නව යොවුන් වියේ පරිශීලකයින්ගේ ආරක්ෂාව සහ Family Pairing ඉහළ නැංවීමට TikTok නව විශේෂාංග හඳුන්වා දෙයි

Share

Share

Share

Share

ලොව ජනප‍්‍රියතම කෙටි ආකෘති ජංගම වීඩියෝ හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද සමාජ මාධ්‍ය වේදිකාව වන ටික්ටොක් (TikTok) තරුණ තරුණියන්ට, පවුල්වලට සහ එය පරිශීලනය කරනු ලබන සුවහසක් ජනතාව සඳහා නව විශේෂාංග රැසක් හඳුන්වා දී ඇත. ටික්ටොක් එහි screen time මෙවලම පරිශිලකයින්ට වඩාත් ගැලපෙන විකල්ප සහිතව යාවත්කාලීන කරමින්, තරුණ පරිශීලක ගිණුම් සඳහා නව default settings හඳුන්වා දී ඇති අතර දෙමාපියන් හට තම දරුවන්ගේ ගිණුම් පාලනය කිරීමට වැඩි ඉඩකඩක් ලබා දීමට ද හැකි වන පරිදි එම විශේෂාංගය තවදුරටත් පුළුල් කරමින් සිටී.
ඉදිරි සතිවලදී, වයස අවුරුදු 18ට අඩු පරිශීලකයෙකුට අයත් සෑම ගිණුමක්ම දිනපතා මිනිත්තු 60ක screen time සීමාවකට ස්වයංක‍්‍රීයව සකසනු ඇත. බොස්ටන් ළමා රෝහලේ ඩිජිටල් සුවතා විද්‍යාගාරයේ ප‍්‍රවීණයන් සමඟ සාකච්ඡා කිරීමෙන් සහ වත්මන් අධ්‍යයන පර්යේෂණ සලකා බැලීමෙන් අනතුරුව මෙම සීමාව තෝරා ගනු ලැබුවේය. මිනිත්තු 60 සීමාවට ළඟා වුවහොත්, තරුණ පරිශීලකයින්ට දිගටම වීඩියෝ නැරඹීමට මුර පදයක් (passcode) ඇතුළු කිරීමට ඔවුන්ව පොළඹවනු ලබන අතර මෙහිදී ඔවුන්ට එම කාලය දීර්ඝ කර ගැනීමට පැහැදිලි තීරණයක් ගැනීමට සිදු වේ.
පවුල් සවිබල ගැන්වීමේ සහ පරිශීලක ආරක්ෂාව සහතික කිරීමේ කොටසක් ලෙස, ටික්ටොක් විසින් Family Pairing: සඳහා නව විශේෂාංග තුනක් හඳුන්වා දී තිබේ.
• දෛනික screen time සීමාවන් ගැලපෙන පරිදි සැකසිය හැකි වීම: දෙමාපියන්ට සහ රැුකබලා ගන්නන්ට යොවුන් වියේ පසුවන පරිශීලකයින්ගේ දෛනික screen time සීමාව ඔවුන්ට ගැලපෙන පරිදි සැකසිය හැක. සෑම දිනක් සඳහා, වෙනස් කාල සීමාවක් සැකසිය හැකිය. එමෙන්ම පවුල්වලට පාසල් කාලසටහන්, පවුලේ ගමන්බිමන් හා සහ නිවාඩු දිනවලට අනුව වේලාවන් සැකසීමට මෙමගින් හැකියාව ඇත.
• Screen time dashboard: dashboard මගින් ටික්ටොක් හි ගත කළ කාලය සහ එම යෙදවුම භාවිත කළ වාර ගණන පිළිබඳ සාරාංශ පෙන්වනු ඇත. ඒවගේම ටික්ටොක් හි දිවා රාත‍්‍රී ගත කරන මුළු කාලය කොපමණදැයි ද සොයා ගත හැකිය.
• Mute notifications: මෙම විකල්පය සමඟින් කාලසටහනක් සැකසීමෙන් දෙමාපියන්ට ඔවුන්ගේ දරුවාගේ notifications, mute කර තැබිය හැකිය. මෙම නව යාවත්කාලීන කිරීම යටතේ, වයස අවුරුදු 13-15 අතර පරිශීලකයින්ට රාත‍්‍රී 9:00 සිට notifications යවනු නොලැබේ. මීට සමානව, වයස අවුරුදු 16-17 අතර වයසේ පසුවන පරිශීලක ගිණුම්හිමියන්ට රාත‍්‍රී 10:00 සිට push notifications අක‍්‍රීයව තැබේ.
ටික්ටොක් විසින් sleep reminder විශේෂාංගයක් ද හඳුන්වා දෙමින් සිටින අතර එමඟින් පරිශීලකයින්ට රාත‍්‍රී කාලයේදී offline යාමට හොඳින් සැලසුම් කළ හැකිය. මෙහිදී යෙදවුමෙන් log off වීමට පරිශීලකයින්ට මතක් කිරීමට වීමක් pop-up දිස්වනු ඇත. මෙම නව විශේෂාංග පිළිබඳව දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීම සඳහා, ටික්ටොක් ක්ෂේත‍්‍රයේ සිටින නිර්මාණශීලී අන්තර්ගත නිර්මාණකරුවන් සහ ප‍්‍රවීණයන් සමඟ අත්වැල් බැඳගෙන සිටී. Family Pairing සහ අලූතින් හඳුන්වා දුන් විශේෂාංග පිළිබඳව පරිශීලකයින්ට කියා දීම සඳහා in-app සහාය ද වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
ඩිජිටල් ලෝකයේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ සංවාදයක් ස්ථාපිත කිරීම සඳහා පවුල්වලට උපකාර කිරීමට ටික්ටොක් අඛණ්ඩව කැපවී සිටී. මෙම යෙදවුම එහි දැනට භාවිත කරනු ලබන විශේෂාංග වැඩිදියුණු කිරීමට සහ මිනිසුන්ට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය ප‍්‍රකාශ කිරීමේදී, අර්ථවත් සම්බන්ධතා ඇති කිරීමේදී මෙන්ම රසවින්දනයේදී නව මෙවලම් හඳුන්වා දීමට අඛණ්ඩව ආයෝජනය කරනු ඇත.
වැඩි විස්තර සඳහා, ටික්ටොක් හි Safety Center වෙත පිවිසෙන්න.

Sri Lanka Unlocks New Market...
Sampath Bank Launches Priority Reserve...
2025 වසරේ මැයි මස අපනයන...
Shantha Bandara Appointed President at...
கண்கவர் திருமண கனவுகளை நனவாக்க Weddings...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය...