බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය MAS Holdings හි සංචාරයක

Share

Share

Share

Share

එක්සත් රාජධානිය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්වි පාර්ශවික රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියාය. එම සංචාරය අතරතුර ඈන් කුමරිය, ඇයගේ ස්වාමි පුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ඇතුළු රාජකීය දුත පිරිස හා ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෘ පැටි‍්‍රක් මහතා සමඟින් ඔවුන්ගේ සංචාරයේ පළමු නැවතුම ලෙස කටුනායක පිහිටි MAS Holdings හි අනුබද්ධිත MAS Nirmaana වෙත පැමිණි අතර සමාගමේ ඉහළ කළමනාකාරීත්වය විසින් ඔවුන්ව මහත් ගෞරවයෙන් පිළිගන්නා ලදී. MAS Holdings යනු ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇඟලූම් අපනයනකරු මෙන්ම මෙරට පුද්ගලික අංශයේ විශාලතම සේවා යෝජකයා වේ.

MAS Holdings හි නිර්මාණශීලී නිෂ්පාදන සහ සංවර්ධන මධ්‍යස්ථානය වන MAS Nirmaana හි සංචාරය කළ මෙම රාජකීය දුත පිරිසට එහිදී සමාගමේ ඇඟලූම් විශේෂඥතාව සහ නවෝත්පාදන පිළිබඳ හැකියාවන් දැක ගැනීමට අවස්ථාව හිමි විය. MAS Holdings සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් ප‍්‍රනාන්දු සහ MAS Active හි ප‍්‍රධාන විධායක නිලධාරී මුදිත ෆර්ඩිනැන්ඩු යන මහත්වරු මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා රාජකීය දුත පිරිස සමඟ එක්ව සිටියහ.

රාජකීය කුමරිය සහ ශ්‍රීමත් තිමති ලෝරන්ස් නව ප‍්‍රවණතා පර්යේෂණය කිරීමේ සිට ඩිජිටල් නිෂ්පාදන නිර්මාණය කිරීම දක්වා අති නවීන තාක්ෂණයෙන් සහ හැකියාවන්ගෙන් සමන්විත ගෝලීය ඇඟලූම් නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන Nirmaana හිදී ඉමහත් ගෞරවයෙන් පිළිගනු ලැබීය. MAS Nirmaana ගෝලීය ඇඟලූම් කර්මාන්තයේ, පුරෝගාමී නිර්මාණශීලී සහ නවෝත්පාදනයේ ප‍්‍රමුඛතම මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියෙන්ම සිටී.

MAS Holdings හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ, ‘‘රාජකීය කුමරිය සහ ශ‍්‍රීමත් තිමෝති ලෝරන්ස් අපගේ ආයතනයකට පැමිණීම අප සැබවින්ම ගෞරවයක් ලෙස සලකනු ලබනවා. ඇඟලූම් කර්මාන්තයේ අපගේ වසර 36ක ගමන්මගේ එක්සත් රාජධානිය අපගේ ප‍්‍රධාන වෙළඳපොළක් ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ඓතිහාසික සබඳතාවය සමරන මෙම අවස්ථාවේදී මෙම රටවල් දෙකෙහි මිත‍්‍රත්වය MAS සඳහා ද එකසේ වැදගත් අවස්ථාවක් වනවා.’’ යනුවෙනි.

MAS Holdings පිළිබඳව:

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 100,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 15 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. MAS හි නිෂ්පාදන පරාසයට සමීපතම ඇඟලූම්, ක‍්‍රීඩා, පුහුණු සහ කාර්යසාධන ඇඟලූම්, පිහිනුම් ඇඟලූම්, shape ඇඟලූම් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා අනුවර්තන ඇඟලූම් ඇතුළත් වේ. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් ඇඟලූම් තාක්ෂණය, FemTech, start-ups, සැපයුම් සංවිධානය සහ ලොව පුරා විහිදුණු ඇඟලූම් උද්‍යාන ආදිය තුළින් MAS සන්නාමය වේගවත් ලෙස පුළුල් වී ඇත. වසර 30ක් පුරා, MAS එහි සදාචාරාත්මක සහ තිරසාර සේවා පරිසරය, එහි ශිල්පීයත්වය සහ නිෂ්පාදන විශිෂ්ටත්වය සඳහා මෙන්ම කාන්තා සවිබල ගැන්වීමට ද ගෝලීය පිළිගැනීමක් ලබා ඇත.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...