ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව, එකම දිනකදී ඔවුන්ගේ හයවන ප්‍රදර්ශනාගාරය මොරටුවේදී විවෘත කිරීම සහ Plug-in Hybrid SUV මෝටර් රථයක් වන BYD SEALION 5 නිල වශයෙන් හඳුන්වා දෙමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
මෙම නව මොරටුව ප්‍රදර්ශනාගාරය BYD හි පූර්ණ හිමිකාරීත්වය සහිත තෙවන ප්‍රදර්ශනගාරයයි. මෙමගින් දකුණු කොළඹ ප්‍රදේශයේ ජනතාවට BYD හි වර්ධනය වන නව බලශක්ති වාහන පරාසය වෙත ප්‍රවේශ වීමට සහ ඒවා මිලදී ගැනීම පහසු කරයි. එසේම කොළඹ සහ වත්තල පිහිටි සියලු පහසුකම්වලින් සමන්විත සේවා මධ්‍යස්ථාන සමඟින් BYD සහ JKCG Auto පාරිභෝගිකයින්ට විශ්වාසදායක අලෙවියෙන් පසු සේවාවක් ලබා ගැනීම සහතික කිරීම නව බලශක්ති වාහන වෙත විශ්වාසයෙන් යුතුව ගමන් කිරීමට පාරිභෝගිකයින්ට උපකාර කිරීම සඳහා ශක්තිමත් පාරිභෝගික සේවා ජාලයක් නිර්මාණය කරමින් සිටී.
BYD SEALION 5 යනු BYD හි Super DM-i තාක්ෂණය මත ගොඩනගා ඇති මධ්‍යම ප්‍රමාණයේ plug-in hybrid SUV රථයකි. එය Blade බැටරියකින් සහ ලීටර් 1.5 Xiaoyun ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු එන්ජිමකින් සමන්විත වන අතර, 1,030 km (NEDC) ක් දක්වා සමස්ත ධාවන පරාසයක් ලබා දෙයි. ඉහළ කාර්යක්ෂමතාවයට අමතරව එදිනෙදා භාවිතය සඳහා ප්‍රායෝගිකත්වය සහ සුවපහසුව යන දෙකම අරමුණු කරගනිමින් නිර්මාණය කර ඇති BYD SEALION 5 ඇතුළත හොඳින් ඉඩකඩ සහිත වීම, නවීන රියදුරු සහායක විශේෂාංග සහ BYD හිි ‘Ocean Aesthetics’ සංකල්පය මත පදනම්ව අලංකාරව නිර්මාණය කළ රථයකි. මෙම විශේෂාංග හේතුවෙන් BYD SEALION 5 ප්‍රධාන නගර තුළ මෙන්ම දිවයින පුරා නගරාන්තර දිගු ගමන් සඳහාද කදිමය.
මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ “දකුණු කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් හොඳ සේවයක් ලබා දීම සඳහා අපගේ නව මොරටුව BYD ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟින් සුවිශේෂී සන්ධිස්ථානයන් දෙකක් සැමරීමට ලැබීම ගැන ඉතා සතුටුයි.”
“අපගේ මෙහෙයුම් පුළුල් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස, අපි BYD හි Super DM-i තාක්ෂණයෙන් බලගැන්වෙන උසස් තත්ත්වයේ හයිබි්‍රඩ් SUV රථයක් වන BYD SEALION 5 ද හඳුන්වා දීමට ලැබීම ගැන ඉතා සතුටුයි. තවද මෙම හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාව තුළ තිරසාර ගමනාගමන විසඳුම් ලබා දීම සඳහා අපගේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරනවා. එමෙන්ම පාරිභෝගිකයින්ට එදිනෙදා භාවිතය සඳහා ශක්තිමත් කාර්යසාධනය, බලශක්ති කාර්යක්ෂමතාව සහ දිගු ධාවන පරාසයක් ලබා දෙන උසස් තත්ත්වයේ නව බලශක්ති වාහන සඳහා ප්‍රවේශය ද සහතික කරනවා.” යනුවෙනි.
Cosmos Black, Atlantis Gray, Aurora White සහ Harbour Grey යන වර්ණ හතරකින් යුතුව එන BYD SEALION 5 ශ්‍රී ලංකාවේ සියලුම BYD ප්‍රදර්ශනාගාරවලින් දැන් ලබා ගත හැකි අතර පාරිභෝගිකයින්ට කලින් වෙන්කරවා ගැනීමේ අවස්ථාව ද ඇත. BYD රට තුළ සිය මෙහෙයුම් පුළුල් කරන විට, එය එහි සියලුම වාහන හරහා කාර්යසාධනය, නවෝත්පාදනය සහ ආරක්ෂාව කෙරෙහි සැමවිටම අවධානය යොමු කරයි. සියලුම BYD වාහන සඳහා 5-star NCAP ආරක්ෂිත ශ්‍රේණිගත කිරීමක් ඇති අතර එමගින් ආරක්ෂාව කෙරෙහි සන්නාමයේ දැඩි කැපවීම පෙන්නුම් කරයි. එසේම එය (BYD) පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීමට කැපවෙයි.