සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් City of Dreams Sri Lanka සිංහල හින්දු අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරයි

Share

Share

Share

Share

තවත් නොබෝ දිනකින් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අභිමානවත් ශ්‍රී ලාංකේය සංස්කෘතිය විදහා දක්වන සුවිශේෂී උත්සවයක් සංවිධානය කිරීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. Signature Avurudu ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී සංස්කෘතික වැඩසටහන අප්‍රේල් 11 වන දින සිට 14 වන දින දක්වා දින 4ක් පුරා පැවැත්වීමට නියමිතය.

අතීතයේ සිට පැවත එන හෙල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම නවීන අංගයන්ගෙන් හැඩ වූ මෙම උත්සවය සිංහල හින්දු අලුත් අවුරුද්දේ සැබෑ ජීව ගුණය මනාව විදහා දැක්වීමට සමත් වනු ඇත. ඒ නිසාම එහි පැමිණෙන සියලු අමුත්තන්ට සැබෑ අවුරුදු අසිරිය සමඟින් හෘදයාංගම හා සුහදශීලී සංස්කෘතික අනන්‍යතාව විඳ ගැනීමට අවස්ථාව උදා වනු ඇත.

මෙම සැමරුමෙහි විශේෂ අවස්ථාවක් වන්නේ City of Dreams Sri Lanka හි කළමනාකාරීත්වය විසින් සිදු කරන පහන් පූජාවයි. සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඇරඹුමත් සමඟ සෞභාග්‍යය හා එකමුතුකම විදහා දක්වන මෙම සැමරුම උත්සවයට ආකර්ෂණීය බවත් මෙන්ම අභිමානයක් එක් කරනු ඇත. ගෙවුණු දුෂ්කර කාලය ගෙවා දමමින් අලුත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් සමඟින් රටට ජාතියට සෞභාග්‍ය උදාවන අලුත් වසරකට පා තබන මොහොතේ මෙම උත්සවය සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කරනු නිසැකය.

දින 4ක් පුරා පැවැත්වීමට නියමිත මෙම විශේෂ සැමරුම් උත්සවයට එක් කර ඇති විවිධ සාම්ප්‍රදායික සංස්කෘතික අංගයන් තුලින් සැබෑ ශ්‍රී ලාංකේය උරුමය හා අනන්‍යතාව විඳගැනීමේ අවස්ථාවද අමුත්තන්ට හිමි වේ. අවුරුදු සිරිය දසත පතුරුවන රබන් නාදය හා අලංකාර බෙර වාදනයන් මෙන්ම ආකර්ෂණීය නර්තනයන්ගෙන් හැඩ වන අවුරුදු සැමරුමට සමගාමීව හෙල සංස්කෘතියේ අනන්‍යතාව විදහා දක්වන සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු City of Dreams සේවක මණ්ඩලය ඊට තවත් වටිනාකමක් එක් කරනු ඇත්තේ ආගන්තුක සත්කාරයේ ගෞරවය විදහා දක්වමිනි.

සිංහල හින්දු අලුත් අවුරුද්දේ ප්‍රධානතම සාධකය වන්නේ රස කැවිලි ඇතුලු විවිධ අවුරුදු කෑම බීමයි. සිංහල හා හින්දු සංස්කෘතීන්ට අනන්‍ය රස කැවිලි මෙම සැමරුම සමඟින් City of Dreams Sri Lanka හිදී රස විඳීමේ අවස්ථාවද අමුත්තන්ට මෙහිදී උදා වේ. එහිදී රස කැවිලි මෙන්ම බුෆේ ආහාර පහසුකම් හා නවීන පාන වර්ගයන් රිසි සේ රස විඳීමට ඔවුන්ට හැකි වනු ඇති අතර අලුත් රසයකින් යුත් විවිධ කෙටි කෑම වර්ගයන් ද රස විඳීමට හැකි වනු ඇත.

සිංහල හින්දු අලුත් අවුරුද්දේ සැබෑ අසිරිය හා අනන්‍යතාව පවුලේ සාමාජිකයින් හා තමන්ගේ හිත මිතුරන් සමඟ බෙදා හදා ගැනීමට කැමති සියලු දෙනාට මෙන්ම මෙම සංස්කෘතිය රස විඳීමට කැමති විදේශීය සංචාරකයින්ට City of Dreams Sri Lanka හි පැවැත්වෙන Signature Avurudu මහඟු අවස්ථාවක් වනු ඇත. හුදෙක් සැමරුමක් පමණක් නොව නැවුම් බලාපොරොත්තු. එකමුතුකම හා සහයෝගීතාව, සියලු දෙනාගේ සතුට මෙම සැමරුමෙහි වටිනාකම් අතරට එක් වනු ඇත.

රටට, ජාතියට සාමය, සතුට, සෞභාග්‍යය උදා කරමින් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද City of Dreams Sri Lanka සමඟින් සමරමින් සැබෑ අවුරුදු අසිරිය අත් විඳීමටත්, අලුත් අවුරුද්දේ මෙතෙක් අත් නොදුටු අත්දැකීමක් ලබා ගැනීමටත් ඔබට හැකි වනු ඇත. මේ වටිනා අවස්ථාව උදා කර ගන්න. අදම City of Dreams Sri Lanka අමතන්න.

සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට මුල් තැන...
First Capital Secures triple Gold...
Samsung Sri Lanka ලොව අංක...
Samsung Sri Lanka Celebrates Samsung...
நீர்கொழும்பு நகரில் தனது புதிய கிளையைத்...
பிரிட்டனின் DCTS திட்டத்தின் கீழ் இலங்கையின்...
2026ஆம் ஆண்டுக்கான சர்வதேச மகளிர் தினத்தை...
Coca-Cola அறக்கட்டளை மற்றும் Hayleys பிளான்டேஷன்ஸ்...
பிரிட்டனின் DCTS திட்டத்தின் கீழ் இலங்கையின்...
2026ஆம் ஆண்டுக்கான சர்வதேச மகளிர் தினத்தை...
Coca-Cola அறக்கட்டளை மற்றும் Hayleys பிளான்டேஷன்ஸ்...
தனது 32 ஆண்டுகால வரலாற்றில், 2025...