නවලෝක රෝහල් සමූහය 10 වැනි වරටත් සිය වාර්ෂික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කරයි

Share

Share

Share

Share

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික සුව සේවා සපයන්නා වන නවලෝක රෝහල් සමූහය සිය 10 වැනි වාර්ෂික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීමේ උත්සවය වඩාත් උත්සවශ්‍රීයෙන් පසුගියදා Café Seventy Seven හි දී පැවැත්විය.

මෙම සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීමේ අවස්ථාවට නවලෝක රෝහල් සමූහයෙහි සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ඇතුළු රෝහල් කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් එක්විය.

මෙහිදී අදහස් දැක්වූ ධර්මදාස මහතා, පසුගිය වසර කිහිපය තුළ මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවද නවලෝක රෝහල් සමූහය ඔරොත්තු දීමේ හැකියාව සහ විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවී සිටින බව අවධාරණය කළේය. එමෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රජාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා සැපයීම කෙරෙහි රෝහලේ දැඩි අවධානය යොමු කරන අතරම රෝගී සත්කාර සහ වෛද්‍ය නවෝත්පාදන වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.

“අපේ ජනතාව සමග අපි තදින්ම බැඳී සිටිනවා. ඒ නිසා අපේ නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීම සම්ප්‍රදායකට එහා ගොස් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සඳහා අපගේ කැපවීම ද සංකේතවත් කරනවා. අපි උත්සව සමයේදී අපගේ රෝගීන්ට හැකි උපරිම ප්‍රතිකාර ලබා දීම සහතික කිරීම සඳහා උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන් පවත්වා ගැනීමට කැපවී සිටිනවා.” යනුවෙන් ධර්මදාස මහතා ප්‍රකාශ කළේය.

නත්තල් සමය වෙනුවෙන් නවලෝක රෝහල් සමූහය සියළුම ශ්‍රී ලාංකිකයින්ට උණුසුම් සුබ පැතුම් එක් කරයි. සෑම රෝගියෙකුටම ඔවුන්ට ලැබිය යුතු රැකවරණය ලැබෙන බව සහතික කරමින් වසර පුරා සුවිශේෂී සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අපි අඛණ්ඩව කැපවී සිටියි.

 

2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය...
Prime සමූහය LMD වෙතින් මෙරට...
FACETS Sri Lanka 2027: ஒரு...
Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...