Samsung නවතම 12KG Front Load රෙදි සෝදන යන්ත්‍රය සමඟින් ශ්‍රී ලංකාවේ Bespoke AI Laundry නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නවතම 12KG Front Load රෙදි සෝදන යන්ත්‍රය මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබුවේ ලොව පිළිගත් Bespoke රෙදි සෝදන යන්ත්‍ර මාලාවේ නවතම නිෂ්පාදනයක් ලෙසයි. 10.5KG වැනි මාදිලි හරහා අත් කරගත් රෙදි සේදීමේ පහසුව හා සාර්ථකත්වය හේතුවෙන් නිෂ්පාදනය කරන ලද මෙම නවතම 12KG රෙදි සෝදන යන්ත්‍රය පරිශීලකයින් වෙත සුවිසල් පහසුවක් ලබා දෙනු ඇත්තේ ඉහළ කාර්යක්ෂමතාවක් සනිටුහන් කරමිනි. කාර්ය බහුල ජීවන රටාවක් අනුගමනය කරන වත්මන් පවුල්වල රෙදි සේදීමේ අවශ්‍යතාවයන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම රෙදි සෝදන යන්ත්‍රය සතු සුවිශේෂී තාක්ෂණය හා නිමාව තුළින් පාරිභෝගිකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරා ලීම සඳහා Samsung හි කැපවීමද මනාව පිළිබිඹු කරනු ලබයි.

ඇඳුම් විශාල ප්‍රමාණයක් එකවර පහසුවෙන් සෝදා ගත හැකි මෙම නවතම 12KG රෙදි සෝදන යන්ත්‍රය එදිනෙදා භාවිත කරන සියලු ඇදුම් සෝදා ගැනීමේ පහසුව උදා කර දී ඇත්තේ කාලය මෙන්ම ශ්‍රමයද ඉතිරි කරමිනි. උසස්ම තත්වයේ විශේෂාංගයන්ගෙන් සමන්විත මෙය ඉතා වේගයෙන් කරකැවීමේ තාක්ෂණයෙන් මෙන්ම 70%ක බලශක්තිය ඉතිරි කරන AI Energy Mode වැනි තාක්ෂණයන්ගෙන්ද සන්නද්ධ වේ. තවද සෝදන ඇඳුම්වල ආරක්ෂාව තහවුරු කරන Ecobubble තාක්ෂණයද ඇඳුම්වල සනීපාරක්ෂාව තහවුරු කරමින් එවා මනාව පිරිසිදු කිරීමේ හැකියාවද මෙහි ඇති තවත් සුවිශේෂී විශේෂාංගයන් ලෙස සඳහන් කළ හැකිය. එසේම මෙම WD12D මාදිලිය සුවිශේෂී ඇඳුම් වියලීමේ හැකියාවෙන්ද සමන්විත වන බැවින් භාවිතයේදී ඉමහත් පහසුවක් අත්කර දෙනු ඇත.

මෙම නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා සඳහන් කර සිටියේ “මනා නිමාවකින් යුත් 12KG Bespoke AI රෙදි සේදීමේ යන්ත්‍රය ඕනෑම නිවසකට වඩාත් හොඳින් ගැලපෙන නිෂ්පාදනයක් ලෙස සඳහන් කළ හැකියි. එහි ඇති සුවිශේෂී කාර්යක්ෂමතාව, AI මඟින් බලගැන්වෙන සුවිශේෂී විශේෂාංග, සුපිරි වේගය වැනි නවතම තාක්ෂණික අංගයන් හේතුවෙන් විශාල පහසුවක් අත්කර දෙන බව විශ්වාසයි. උසස් තත්වයේ විශිෂ්ට නිමාවකින් සැදුම්ලත් මෙම රෙදි සේදුම් යන්ත්‍රය විශාල බරකින් යුත් රෙදි ප්‍රමාණයක් පහසුවෙන් සෝදා ගැනීමේ අවස්ථාව පරිශීලකයින් වෙත උදා කර දී තිබෙනවා.” යනුවෙනි.

නිමාව හා මිලදී ගැනීමේ හැකියාව
පදනම් කරගත් විශේෂාංගයන් සහිත 12KG Front Loading රෙදි සෝදන යන්ත්‍රය ඔබේ නිවසට ආකර්ෂණීය පෙනුමක් එක් කරනු ඇත්තේ මනා පෙනුමක් නිවසට එක් කරමිනි. නිවසේ කුඩා ඉඩකඩක වුවද තැබිය හැකි කළු සහ ඉනොක්ස් වර්ණයන්ගෙන් යුත් මෙම නවතම රෙදි සෝදන යන්ත්‍රය නිවසේ අලංකාරත්වය, ඉඩකඩ පිළිබඳව සැලකිලිමත් වන පාරිභෝගිකයින්ට වඩා වැදගත් වේ.
මෙම 12KG front load රෙදි සේදුම් යන්ත්‍රය සිංහගිරි, සිංගර්, දම්රෝ හා සොෆ්ට්ලොජික් අලෙවිසැල් තුළින් රුපියල් 199,999ක මිලකට දැන් මිලදී ගත හැකිය.

දේශගුණික විපත් දරිද්‍රතාව සහ රට...
සමාජ තිරසරබව සහිත යුගයක් වෙතපිවිසීම...
CIC Holdings’ 9MFY26 revenue reaches...
ආදරයේ රස මුසු තැන් සමඟින්...
From Kevum to Keto: How...
33න් වන වරටත් පවත්වන ‘කලා...
TikTok இன் Creator Search Insights...
காதலின் உன்னதத் தருணங்கள்: சிட்டி ஆஃப்...
33න් වන වරටත් පවත්වන ‘කලා...
TikTok இன் Creator Search Insights...
காதலின் உன்னதத் தருணங்கள்: சிட்டி ஆஃப்...
1880இல் இருந்து நிலம், மக்கள் மற்றும்...