වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අති ශ්රීඝයෙන් නව නිමවුම් සහ අත්හදා බැලීම කෙරෙහි දැඩි ලෙස යොමුව තිබීම දක්නට ලැබේ. එම සමාගම් තව දුරටත් එක් කර්මාන්තයකට, එක් නිශ්පාදනයකට හෝ එකම අදහසකට පමණක් සීමා වන්නේ නැත. මෙම අලුත් පරපුරේ තාක්ෂණික පෙරළිකාරයන් අතරින් කෘතිම බුද්ධිය (AI), රොබෝ තාක්ෂණය (Robotics), බුද්ධිමත් සංචලතාව (Intelligent Mobility) සහ අනාගතවාදී ඉංජිනේරු විද්යාව තුළින් අනාගතය නැවත අර්ථ දක්වන වඩාත්ම සිත්ගන්නා සුලු නාමයක් ලෙස XPENG වේගයෙන් ඉස්මතු වී ඇත.
සෙසු සමාගම් අතරින් XPENG සමාගම සුවිශේෂී වන්නේ ඔවුන් කිසිවිටෙකත් හුදෙක් වාහන නිෂ්පාදනය කිරීමේ මානසිකත්වයකින් පමණක් ගොඩනැඟුණු සමාගමක් නොවීමයි. අරම්භයේ සිටම XPENG සමාගමේ දැක්ම ඉතා පුළුල් විය. මෝටර් රථ ක්ෂේත්රයේ බහුතරයක් ඉන්ධන වාහන වලින් විද්යුත් වාහන වෙත මාරු වීම කෙරෙහි අවධානය යොමු කරද්දී XPENG සමාගම ඒ සියල්ලටම පසුව එළෙඹන අනාගතය කෙබඳු වේදැයි ගවේශණය කරමින් සිටියේය.
ඒ අනුව ඔවුන් මුලින්ම ලෝකය මවිත කලේ මෙතෙක් විද්යා ප්රබන්ධ වලට සීමා ව තිබූ “ARIDGE’’ නම් පියාඹන මෝටර් රථ (flying car) ව්යාපෘතිය හරහායි. ගොඩබිම ධාවනය මෙන්ම ගුවන් ගමන් තාක්ෂණයද එකට යා කළ මෙමගින්, සිරස් අතට ඉහළට එසවිය හැකි (Vertical Take-off) වාහන සංකල්පය ඔවුන් යථාර්ථයක් බවට පත් කළේය. මෙම flying car ව්යාපෘතිය සමඟම, පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් ප්රවාහන ක්ෂේත්රයේ නවතම පෙරළියක් ඇති කිරීමට XPENG සමත් විය.
ඔවුන්ගේ නව නිර්මාණ සහ අත්හදා බැලීම් එතනින් නතර වූයේ නැත. මීළඟ පරපුරේ කෘතීම බුද්ධි පද්ධති (Next Gen AI) මගින් ක්රියාත්මක වන ‘IRON’ නම් මානවරූපී රොබෝවරයා (Humanoid Robot) XPENG සමාගම විසින් හඳුන්වා දීමත් සමඟ ඔවුන් තාක්ෂණික ලෝකයේ පෙරළිකාර සමාගමක් බවට පත්විය. . IRON රොබෝවරයා සතු අතිශය තාත්වික චලනයන් සහ අන්තර්ක්රියාකාරී හැකියාවන් නිසා එය ලෝකයේම දැඩි අවධානයට ලක් විය. IRON සම්බන්ධ වීඩියෝ අන්තර්ජාලය පුරා වේගයෙන් ප්රසිද්ධ වූ අතර, රොබෝවරයෙකු විසින් මෙතරම් තාත්වික චලනයන් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මිනිසුන්ට විශ්වාස කිරීමට පවා අපහසු විය.
මෙම සියලු නිපැයුම් හරහා XPENG සමාගම සමාජයට දුන්නේ ප්රබල පණිවිඩය නම් . ඔවුන්ගේ ක්රියාවලිය හුදෙක් භාණ්ඩ විකිණීම මත පදනම්ව නොව, බුද්ධිමත් සහ අන්තර්ක්රියාකාරිත්වයෙන් පිරි අනාගත ලෝකයකට අවශ්ය සමස්ත පද්ධතියක් (Ecosystem) නිර්මාණය කිරීම බවයි.
ඒ අනුව එම අති විශාල තාක්ෂණික පදනම මත පිහිටා මේ වන විට XPENG සමාගමේ නවතම නිශ්පාදනය XPENG G6 මෝටර් රථය නිර්මාණය වී ඇත. මෙය තවත් එක් විද්යුත් මෝටර් රථයක් පමණක් නොව ඉදිරියේදී පැමිණීමට නියමිත නව තාක්ෂණික මෝටර් රථ යුගයක මුල්කෘතියක් ලෙසද සැලකිය හැකිය.
මෙම නවීනතම XPENG G6 මෝටර් රථය මාර්ගයේ ගමන් ගන්නා ඕනෑම පුද්ගලයෙකුගේ ආකර්ෂණය දිනාගත හැකි ආකාරයෙන් නිශ්පාදනය කර තිබීම දක්නට ලැබේ. ධාවනයේදී සුළං මඟහැරීමට හැකි ආකාරයට නිර්මාණය කර ඇති හැඩය (Aerodynamic) නිසා මෙය සෙසු විද්යුත් වාහන අතරින් කැපී පෙනෙයි.
එසේම වාහනය තුළට පිවිසෙන මගීන්ට වෙනස් ලෝකයකට පැමිණි හැඟීමක් ඇති කිරීමට මෙම මෝටර් රථය සමත් වී ඇත. ඉහළ තාක්ෂණයෙන් පිරී තිබුණත්, රියදුරාට සහ මගීන්ට උපරිම සරල බව සහ භාවිතයේ පහසුව (User-friendly) ලැබෙන සේ මෙය නිම කර තිබීම එයට හේතුවයි.
WLTP පරීක්ෂණ ක්රමවේදයට අනුව, මෙය එක් වරක් චාර්ජ් කිරීමෙන් කිලෝමීටර් 480 ක දුරක් ධාවනය කළ හැකි වීම නිසා පාරිභෝගිකයන්ට දුර බැහැර සංචාර කිසිදු බියකින් තොරව ගමන් කිරීමේ හැකියාවද ලැබේ. එමෙන්ම මෙහි අන්තර්ගත XPILOT බුද්ධිමත් රියදුරු සහායක තාක්ෂණය (Driving Assist Technology) මඟින් ආරක්ෂාව, අවධානය සහ නිරවද්යතාවය උපරිමයෙන් සහතික කරනු ලබයි.
XPENG G6 වේගය සහ තාක්ෂණය පමණක් නොව, සුවපහසුව අතින්ද ඉතා ඉහළ මට්ටමක පවතින මෝටර් රථයකි. උපරිම සුඛෝපභෝගීත්වය සඳහා ස්පීකර් 18 කින් යුත් Xopera සවුන්ඩ් සිස්ටම් එක, වාතාශ්රය ලැබෙන සහ සම්බාහන පහසුකම් සහිත (Ventilated and Massaging) ඉදිරිපස අසුන්,ආරක්ෂාව වෙනුවෙන් එයාර්බෑග් (Airbags) 7ක් ද මෙහි අන්තර්ගත වේ. මෙම සියලු පහසුකම් සහ ආරක්ෂණ විධිවිධාන වෙනුවෙන් Euro NCAP තරු 5 ආරක්ෂණ ශ්රේණිගත කිරීමටද මෙම XPENG G6 මෝටර් රථය ඇතුළත්ව තිබීම විශේෂයත්වයකි. මෙය Tesla Model Y මෝටර් රථයට සෑම අතකින්ම අභියෝගයක් (Tesla killer) වන්නේ එබැවිනි.
XPENG G6 හි ඇති සැබෑ වටිනාකම තිබෙන්නේ එහි අඩංගු උපාංග (Specs) මතම පමණක් නොවේ. එයින් නිරූපණය වන අර්ථය තුළයි. AI රොබෝ තාක්ෂණය, ගුවන් ගමන් සහ ස්වයංක්රීය ධාවනය (Autonomous Driving) යන මේ හැම ක්ෂේත්රයකින්ම XPENG ලබන ජයග්රහණ, මිනිසා සහ තාක්ෂණය අතර ඇති සබඳතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි.
ගෝලීය EV වෙළඳපොළ තුළ XPENG G6 මගින් සිදුකර ඇති බලපෑම පැහැදිලි කරන්නේ එයයි. මෙම මෝටර් රථය නිපදවා තිබෙන්නේ වර්තමාන වෙළඳපොළේ සිටින අනෙකුත් වාහන සමඟ තරඟ කිරීමට නොව, මෙය නිර්මාණය කර ඇත්තේ අනාගතය වෙනුවෙනි.
පාරිභෝගිකයන් නිරන්තරයෙන්ම අලුත් දේ, බුද්ධිමත් සන්නිවේදනය සහ පෙරළිකාර අත්දැකීම් සොයන මෙවැනි යුගයක, XPENG යනු හුදෙක් ප්රවාහන සන්නාමයකට වඩා එහා ගිය තාක්ෂණික බලාපොරොත්තුවක සංකේතයකි.
ඒ අනුව XPENG තරඟකරුවෙකු නොව, අනාගතයේ පෙරගමන්කරුවෙකි!
Evolution auto multi brand showroom at No 7 R A De Mel Mawatha, Col 05 ප්‍රදර්ශනාගාරයේදී ඔබට Xpeng G6 රථය අත්විඳින්නට හැක.
වැඩිදුර විස්තර සඳහා සම්බන්ධ වන්න 074 411 2132
නිල වෙබ් අඩවිය www.xpeng.lk




