Sprite විසින් පවත්වනු ලබන ප්‍රථම “Sprite Heat Down Festival” මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී

Share

Share

Share

Share

Sprite සිය ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගය සමඟින් ශ්‍රී ලාංකිකයින් වෙත අසමසම වෙරළ අත්දැකීමක් ගෙන ඒමට සූදානමින් සිටියි. එළඹෙන මාර්තු 01 වන දින මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී පැවැත්වෙන එම සුවිශේෂී අවස්ථාව සිත් සේ විඳ ගැනීමට සුවහසක් Sprite ලෝලීන්ට හැකියාව උදා වේ. එහිදී සමුදුරේ සිසිලස සමඟින් Sprite Showers, Sprite Sliding Pools, Game Zones, Fun ඇතුලු අමතක නොවන අත්දැකීමක් විඳ ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.
සතුට, විනෝදය සපිරි ක්‍රියාකාරකම් රැසක් සමඟින් මින් පෙර අත් නොවිඳි ප්‍රීතිමත් අත්දැකීමක් ලබා දීම අරමුණු කොටගත් මෙම “Sprite Heat Down Festival” හිදී සියලු දෙනාට රස විඳිය හැකි හා විනෝද විය හැකි ක්‍රියාකාරකම් රැසකට සහභාගී වීමටද අවස්ථාව උදා වනු ඇත.
එපමණක් නොව රැප් සහ රෙගේ සංගීතයට කැමති රසික රසිකාවියන් වෙනුවෙන් ශාන් පුතා, කාංචනා අනුරාධි, ජය ශ්‍රී ඇතුලු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සජීවී සංගීත ප්‍රසංගංයකින් ද එම අවස්ථාව වර්ණවත් වනු ඇත.
සම්පූර්ණයෙන් Sprite සිසිලෙන් පිරී ඇති මෙම උත්සවය නරඹන්නට පැමිණෙන සියලු දෙනා හට එම සිසිලස ඒ අයුරින්ම විඳ ගැනීමට හැකි වනු ඇත.
ආකර්ෂණීය මීගමුව වෙරළතීරය පසුබිම් කරගනිමින් නෙත් සිත් පැහැර ගන්නා දසුන් සමඟින් මුහුදෙන් එන සිහිල් සුළඟ විඳගනිමින් විනෝද වීමේ හැකියාව උදා කර දී ඇති මෙම උත්සවය දෙස්, විදෙස් සංචාරකයින්ට එකට එක් වෙමින් ශ්‍රී ලාංකේය සංස්කෘතියේ කදිම අත්දැකීම් භුක්ති විඳීමටද මෙය සුවිසල් අවස්ථාවක් වනු නිසැකය.
මෙම අත්දැකීම විඳගැනීම සඳහා “Sprite Heat Down Festival” වෙත පිවිසීමට ඔබ කළ යුත්තේ ීචරසඑැ ලේබලයක් ඉදිරිපත් කිරීම පමණකි.
“Sprite Heat Down Festival” පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට හා නවතම යාවත්කාලීන කිරීම් සඳහා Sprite Facebook/Instagram වෙත පිවිසෙන්න.

BYD මඩකලපුවේ නව ප්‍රදර්ශනාගාරයක් විවෘත...
A Milestone Driven by Customer...
Samsung Sri Lanka Celebrates Retail...
Hyundai වාහන සඳහා සුවිශේෂී ලීසිං...
SHRM strengthens Sri Lanka presence,...
Momentro Expands AI-Led Impact Across...
Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon...
වේගවත් වර්ධනයක්, විශ්වාසවන්ත සේවාවක්: JKCG...
Momentro Expands AI-Led Impact Across...
Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon...
වේගවත් වර්ධනයක්, විශ්වාසවන්ත සේවාවක්: JKCG...
Kandy Myst by Cinnamon Presents...