ශ්‍රී දළඳා වන්දනාවට සමගාමීව පාරිසරික තිරසාරභාවය උදෙසා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා විසින් දියත් කළ තවත් එක් සමාජ සත්කාරයක්

Share

Share

Share

Share

මෑතකදී නිමාව දුටු ලොව පුරා බෞද්ධ ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වන අතිපූජනීය ශ්‍රී දළඳා වන්දනාව අතරතුර බැතිමතුන් විසින් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් බෝතල් එකතුකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පාරිසරික තිරසාරභාවය උදෙසා සිය කැපවීම සහ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට කොකා-කෝලා ශ්‍රී ලංකා ආයතනය සමත් විය.

“මනුගුණදම් යාත්‍රා” නම් වූ විශේෂ වැඩසටහන තුළින් ‘අපද්‍රව්‍යවලින් තොර ලෝකයක්’ (World Without Waste) ගෝලීය වැඩසටහනට සමගාමීව “නැවත ජීවය දෙමු” යන CCBSL හි ප්‍රමුඛතම අරමුණක් අරුත් ගන්වමින් ඉවත ලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කිරීම මෙහි කාර්යභාරය විය.

වසර 16 කට පසු පවත්වන ලද මෙම පූජනීය දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ වඩාත්ම ආගමික හා සංස්කෘතිකමය අතින් වැදගත් උත්සවයක් වන අතර මෙය දැකබලා වන්දනාමාන කිරීමට රට පුරා සිටින සැදැහැවතුන් දහස් ගණනින් කන්ද උඩරට රාජධානියට පැමිණියේය. මෙයට ප්‍රතිචාරයක් වශයෙන් ශ්‍රී දළදා මාලිගාවේ පාලනාධිකාරියේ අවසරය ඇතුව කොකා-කෝලා ශ්‍රී ලංකා විසින්, ශ්‍රී දළඳා වන්දනාව පැවැත්වූ අප්‍රේල් 18 සිට 27 දක්වා කාලය තුළ PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් ද පවත්වන ලදී.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වූයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස ප්‍රතිචක්‍රීයකරණය කිරීම මෙන්ම මෙහි පැමිණි බැතිමතුන් විසින් වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව දැනුවත් කරමින් ඔවුන් දිරිගැන්වීමට කටයුතු කිරීමය- මෙහි තවත් අදියරක් ලෙස ප්‍රධාන පිවිසුම් මාර්ග තුන අසල සහ ශ්‍රී දළදා මාලිගාව අවට ප්‍රධාන ස්ථානවල විශේෂ ‘Give Back Life’ PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුකිරීමේ බඳුන් ස්ථාපිත කරන ලදී. වෙහෙස මහන්සි වී වැඩ කරන ලද කණ්ඩායමක් එම ස්ථානයේදීම PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කළ අතර කාර්යබහුල ප්‍රදේශවල විදුලි බයිසිකල් මගින් අපද්‍රව්‍ය ඉක්මනින් එකතු කර ගෙන යාමට කටයුතු යොදා තිබුණි. මෙම කාලය අතරතුර PET ප්ලාස්ටික් බෝතල් මෙටි්‍රක් ටොන් 3කට (3,000Kg) වඩා එකතු කරන ලද අතර මේ වන විට ඒවා ප්‍රතිචක්‍රීයකරණය වෙමින් පවතී.

CCBSL අපත් සමඟ සමගාමීව අත්වැල් බැඳගත් ලුමාලා, Neptune Recyclers, අමිල ප්ලාස්ටික්ස් සහ ජනතාක්ෂන් යන ආයතන මෙම පුණ්‍ය කටයුත්ත සාර්ථකත්වය කරා ගෙන යාමට මහඟු මෙහෙවරක් ඉටු කළේය.

සමාජීය වශයෙන් මෙන්ම පරිසර හිතකාමී රටක් උදෙසා මනුගුණදම් යාත්‍රා පෙරදැරිව, නැවත ජීවය දෙන CCBSL හි යුතුකම හා වගකීම ඉදිරියේදීත් නොපිරිහෙලා ඉටු කිරීමට ඇප කැපවී සිටින්නෙමු- මෙම වැඩසටහන පිළිබඳව වැඩිදුර විස්තර සහ නවතම තොරතුරු දැනගැනීමට www.facebook.com/CocaColaSriLanka කොකා-කෝලා ශ්‍රී ලංකා නිල ෆෙස්බුක් පිටුවට පිවිසෙන්න.

LankaPay Technnovation Awards 2026 හිදී...
BYD ශ්‍රී ලංකාව තුළ වාහන...
TikTok releases Q4 2025 Community...
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ...
ITC Ratnadipa Presents The Art...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
புதிய வாகன மாடல்களுக்கான விரிவான லீசிங்...