ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහ සභා රැස්වීම අභිමානයෙන් සමරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකා වැවිලි ක්ෂේත්‍රයේ සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා දින ප.ව. 7ට කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හේලීස් පී. එල්. සී. හි සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මුලසුන හොබවමින් සභාව ඇමතීමට නියමිත අතර වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන පාර්ශවකරුවන් රැසක් ද ඒ සඳහා පැමිණීමට නියමිතය.

මෙම වාර්ෂික මහ සභා රැස්වීමේදී වැවිලි ක්ෂේත්‍රයේ හෙට වෙනුවෙන් වැවිලිකරුවන්ගේ සංගමයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම උදෙසා 2024/25 කාල සීමාව සඳහා සභාපතිවරයා සහ විධායක කමිටුව පත් කර ගැනීමට නියමිතය. ඔවුන් විසින් ඉදිරි කාලය තුළ අභියෝග මධ්‍යයේ වුවද කර්මාන්තයේ ප්‍රගතිය උදෙසා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇත.

1854 වසරේදී පිහිටුවනු ලැබූ ලංකා වැවිලිකරුවන්ගේ සංගමය මෙරට පැරණිතම සහ කීර්තිමත් ආයතනයක් ලෙස වතුකරයේ ප්‍රජාවගේ අවශ්‍යතා නියෝජනය කිරීමට අඛණ්ඩව කටයුතු කර ඇත. වැවිලි කර්මාන්තය වෙනුවෙන් සුවිසල් සේවාවක් ඉටු කළ ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රෞඩ ඉතිහාසය සමරනු ලබන ප්‍රමුඛතම අවස්ථාවක් ලෙසද මෙම මහා සභා රැස්වීම පෙන්වා දිය හැකිය.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් උපයා දෙන වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රධාන භෝගයක් ලෙස ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන සිලෝන් ටීවලට අමතරව රබර්, පොල්, කුළු බඩු හා පාම්තෙල් වැනි වගාවන්ගෙන් ලබා දෙන්නේ සුවිසල් දායකත්වයකි.

අපනයනය තුළින් මෙරට ආර්ථිකයට ශක්තියක් එක් කරන අතරම ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් සමාජීය හා පුද්ගල දියුණුවට කටයුතු කර ඇත්තේ පුද්ගලයන් 125,000ක පමණ පිරිසක් වෙත රැකියා ලබා දෙමිනි. වැවිලි ප්‍රජාවන්හි මිලියනයකට ආසන්න පිරිසකගේ ජීවන තත්වය නඟා සිටුවීම වෙනුවෙන් සහයෝගය දක්වමින් මෙරට ආර්ථිකය වෙත සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට වැවිලි කරුවන්ගේ සංගමය සමත්ව ඇත.

1992 වසරේ පෞද්ගලීකරණ වැඩපිළිවෙලෙන් අනතුරුව මෙරට වැවිලි කර්මාන්තය විශාල පරිවර්තනයකට ලක් විය. ප්‍රාදේශීය වැවිලි සමාගම් භෝග විවිධාංගීකරණය, පාරිසරික තිරසාරත්වය හා සේවක සුභ සාධනය සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනු ලබයි. පෞද්ගලීකරණය තුළ ජාතික ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් කළමනාකාරීත්වය විසින් රජයේ මූල්‍ය වියදම් අඩු කිරීමට සමත්ව ඇත්තේ කර්මාන්තය තුළ මෙහෙයුම් කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගනිමිනි.

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයේ නිෂ්පාදනයන්හි ප්‍රශස්ත තත්වය වෙනුවෙන් ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති වැවිලිකරුවන්ගේ සංගමය ආචාර ධාර්මික භාවිතයන් හා තිරසාර වර්ධනයන් වෙනුවෙන් කර්මාන්තයේ අඛණ්ඩ කැපවීම ඉස්මතු කිරීමට සමත්ව සිටියි. එසේම නිෂ්පාදනය ඵලදායීතාව ඉහළ නැංවීම හා නව විවිධාංගීකරණ උපාය මාර්ග පිළිබඳවද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධානය යොමු කර ඇත.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...