STEM හි පිළිගැනීම වන්නේ අධ්‍යාපනය සමඟ ආරක්ෂාවද ඉගැන්වීමයි

Share

Share

Share

Share

අසේල වෛද්‍යලංකාර
දශක ගණනාවක් පුරා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂය ක්ෂේත්‍රයන්හි නව්‍යකරණයක් සමඟින් තාරුණ්‍යය වෙත ගෙන ඒමට STEM සමත්ව සිටියි. අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසකට මඟ පෙන්වන STEM නව සොයා ගැනීම් පිළිබඳව තාරුණ්‍යය දිරිමත් කරමින් ආර්ථික වර්ධනයේ සුවිශේෂී සාධකයක් වන දැනුම පදනම් කරගත් ලෝකයක තරඟ කිරීමේ අවස්ථාව ඔවුන් වෙත උදා කර දී ඇත්තේ ජයග්‍රාහී හෙට දවසක බලාපොරොත්තු ඉහළ නංවමිනි.

සමාජ මාධ්‍ය පදනම් කරගත් මෙම අධ්‍යාපන පරිවර්තනයේදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ඩිජිටල් ආරක්ෂාවයි. සයිබර් අවදානම හා අනිසි වෙබ් අඩවි හේතුවෙන් දරුවන් අනාරක්ෂිතව පවතින තත්වයක් තුළ ඩිජිටල් ආර්ථිකය ප්‍රමුඛ තොටගත් පරම්පරාවක් බිහි කිරීමේදී මෙම ආරක්ෂාව ඉතා වැදගත් වන බැවින් STEM ඩිජිටල් ආර්ථිකයේ 5 වන සාධකය ලෙස හැඳින්වීම නිවැරදිය.

නවෝත්පාදනය හා විවෘත බව එකිනෙකට සම්බන්ධව වර්ධනය වේ
නවෝත්පාදනය හේතුවෙන් බොහෝ දේ වඩා හොඳින් දරුවන් වෙත නිරාවරණය වන්නේ ඔවුන්ගේ ආරක්ෂාව යම් අවදානමට ලක් කරමිනි. එසේ හෙයින් මෙම නව්‍යකරණයේදී ආරක්ෂාව පිළිබඳව නැවත නැවතත් සිතිය යුතුය. අද වන විට වර්ධනය වෙමින් පවතින රොබෝ විද්‍යාව හා AI පදනම් කරගත් අන්තර්ගතයන් පක්ෂග්‍රාහීත්වය, පෞද්ගලිකත්වය සහ වගවීම ඉහළ නංවන බැවින් ඒවායේ ආරක්ෂාව පිළිබඳ වැඩි ආයෝජනයක් සිදු කළ යුතුය.
පුද්ගලික දත්ත අන් අයෙකුට නිරාවරණය වීම ගැටළුවකි. වැරදි තොරතුරු නොමග යාම් ඉහළ නැංවිය හැකිය. එහෙයින් ආරක්ෂාව මැනවින් යොදා ගැනීම වඩා වැදගත් වේ.

වසර ගණනාවක් තිස්සේ අතිරේක විෂයයක් ලෙස සලකනු ලැබූ සයිබර් ආරක්ෂාව දැන් ප්‍රධාන විෂයයක් ලෙස සැලකීමට කාලය එළඹ තිබේ.
පොදු භාවිතයන් ඉහළ නැංවීමේදී මෙන්ම අන්තර්ජාල අධ්‍යාපනය වැඩි වැඩියෙන් භාවිතයේදී මෙම ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු අතර එය අනාගත අධ්‍යාපන මෙන්ම ආර්ථික දියුණුවේද වැදගත් පියවරක් වනු නිසැකය. එහෙයින් ඒ පිළිබඳ සිසුන් දැනුවත් කිරීමට කටයුතු කිරීම වැදගත් වේ. එංගලන්තයේ සයිබර් ෆ්‍රස්ට් වැඩසටහන තුලින් සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇත්තේ එහි අවශ්‍යතාව මනාව අවබෝධ කරගෙන ඇති බැවිනි.

මෙම අධ්‍යපානය තාක්ෂණික වශයෙන් පමණක් නොව ආචාරධර්ම හා අයිතිවාසිකම් සමඟ සම්බන්ධ වීම තුලින් වඩා හරවත් අධ්‍යාපනයක් ලබා දීමට හැකි වේ.

සුරක්ෂිත හෙට දවසක්
අධ්‍යාපනය සඳහා සමාජ මාධ්‍ය පරිහරණයේදී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තනිව කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා රාජ්‍ය අංශයේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ පුද්ගලික තාක්ෂණ සමාගම්හි දායකත්වය අත්‍යාවශ්‍යය. ලොව පුරා මිලියන ගණනක පරිශීකයින්ගේ ආකර්ෂණය දිනාගෙන සිටින වැනි TikTok සමාජ මාධ්‍යයන් සමඟින් එක්ව සකස් කර ඇති වැනි වේදිකාවන් හරහා අධ්‍යාපන අංශයේ විශ්වාසය තහවුරු කිරීමට හැකි වී ඇති අතරම දරුවන්ගේ අනාගතය සවිමත් කිරීමේ නව්‍යකරණ අධ්‍යාපන අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාවද උදා කර දී තිබීම එම සබඳතාව මනාව ප්‍රදර්ශනය කරන්නකි.
තාක්ෂණික ප්‍රතිපත්තිවලට අභියෝග කරන සයිබර් ආරක්ෂාව මානව සංවර්ධන අභියෝගයක් වන අතර ඊට අවශ්‍ය කාලීන හා නිවැරදි විසඳුම් ලබා චෙමින් එහි ආරක්ෂාව මනාව කහවුරු කළ හැකි විය යුතුය. ශ්‍රී ලංකාව තුළ ඒ වෙනුවෙන් වූ හැකියාව පවතින බැවින් මෙරට තරුණ තරුණියන් හට ආරක්ෂිත සමාජ මාධ්‍ය භාවිතයක් තුලින් ගෝලීය වශයෙන් පිළිගත් අධ්‍යාපනයක් ලබා ගැනීමේ හැකියාව උදා වනු ඇත.

දේශගුණික විපත් දරිද්‍රතාව සහ රට...
සමාජ තිරසරබව සහිත යුගයක් වෙතපිවිසීම...
CIC Holdings’ 9MFY26 revenue reaches...
ආදරයේ රස මුසු තැන් සමඟින්...
From Kevum to Keto: How...
33න් වන වරටත් පවත්වන ‘කලා...
TikTok இன் Creator Search Insights...
காதலின் உன்னதத் தருணங்கள்: சிட்டி ஆஃப்...
33න් වන වරටත් පවත්වන ‘කලා...
TikTok இன் Creator Search Insights...
காதலின் உன்னதத் தருணங்கள்: சிட்டி ஆஃப்...
1880இல் இருந்து நிலம், மக்கள் மற்றும்...