සැම්සුන් ශ්‍රී ලංකා ලෝක කුසලාන උණුසුමත් සමඟ සුවිශේෂී T20 World Cup TV Deals හඳුන්වා දෙයි

Share

Share

Share

Share

ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයා වන සැම්සුන් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලාංකිකයින් වෙත ක්‍රිකට් උණුසුමෙහි චමත්කාරය රැගෙන එමින් T20 World Cup TV deals ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ක්‍රිකට් උන්මාදය නිසාම සියලු ක්‍රිකට් තරඟ සජීවීව නැරඹීමේ අවස්ථාව සළසා දෙමින් අසමසම මිල ගණන් යටතේ වගකීමෙන් යුතු නිෂ්පාදනයක් ලබා දීමට සැම්සුන් මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් බලාපොරොත්තු වේ.

මෙහිදී ඒ ඒ පාරිභෝගිකයාගේ වියදමට ගැලපෙන විවිධ මිල ගණන් යටතේ වන මාදිලි රැසක් වෙනුවෙන් ආකර්ෂණීය දීමටනා ඉදිරිපත් කර ඇති සැම්සුන් ශ්‍රී ලංකා high-definition සිට සුපැහැදිලි Ultra HD display දක්වා රූපවාහිනී නිෂ්පාදන පෙලක් මෙම ප්‍රවර්ධන වැඩසටහනට ඇතුළත් කර ඇත.

මෙම සුවිශේෂී මිල අඩු කිරීමත් සමඟ අන් කවරදාටත් වඩා පහසු මිලකට සැම්සුන් රූපවාහිනියක් මිලදී ගනිමින් ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය රිසි සේ නැරඹීමේ අවස්ථාව සැම්සුන් ශ්‍රී ලංකා විසින් උදා කර දී ඇත. ඒ යටතේ අඟල් 32 නවතම HD රූපවාහිනී යන්ත්‍රයක් රු. 59,999ක මිලකට ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත්තේ ඔවුන්ට සුපැහැදිලි රූප හා විචිත්‍රවත් ශබ්ද රසය ඇතුළත් අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාවද සලසා දෙමිනි. තවද අඟල් 32 HD Smart රූපවාහිනී යන්ත්‍රයක් රු. 69,999කට මිලකට මෙම කාලසීමාව තුළදී පාරිභෝගිකයින්ට මිලදී ගත හැකිය.

එසේම ක්‍රිකට් ලෝලීන් හට 20 ලෝක කුසලාන තරඟාවලියේ චමත්කාරය පුළුල් තිරයක් මත නැරඹීමේ අවස්ථාවද සුපැහැදිලි Ultra HD රූපවාහිනී තුළින් සැම්සුන් උදා කර දී ඇත. එසේම පන්දුවෙන් පන්දුව සැබෑ ආශ්වාදයක් විඳගැනීමේ අවස්ථාව 43” FHD Smart TV තුළින් උදා කර ගත හැකි අතර මෙම කාලසීමාවේදී රු. 149,999කට එය මිලදී ගැනීමටද පාරිභෝගිකයින්ට හැකියාව ඇත. සුවිසල් තිරයන් සහිතව සුපැහැදිලි දසුන් ඔබ අභියසට ගෙන එන 43”, 50”, 55” සහ 65” ප්‍රමාණයේ Crystal UHD රූපවාහිනී යන්ත්‍ර පිළිවෙලින් රු. 226,999, රු. 279,999, රු. 309,999 සහ රු. 484,999 යන අවම මිල ගණන් යටතේ ඔබ ළඟම ඇති සැම්සුන් බලයලත් අලෙවි නියෝජිතයාගෙන් අදම මිලදී ගන්න. මෙම අසමසම ප්‍රතිලාභ ඔබේම කරගන්න.

20 -20 ලෝක කුසලානය වැනි ඉතා උද්වේගකර තරඟාවලි අවස්ථාවන්හිදී ක්‍රීඩාශීලී පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව හඳුනාගනිමින් ඔවුන්ගේ රසාස්වාදනය උදෙසා අසමසම සුපැහැදිලි බවකින් යුත් පින්තූර, විිචිත්‍රවත් වර්ණ සහ තවත් විශේෂාංග රැසක් සමඟින් මෙම නිෂ්පාදන පෙළ හඳුන්වා දෙනු ලැබීය. එසේ හෙයින් සැම්සුන් සමඟින් නිවසේ සතුට, ආකර්ෂණය ඉහළ නංවා ගැනීමටද ඔවුන්ට හැකියාව ලැබේ.

නිරන්තරයෙන් නව්‍යකරණ හා විශිෂ්ඨ නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කරන සැම්සුන් ලෝක කුසලාන සමයේදී සිය ගැනුම්කරුවන් වෙත පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට සමත්ව සිටියි. රට පුරා ඕනෑම සැම්සුන් බලයලත් අලෙවි නියෝජිතයකුගෙන් වගකීමක් සහිතව මිලදී ගත හැකියි. ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට මාස 60ක් දක්වා පොලී රහිත වාරික සැලසුම් සහිතව මෙම නිෂ්පාදන මිලදී ගැනීමේ පහසුවද සැම්සුන් විසින් අතකර දී ඇත

 

Want to Be the Next...
73Avenue Realtors opens new headquarters...
ජෙෆ්රි බාවා භාරයේ ‘මූණමල්’ සම්මානය...
lululemon සහ MAS Holdings හි...
KOKO and Ceylinco Insurance Introduce...
ඕනෑම අභියෝගයකට ඔරොත්තු දෙමින් තාක්ෂණය...
SOS Children’s Villages Sri Lanka...
இலங்கை SOS சிறுவர் கிராமங்கள் ‘Rhythm...
ඕනෑම අභියෝගයකට ඔරොත්තු දෙමින් තාක්ෂණය...
SOS Children’s Villages Sri Lanka...
இலங்கை SOS சிறுவர் கிராமங்கள் ‘Rhythm...
LANKATILES Expands Its Design Footprint...