ගෝලීය දේශපාලනික අර්බුද මධ්‍යයේ වුවද අඛණ්ඩව සිය ස්ථාවරත්වය පවත්වා ගනිමින් සම්පත් බැංකුව 2026 වසරේ පළමුවන කාර්තුව සඳහා රුපිියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

සම්පත් බැංකුව 2026 වසරේ පළමුවන කාර්තුව සඳහා රුපියල් බිලියන 28.5 ක මුළු මෙහෙයුම් ආදායමක් වාර්තා කරන ලදී. මේ සඳහා කාර්තුව තුළදී ස්ථාවර ලෙස ඉහළ ගිය ශුද්ධ පොළී ආදායම සහ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම් හේතු විය. කෙසේ වුවද 2026 වසරේ පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් වාර්තා කරන ලද අතර […]
බයිරහා ෆාම්ස්, පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් තවදුරටත් කැපවෙයි

හරිතාගාර වායු විමෝචනය නිවැරදිව මැන බැලීම සඳහා වන ජාත්‍යන්තර තත්ව සහතිකය හිමි කර ගනියි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන සමාගම වන බයිරහා ෆාම්ස් පී එල් සී සිය ව්‍යාපාරික මෙහෙයුම්හි තවත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආයතනික මට්ටමින් ඉහළම විශ්වසනීයත්වයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු පිළිබඳ ජාත්‍යන්තර සහතිකය (Greenhouse Gas […]
ගෝලීය ආර්ථික පීඩනය හමුවේ රුපියල අවප්‍රමාණය වූවද එය ආර්ථිකයේ දුර්වලතාවක් නොවන අතර අපනයන තරගකාරීත්වය ශක්තිමත් වීමට ද හේතුවකි

ඩොලරයට සපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ මෑත කාලීන ප්‍රවණතාව පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් අපනයන සංගමයේ අවධානය ද යොමු ව ඇත. මේ පිලිබඳව අදහස් දක්වමින් ඔහුන් පවසන්නේ රුපියලේ අවප්‍රමාණය වීම හුදෙක්ම ආර්ථිකය දුර්වල වීමකට වඩා ගෝලීය සිදුවීම් ආශ්‍රිත සන්දර්භය තුල විමසා බැලිය යුතු බවයි. විශෙෂයෙන්ම මැදපෙරදිග යුද තත්වය, සහ ගෝලීය ඛණිජ තෙල් මිල ඉහළ යෑම සහ නැව් ගාස්තු […]
සේවා වාර සහ අලුත්වැඩියාවන් 20,000 සීමාව පසුකරමින් BYD සිය අලෙවියෙන් පසු සේවාවන් තවදුරටත් ශක්තිමත් කරයි

BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එනම් සමාගම පසුගිය වසරේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා 20,000කට සාර්ථකව සේවා වාර සහ අලුත්වැඩියාවන් සැපයීමට සමත් වීමයි. මෙමගින් ශ්‍රී ලාංකිකයින් කෙතරම් වේගයෙන් නව බලශක්ති වාහන (NEV) භාවිතා කරමින් සිටින්නේ ද යන්න පැහැදිලි […]
අවුරුදු ඉවර වුණත් අවුරුදු රසය තවමත් රකින කවිෂ් නිමල්කගේ TikTok පිටුව

අවුරුදු උත්සව සමය නිම වුවද ඒ හා බැඳුණු සතුට, සුන්දරත්වය එකපාරටම නැති වෙලා යන්නේ නැහැ. සරල, හුරුපුරුදු මතකයන් එක්ක ඒ සුන්දරත්වය බොහෝ කාලයක් අපේ හිත්වල රැඳිලා තියෙනවා. කෑම බීමවලින් පිරුණු කෑම මේසය, අවුරුද්දට දින කිහිපයකට කලින් ඉඳන්ම කාර්යබහුල වුණු කුස්සියේ ශබ්දය, වගේම තවත් එක කැවුම් ගෙඩියක් හෝ කොකිස් එකක් කන්න තියෙන ආශාව ඇතුළේ ඒ මතකය […]
Tesla Model Y කාර් රථයට සෑම අතින්ම අභියෝගයක් වූ XPENG G6 දැන් ශ්‍රී ලංකාවෙත්

වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අති ශ්රීඝයෙන් නව නිමවුම් සහ අත්හදා බැලීම කෙරෙහි දැඩි ලෙස යොමුව තිබීම දක්නට ලැබේ. එම සමාගම් තව දුරටත් එක් කර්මාන්තයකට, එක් නිශ්පාදනයකට හෝ එකම අදහසකට පමණක් සීමා වන්නේ නැත. මෙම අලුත් පරපුරේ තාක්ෂණික පෙරළිකාරයන් අතරින් කෘතිම බුද්ධිය (AI), රොබෝ තාක්ෂණය (Robotics), බුද්ධිමත් සංචලතාව (Intelligent Mobility) සහ අනාගතවාදී ඉංජිනේරු […]
Janashakthi Life කණ්ඩායමේ මානව දයාව තුළින් ලේ දන්දීමේ මෙහෙවරක්

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life විසින් පසුගියදා Excel World හිදී විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. මෙය සංවිධානය කරන ලද්දේ ආයතනයේ ක්‍රීඩා හා සුභසාධක සමාජය විසිනි. වගකීම් සහිත ආයතනයක් ලෙස කාර්ය මණ්ඩලයේ දයාන්විත බව හා සහකම්පනය තුළින් පන්නරය ලබමින් රටට හා සමාජයට […]
6 වන LPL තරඟාවලියේදී Dambulla Sixers කණ්ඩායමේ අයිතිය DeSilva Holdings හිමිකර ගනියි

තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත 6 වන LPL තරඟාවලියේදී Dambulla Sixers කණ්ඩායමේ හිමිකාරීත්වය ප්රිියංග සිල්වා මහතාගේ නායකත්වය යටතේ ක්රියාත්මක DeSilva Holdings ආයතනයට හිමි වන බව පසුගියදා නිවේදනය කරන ලදී. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ප්රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන ආයතනයක් වන Sequoia Consultants සමාගමේ සහයෝගයද මෙම කණ්ඩායමට ලැබෙන අතර, ප්රියංග ද සිල්වා මහතා එහි ප්රධාන […]
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින්, ෂරියා නියමයන්ට අනුකූල නව්‍ය මූල්‍ය විසඳුම් එකතුවක් හඳුන්වා දී තිබේ. මේ වන විට මෙබඳු වගකීම්සහගත, ESG (Environmental, Social, and Governance) මූලධර්මවලට අනුකූල සහ ආගමික විශ්වාසයන් පදනම් කරගත් ආයෝජන විසඳුම් සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. […]
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක 3 කට අධික සාඩම්බර උරුමයක් හිමි Prime සමූහ ව්‍යාපාරය 2026 තරග කාලසීමාව සඳහා තර්ස්ටන් විද්‍යාලයේ රග්බි 1st XV Leadership කණ්ඩායමේ ප්ලැටිනම් අනුග්‍රාහක ලෙස කටයුතු කිරීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේය. Prime සමූහය යනු කවදත් ව්‍යාපාරකරණයෙන් ඔබ්බට ගොස් ක්‍රීඩා හා සමාජ සත්කාර ක්‍රියාකාරකම් සඳහා අනුග්‍රහය ලබාදීමට නොපැකිළව ඉදිරිපත් වන සමාගමකි. […]