වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ සිය විශිෂ්ටත්වය නැවතත් විදහා දක්වමින් ඒෂියාමනී සඟරාව විසින් HNB ඇගයීමට ලක් කරයි

Share

Share

Share

Share

ජාත්‍යන්තර වෙළෙඳ සේවා ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව විදහා දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවක් වන ඒෂියාමනී සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා (ආසියානු බැංකු) සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා (ආසියානු බැංකු) ලෙස පසුගියදා ඇගයීමට ලක් කළේය.
මෙම සම්මානයේ තවත් සුවිශේෂත්වයක් වන්නේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස 2023 යුරෝමනී සම්මාන උළෙලේදී ද බැංකුව මේ අයුරින්ම ඇගයීමට ලක් කර තිබීමයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වෙළෙඳ අංශ ප‍්‍රධානී රොසෑන් ඞී අල්මේදා මහත්මිය පැවසුවේ ”අපේ රට පෙර නොවූ විරූ අභියෝගාත්මක ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක, Euromoney සහ Asiamoney වෙතින් අඛණ්ඩව ලැබූ මෙම ඇගයීම් තුළින් ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපල ක්ෂේත‍්‍රය වෙනසකට ලක් කරන අපගේ ජාත්‍යන්තර වෙළඳ සේවා කණ්ඩායම්වල කැපවීම තවදුරටත් සහතික කිරීමට ඉවහල් වනවා.
”අපි අඛණ්ඩව ඉදිරියටත් උසස් තත්වයේ වෙළෙඳ මූල්‍ය සේවාවන් සැපයීමට කැපවීමෙන් කටයුතු කරන අතර ජාතික ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධන කිරීමේ අවස්ථාවන්වලට පහසුකම් සලසනවා.” යනුවෙනි.
Euromoney සහ Asiamoney සඟරා වෙතින් වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රය සඳහා සම්මාන දිනා ගත් සිව්වන අවස්ථාව මෙයයිx මෙම ඇගයීමත් සමඟින් ජාත්‍යන්තර වෙළඳ සේවාවන්හි ප‍්‍රමුඛ ස්ථානයක් හිමි කරගැනීමට සමත් වූ පළමු දේශීය බැංකුව බවට HNB පත් විය.
”අපගේ වෙළෙඳ මූල්‍ය ව්‍යාපාරය තුළ අඛණ්ඩව නවෝත්පාදනයන් සහ සේවා විශිෂ්ටත්වය සහතික කිරීමට HNB සතු හැකියාව සඳහා යුරෝමනී හා ඒෂියාමනී සඟරා වෙතින් ලැබූ මෙම ඇගයීම් පිළිබඳව අපට ඉතා සතුටුයි. ශ‍්‍රී ලංකා ආර්ථිකය සෑම ආකාරයකින්ම පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අපගේ ජනතාව, තාක්ෂණය, ක‍්‍රියාවලි සහ දත්ත උපරිම ලෙස භාවිත කරමින් අපගේ බැංකු විසඳුම් සහ සේවාවන් අඛණ්ඩව ඉහළ නැංවීමට ශක්තිමත්ව හා දැඩි උනන්දුවකින් කටයුතු කිරීමට මෙම ඇගයීම් තවදුරටත් අපව දිරිමත් කරනවා.’’ යනුවෙන් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, Wholesale Banking, දමිත් පල්ලෙවත්ත මහතා පැවසීය.

2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය...
Prime සමූහය LMD වෙතින් මෙරට...
FACETS Sri Lanka 2027: ஒரு...
Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...