SME අංශයට සහාය වීමට සහ සුවිශේෂී ලීසිං පහසුකම් ලබා දීම හරහා ස්වයං රැකියා අවස්ථාවන් සැපයීමට HNB, Lanka Ashok Leyland සමඟ එක් වෙයි

Share

Share

Share

Share

පාරිභෝගිකයින්ට ලංකා අශෝක් ලේලන්ඞ් වාණිජ වාහන මිලදී ගැනීමේදී ආකර්ෂණීය ප‍්‍රතිලාභ රැසක් සහ සුවිශේෂ පොලී අනුපාත ලබා දීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ජාතියේ ප‍්‍රමුඛතම බර වාණිජ වාහන සැපයුම්කරු වන Lanka Ashok Leyland (LAL) සමඟ පසුගියදා නැවතත් අත්වැල් බැඳගත්තේය.

DOST ට‍්‍රක් රථ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට විශේෂ ලීසිං පැකේජ සහ අමතර ප‍්‍රතිලාභ රැසක් මෙම හවුල්කාරීත්වය හරහා ලබා දීමට නියමිතය.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් HNB සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික මූල්‍ය සේවා, කාංචන කරුණාගම මහතා පැවසුවේ, ‘‘ලංකා අශෝක් ලේලන්ඞ් සමඟ ඇති අපගේ දිගුකාලීන සබඳතාවය නැවත අලූත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වනවා. පසුගිය වසර දෙක අභියෝගාත්මක වුවද බැවින්, ආර්ථිකයේ කොඳු නාරටිය බඳු දිවයින පුරා සිටින කුඩා ව්‍යාපාර නැවත නගා සිටුවීම ඉතා වැදගත්. එනිසා, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ වාණිජ වාහන සැපයුම්කරුවෙකු සමඟ අපගේ හවුල්කාරිත්වය නැවත අලූත් කිරීමට අපි කටයුතු කළා. අපගේ ගනුදෙනුකාරභවතුන්ට ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීමට උපකාරී වන මෙම සුවිශේෂී අවස්ථාව ප‍්‍රයෝජනයට ගනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙනි.

බැංකුව විසින් පාරිභෝගිකයින්ට වසර තුනක්, හතරක් සහ පහක් සඳහා තරගකාරී පොලී අනුපාත සහ වසර පහක් දක්වා 25% අවශේෂ අනුපාතයක් සමඟින් සුවිශේෂී පොලී අනුපාත ලබා දෙයි. තවද HNB General Insurance විසින් ගනුදෙනුකාරභවතුන්ට වාහන රක්ෂණ වාරික සඳහා ආකර්ෂණීය වට්ටම් ද හදිසි මරණයකදී නොමිලේ රු. මිලියන 4.5ක ජීවිත රක්ෂණාවරණයක් සහ ස්වභාවික මරණයක් සඳහා රු.600,000 ක රක්ෂණාවරණයක් ලබා දෙයි.

තවද ලංකා අශෝක් ලේලන්ඞ් වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට HNB විසින් දිවයින පුරා සිටින සිය පුළුල් වෙළඳ ජාලය හරහා විවිධ මෝටර් රථ නිෂ්පාදන, මෝටර් රථ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ක්‍රෙඩිට් කාඞ්පතක් ද ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

ලංකා අශෝක් ලේලන්ඞ් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, උමේෂ් ගෞතම් මහතා පැවසුවේ ‘‘කොවිඞ්-19 හි බලපෑම සහ වත්මන් ආර්ථික අර්බුදය ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ලැබුවා. එයින් ක්ෂේත‍්‍රයේ රැසකට මූල්‍ය අලාභ හානි සිදු වුනා. මෙවැනි අසීරු අවස්ථාවකදී අපගේ ගනුදෙනුකාරභවතුන් සහ මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී අපගේ උපරිමයෙන් ඔවුන්ට සහාය වීමෙන් ආයතනික ක්ෂේත‍්‍රයට ආදර්ශයක් වීමට අප බලාපොරොත්තු වනවා. එහෙයින් අපගේ විශ්වසනීය පාරිභෝගික පදනමට අපගේ නොසැලෙන කැපවීම යලි තහවුරු කරමින්, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය බැංකුවක් සමඟ අපගේ හවුල්කාරීත්වය නැවත අලූත් කිරීමට ලැබීම ගැන අපි සතුටට පත් වනවා’’ යනුවෙනි.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...