TikTok 2025 ගාලු සාහිත්‍ය උළෙලේ BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කරයි

Share

Share

Share

Share

නිර්මාණාත්මක ප්‍රකාශනයේ හා රසවත් කතා ඉදිරිපත් කිරීමේ ගෝලීය වේදිකාව වන TikTok පසුගියදා නිමාව දුටු ගාලු සාහිත්‍ය උළෙලේදී රසිකයින් වෙනුවෙන් BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කළේය. කියවීමට කැමති මෙරට පාඨක ජනතාවට සහයෝගය දැක්වීම සඳහා නිර්මාණය කරනු ලැබූ මෙම වැඩමුළුව තුළින් තමන්ගේ සාහිත්‍ය අත්දැකීම් හා රසවත් අදහස් අනෙකුත් පුද්ගලයින් හා බෙදාහදා ගැනීමට TikTok භාවිත කරන ආකාරය පිළිබඳ නිර්මාණකරුවන් හා පාඨකයින් දැනුවත් කරන ලදී.

TikTok ABCs පිළිබඳ හැඳින්වීමකින් ඇරඹුණු මෙම වැඩමුළුවේදී සහභාගීවූවන්ට තමන්ගේ ගැටළු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් සලසා දී තිබීම විශේෂත්වයක් විය. BookTok 101 සමඟ ආකර්ෂණීය පොත්වල ඇති අන්තර්ගතයන් ඉහළ නංවන ආකාරය, අන්තර්ගත උපායමාර්ගයක් ගොඩනගන ආකාරය මෙන්ම අලංකාර වීඩියෝවක් නිර්මාණය කිරීමට TikTok හි විශේෂාංග භාවිත කරන ආකාරය මෙහිදී ඔවුන්ට දැනගත හැකි විය. මෙරට ප්‍රජාව විසින් නිර්මාණය කරන ලද BookTok අන්තර්ගතයන් පාඨකයන් සමඟ බෙදාහදා ගැනීමට කටයුතු කළ මෙම අවස්ථාවේදී කතාන්දර ඉදිරිපත් කිරීම හරහා තමන්ගේ කටහඬ ප්‍රයෝජනයට ගැනීම සඳහා සහභාගීවූවන් දිරිමත් කිරීමටද කටයුතු කරන ලදී.

BookTok යනු #BookTok හැෂ් ටැග් භාවිත කරමින් කෙටි හා ආකර්ෂණීය වීඩියෝ හරහා පොත් පිළිබද අදහස් බෙදාහදා ගන්නා TikTok හි පොත් පාඨකයින්ගේ වේදිකාවයි. BookTokers විසින් එහිදී විවිධ පොත් සමාලෝචනය කරමින් තේමා සහ චරිත මත පදනම්ව කියවීමට සුදුසු පොත් නිර්දේශ කරන්න වීඩියෝ මඟින් ඒවා ශබ්ද නගා කියවීමටද කටයුතු කරමිනි. පොත් ප්‍රකාශකයින් වෙතද සැලකිය යුතු බලපෑමක් ඇති කරන මෙම වේදිකාව තරුණයින් හා වැඩිහිටියන්ගේ කියවීම ඉහළ නැංවීමටද හේතු වී ඇත. අන් කවරදාටත් වඩා සාහිත්‍ය කෙරෙහි ප්‍රජාවන් තුළ උනන්දුවක් ඇති කිරීමට සමත්ව ඇති මෙය ගත් කතුවරුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ ප්‍රබල මාධ්‍යයක් ලෙසද සඳහන් කළ හැකිය.

අන්තර්ගත නිර්මාණකරුවන්, පොත් සමාලෝචකයින් සහ උනන්දුවක් දක්වන පාඨකයින් ඇතුළු 125කට අධික සහභාගීවන්නන් පිරිසකගෙන් ශක්තිමත් වූ මෙම වැඩමුළුව ආකර්ෂණීය අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාවක් බවට පත් වූයේ TikTok භූමිකාවට නවමු අරුතක් එක් කරමිනි.

එම අවස්ථාව සඳහා පුද්ගලිකව සහභාගී වීමට නොහැකි වූ පිරිස වෙත TikTok හරහා එම වැඩමුළුව සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව උදා වූ අතර ඒ තුළින් ඔවුන්ටද #BookTok නිර්මාණකරුවන් සමඟ එක් වෙමින් ආකර්ෂණීය අන්තර්ගතයන් වෙත පිවිසීමටත් ඒවා අත්විඳීමටත් හැකියාව උදා විය.

මෙම වැඩමුළුවේ ප්‍රධාන අවස්ථාවන් ලෙස විද්වත් මණ්ඩල සාකච්ඡා හා සජීවී අන්තර්ක්‍රියාවන් මෙන්ම තිරය පිටුපස සිදු වන සිදුවීම් හා #GLF, #BookTok, #GalleLitFest වැනි හෑෂ් ටැග් වැනි භාවිතයන් සඳහන් කළ හැකිය. මීට සහභාගී වූ පිරිස් ග්‍රන්ථ ඇතුලත් කුටි වෙත පිවිසෙමින් තමන් කැමති ලේඛකයින් හා ස්වේච්ඡා පිරිස් සමඟ කතා බහ කරමින් අත්දැකීම් බෙදා හදා ගැනීමට කටයුතු කළ අතර එය ඔවුන්ගේ ජීවිතයට අමතක නොවන අත්දැකීමක් විය.

සාහිත්‍ය සංවාදයේ කේන්ද්‍රස්ථානයක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක #GalleLitFest හරහා නිර්මාණකරුවන්ට මෙන්ම පොත් ලෝලීන්ට උපකාර කිරීමට TikTok කැපවී කටයුතු කරයි. ඒ තුළින් සාහිත්‍යයේ රසය සියලු දෙනා සමඟ බෙදාහදා ගැනීමට අවස්ථාව සලසා ඇති එම වේදිකාව හරවත් සමාජ බලපෑමක් ඇති කිරීමටද සමත්ව සිටියි.

TikTok හි වැඩසටහන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

BYD මඩකලපුවේ නව ප්‍රදර්ශනාගාරයක් විවෘත...
A Milestone Driven by Customer...
Samsung Sri Lanka Celebrates Retail...
Hyundai වාහන සඳහා සුවිශේෂී ලීසිං...
SHRM strengthens Sri Lanka presence,...
Momentro Expands AI-Led Impact Across...
Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon...
වේගවත් වර්ධනයක්, විශ්වාසවන්ත සේවාවක්: JKCG...
Momentro Expands AI-Led Impact Across...
Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon...
වේගවත් වර්ධනයක්, විශ්වාසවන්ත සේවාවක්: JKCG...
Kandy Myst by Cinnamon Presents...