඟ නැවත යථා තත්ත්වයට පත්වන තෙක් ඔවුන්ට උපකාර කිරීමටත් අපි සූදානම්.” යනුවෙනි.

මීට අමතරව මෙම ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට සහාය වීම සඳහා බැංකුව විසින් දීප ව්‍යාප්ත ආපදා සහන වැඩසටහනක් ද දියත් කරන ලදී. මේ යටතේ මහනුවර, ගම්පහ, කඩුවෙල සහ හංවැල්ල යන ප්‍රදේශවල අවතැන් වූ පවුල්වලට බැංකුව අත්‍යවශ්‍ය සහන පැකේජ 2,500 කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී.

බලපෑමට ලක් වූ පවුල්වලට ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීමට සහ ව්‍යසනයෙන් පසු ඔවුන්ගේ දෛනික ජීවිතයට යම් ස්ථාවරත්වයක් ගෙන ඒමට ලබා දුන් මෙම සහන පැකේජයට තෝරාගත් ආහාර ද්‍රව්‍ය, පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන සහ අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ ඇතුළත් විය.

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉහළ...
இலங்கையில் மருந்து உற்பத்தியை வலுப்படுத்துவதற்கு கைகோர்க்கும்...
கல்வி மற்றும் சுகாதாரத் துறையில் புதிய...
உணவு மேசையில் குடும்பங்களை ஒன்றிணைக்கும்‘TikTok அப்பா’
Mahindra Ideal Finance කොළඹ ප්‍රධාන...
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன்...
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன்...
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Perituza engages Sri Lanka’s agency...