Samsung Electronics, ගෝලීය රූපවාහිනී වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස වසර 19ක අඛණ්ඩ විශිෂ්ටත්වය සනිටුහන් කරයි

Share

Share

Share

Share

AI බලයෙන් ක්‍රියාත්මක නව්‍යකරණ නිෂ්පාදන සමඟින් ඉහළ වටිනාකමින් යුත් දැවැන්ත රූපවාහිනී වෙළෙඳපොලේ පෙරමුණ ගනියි

අඛණ්ඩව 19 වන වසරටත් රූපවාහිනී වෙළෙඳපොලෙහි ගෝලීය ප්‍රමුඛයා ලෙස තමන්ගේ විශිෂ්ටත්වය තහවුරු කර ගැනීමට සමත් වූ බව නිවේදනය කරන ලදී. ගෝලීය වෙළෙඳපොල පර්යේෂණ ආයතනයක් වන Omdia හි වාර්තාවන්ට අනුව 2024 වසරේදී ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලේ 28.3%ක කොටසක් අත්කර ගැනීමට සමත් වූ Samsung 2006 වසරේ සිට ගෝලීය රූපවාහිනී වෙළෙඳපොල ශ්‍රේණිගත කිරීම්හි අඛණ්ඩව අංක 1 ස්ථානය හිමිකර ගනිමින් සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Electronics හි Visual Display Business පිළිබඳ විධායක උප සභාපති Hun Lee මහතා “අපගේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය හා සහයෝගය හේතුවෙන් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොල තුළ වසර 19ක් පුරා අංක 1 ස්ථානය හිමි කර ගැනීමට අපට හැකිවී තිබෙනවා. AI බලයෙන් ක්‍රියාත්මක රූපවාහිනී වැනි නව්‍යකරණ නිෂ්පාදනයන් සමඟින් රූපවාහිනී කර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ලබා දෙමින් පාරිභෝගිකයින්ගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා වන නිෂ්පාදන හා සේවාවන් අඛණ්ඩව ලබා දීමට අපි කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

ඉහළ වටිනාකමින් යුත්, අඟල් 75 සහ ඊට වැඩි උසස් තත්වයේ රූපවාහිනී නිෂ්පාදන වෙළෙඳපොලෙහි සිය නායකත්වය තහවුරු කිරීමට සමත්ව සිටින Samsung ඉහළ වටිනාකමින් යුත් රූපවාහිනී නිෂ්පාදන වෙළෙඳපොලෙන් 49.6%ක කොටසක් තමන් සතු කරගෙන ඇත. එසේම අති විශාල රූපවාහිනී අංශය තුළ 28.7%ක වෙළෙඳපොල කොටසකට උරුමකම් කියන රූපවාහිනී කර්මාන්තයේ විශිෂ්ටයා ලෙස සිය ස්ථානය ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටියි.

වටිනාකමින් ඉහළ රූපවාහිනී නිෂ්පාදන වෙළෙඳපොල තුළ සුවිසල් බලපෑමක් ඇති කළ Samsung, QLED සහ OLED රූපවාහිනී කාණ්ඩයන්හි සිය අණසක පතුරුවමින් ලොව පුරා QLED රූපවාහිනී මිලියන 8.34ක් අලෙවි කරමින් 46.8%ක වෙළෙඳපොල කොටසක් ආකර්ෂණය කර ගෙන සිටියි. නවතම තාක්ෂණයෙන් සුසැදි ආකර්ෂණීය හා සුපැහැදිලි රූප රාමු නරඹන්නා වෙත ගෙන දීමට සමත් QLED රූපවාහිනී කාණ්ඩයේ අලෙවිය සමස්ත රූපවාහිනී නිෂ්පාදන අලෙවියෙන් 10%කට වැඩි ප්‍රමාණයක් ලෙස සටහන් විය.

ඒ සමඟින් QLED සහ OLED රූපවාහිනී වෙළෙඳපොලෙහි තම ආධිපත්‍ය තහවුරු කිරීමට සමත්ව ඇති Samsung රූපවාහිනී කර්මාන්තය තුළ නව මානයන් විවර කරමින් සිටියි. පාරිභෝගිකයින් තුළ නව සිතුම් පැතුම් ඇති කරමින් රූපවාහිනී වෙළෙඳපොලෙහි තරඟකාරීත්වය ඉහළ නැංවීමට සුවිසල් දායකත්වයක් ලබා දී ඇති Samsung නවෝත්පාදනය හා උසස් තත්වයේ නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත ලබා දීම සඳහා වන සිය කැපවීම නැවත නැවතත් ප්‍රදර්ශනය කර සිටියි.

මිලදී හැකි ස්ථාන
ශ්‍රී ලංකාව පුරා විහිදුණු Samsung බලයලත් අලෙවි නියෝජිතයින් වන සිංගර්, දම්රෝ, සිංහගිරි හා සොෆ්ට්ලොජික් ප්‍රදර්ශනාගාරවලින් මිලදී ගත හැකිය.

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...