ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අනුමත SLINTEC හි ආහාර පරීක්ෂණ සේවාවන් ශ්‍රී ලාංකේය අපනයන හැකියාවන් ඉහළ නංවයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සිය උසස් විශ්ලේෂණ රසායනාගාර සේවාවන් සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ (SLAB) ISO/IEC 17025:2017 අනුමැතිය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ජාත්‍යන්තර පිළිගනු ලබන මෙම පිළිගැනීම තුලින් ප්‍රදර්ශනය කරනු ලැබුවේ දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා අවශ්‍ය සුවිශේෂී ආහාර සුරක්ෂිතා පරීක්ෂණ සිදුකිරීම සඳහා වන SLINTEC හි තාක්ෂණික විශිෂ්ටත්වයයි.

ඒ අනුව ඇසුරුමෙහි ඉදිරිපස ලේබල් කිරීමේ අවශ්‍යතාවන්ට අනුකූලව ඇෆ්ලටොක්සීන් (aflatoxin) පරීක්ෂණ, තැලේට් (phthalate) හඳුනාගැනීම් සහ පෝෂණ විශ්ලේෂණ සිදු කිරීම සඳහා SLINTEC හට දැන් නිල වශයෙන් අනුමැතිය හිමිව තිබේ. මෙම පරීක්ෂණ දේශීය වෙළෙඳපොළට මෙන්ම යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ මැදපෙරදිග වැනි අපනයන වෙළෙඳපොළවල දැඩි ආහාර සුරක්ෂිතතා හා නියාමන ප්‍රමිතීන් වෙනුවෙන් කෘෂි ආහාර නිෂ්පාදකයින්ට විශේෂයෙන් වැදගත් වේ.

මෙම පිළිගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ SLINTEC හි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය සමන් සෙනවීර මහතා සඳහන් කර සිටියේ “ප්‍රමාදයකින් හෝ අධික පිරිවැයකින් තොරව ජාත්‍යන්තර පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා විශ්වසනීය දේශීය හවුල්කරුවකු, ආහාර කර්මාන්තය සඳහා ලබා දීමට මෙම පිළිගැනීම තුලින් අපට අවස්ථාව උදා වනවා. මේ සඳහා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) විසින් ක්‍රියාත්මක කරන ලද යුරෝපා සංගමයේ අරමුදල් සහිත BESPA-FOOD (Best Standardized Practices for Agri-Food) ව්‍යාපෘතිය තුලින් ලබා දුන් සහයෝගය වෙනුවෙන් මාගේ ස්තුතිය පුදකර සිටිනවා.’’ යනුවෙනි.

2024 වසරේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 12.7ක් වූ අතර ඉන් තේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් විය. ඊට අමතරව කුලු බඩු, සාන්ද්‍රිත ද්‍රව්‍ය සහ සගන්ධ තෙල් තුලින් ඇමරිකානු ඩොලර් මිලියන 462ක්ද, ආහාර සහ පාන අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 478ක්ද ඒ අතර වේ. මෙම නිෂ්පාදනයන්ගෙන් බොහොමයක්, විශේෂයෙන් කුලුබඩු, ධාන්‍ය වර්ග සහ බීජ වර්ග ස්වභාවිකව ඇති වන ඇෆ්ලටොක්සීන් වැනි විෂ වර්ග සහ තැලේට් වැනි දූෂක ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉහළ අවදානම් කාණ්ඩයට අයත් වේ. එම නිෂ්පාදන මෙම ප්‍රමිතීන්ට අනුකූලව ලබා දීමට නොහැකි වීම මත අපනයනයන් ප්‍රතික්ෂේප වීම හෝ වෙළෙඳපොළ ප්‍රවේශය අහිවීම සිදු විය හැකිය.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්තය වෙනුවෙන් ශක්තිමත් නවෝත්පාදන වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා සුවිශේෂී පියවරක් ලෙසද මෙම පිළිගැනීම ඉතා වැදගත් වන බව SLINTEC හි අදහසයි. තරඟකාරී මිලක් මෙන්ම ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතිඵල දේශීය නිෂ්පාදකයින්, අපනයනකරුවන් සහ ව්‍යාවසායකයන් වෙත ලබා දීමට මෙහිදී අවකාශ උදා වේ. ඒ තුලින් නිෂ්පාදන සංවර්ධනයේ සිට නියාමන නිෂ්කාශනය දක්වා සෑම අදියරකදීම ඔවුන්ට තම සහයෝගය දැක්වීමට SLINTEC හට හැකිවී ඇත.

මහාචාර්ය සෙනවීර මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ මෙය තරඟකාරීත්වය සඳහා ප්‍රායෝගිකව වැදගත් වන අතරම රටේ අපනයන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපාය මාර්ගික ඉදිරි පියවරක්ද වනු ඇති බවයි.

සුරක්ෂිත හා තත්ත්වයෙන් උසස් ආහාර නිෂ්පාදන සදහා වන ගෝලීය ඉල්ලුම දිනෙන් දින ඉහළ යන කාලයක වෙළෙඳපොළ අරමුණු සපුරාගැනීමට මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ විශ්වාසයෙන් තරඟ කළ හැකි බව තහවුරු කිරීමට SLINTEC හි අනුමත සේවාවන් ශ්‍රී ලාංකේය නිෂ්පාදකයින්ට බෙහෙවින් උපකාරී වනු ඇත.

Janashakthi Life named among Sri...
ஜனசக்தி பைனான்ஸ், சிறந்த சேவையை முன்னெடுப்பதற்காக...
சிறந்த சில்லறை விற்பனையாளர்களை கௌரவிக்கும் Retailer...
Sampath Bank Enhances Care at...
Colombo Dockyard to Build Ultra-Modern...
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය...
China Unicom and Huawei Release...
Samsung Sri Lanka to Open...
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය...
China Unicom and Huawei Release...
Samsung Sri Lanka to Open...
Janashakthi Finance celebrates 45 years...