SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී HNB විකුණුම් විශිෂ්ටතාව සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය සේවා විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින්, පසුගියදා නිමාවට පත් වූ SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) 2021/22 හිදී මුල්‍ය සේවා ක්ෂේත‍්‍රය සඳහා සම්මාන 10ක් හිමිකර ගනිමින් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සේවකයින්ගේ දියුණුවට සහ පුද්ගල සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දෙමින් බැංකුවේ සේවය කරන කුසලතාවලින් යුත් පුද්ගලයින්ට ඔවුන් සේවය කරන […]
කොකා-කෝලා ශ්‍රී ලංකා SLIM Kantar People’s Awards 2023 හිදී සම්මානයට පාත‍්‍ර වෙයි

වසර 60කට අධික කාලයක් මෙරට ජනතාවගේ නොමඳ ආදරය දිනා ගත් ප‍්‍රමුඛතම බීම වර්ග සන්නාමයක් වන කොකා-කෝලා ශ්‍රී ලංකා, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පවත්වන ලද SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘‘වසරේ සිසිල් බීම සන්නාමය” සහ ‘‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය” යන ගෞරවනීය සම්මානවලින් පිදුම් ලැබීය. ලබා ගත් මෙම ජයග‍්‍රහණයන්වල සුවිශේෂීත්වය වන්නේ 2022 වසරේදී […]
ශ‍්‍රී ලංකාව රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ද්විපාර්ශ්වික OSH කමිටු සඳහා ජාතික මාර්ගෝපදේශ මාලාවක් හදුන්වාදෙයි

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2023 අපේ‍්‍රල් 28 වන දින ”රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා වූ ජාත්‍යන්තර දිනය” වෙනුවෙන් පැවති උත්සවයේදී සේවා ස්ථානවල ද්විපාර්ශවීය වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය (OSH) කමිටු පිහිටුවීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරන ලදී. විශේෂයෙන්ම රටේ ඇඟලූම් කර්මාන්තය සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) අතර […]
කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතුවල නව නිවාස 500කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට සැලසුම් – ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය

කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක‍්‍රියාත්මක වැඩසටහන නව නිවාස 500කට වැඩි සංඛ්‍යාවක් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 19ක් (ECDs) නැවත ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 1කට ආසන්න මුදලක් වෙන් කරන බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) නිවේදනය කර ඇත. කලාපීය වැවිලි සමාගම්, වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සහ ශ‍්‍රී ලංකා […]
ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ව්‍යාපාරය සවිබල ගැන්වීමට HNB, බ‍්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟ අත්වැල් බැඳගනී

කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය අද වන විට මුහුණ දී සිටින අභියෝග මධ්‍යයේ වුවද එම ක්ෂේත‍්‍රය සවිබල ගැන්වීමට මෑතකාලීනව දරන ලද උත්සාහයන් අනුව යමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවල පුරෝගාමියා වන බ‍්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟින් නැවතත් අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා සහ කුඩා හා මධ්‍ය […]
සම්පත් බැංකුව 1990 සුව සැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’. වැඩසටහන සඳහා රුපියල් මිලියන

ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය කරමින් සුවසැරිය ගිලන් රථ 10ක් නඩත්තු කිරීමට අරමුදල් සම්පාදනය කරයි සම්පත් බැංකුව, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට ආධාර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. සම්පත් බැංකුවේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කරනු ලැබූ මෙම කාලීන පරිත්‍යාගය […]
JW.ORG ජාතික සමුළුව ජූලි 14 වන දින සිට

JW.ORG සංගමය 2019 පසු පළමු වරට ජාතික සමුළු 7 ක් ශ්‍රී ලංකාව කේන්ද්‍රගත කරමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම ජාතික සමුළු මාලාව ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල මෙන්ම අන්තර්ජාලය ඔස්සේද පැවැත්වීමට නියමිතය. 2020 වසරේදී ඇති වූ කොරොනා වසංගතය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ පමණක් සිය ජාතික හා ජාත්‍යන්තර සමුළු පැවැත්වීමට සංගමය ලොව පුරා කටයුතු කළ […]
Dialog Enterprise 2023 ජාතික කර්මාන්ත ප්රදර්ශනය බල ගන්වයි

ඩයලොග් ආසියාටා පී. එල්. සී. හි ආයතනික සන්නිවේදන තාක්ෂණ විසඳුම් අංශය වන ඩයලොග් එන්ටර්ප්‍රයිස් (Dialog Enterprise), 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට (Industry 2023) ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දෙන බව මෑතකදී නිවේදනය කළේය. ඩයලොග් එන්ටර්ප්‍රයිස් ප්‍රධාන අනුග්‍රාහකකත්වය අඛණ්ඩව දෙවන වරටත් ලබා දෙන මෙම ප්‍රවාර්ෂික දර්ශනය 2022 දී අති සාර්ථක විය. මෑත කාලීන ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී […]
සැම්සුන්, සිය බලයලත් අලෙවිකරුවන් හරහා නියම වගකීමක් හා TRCSL අනුමත උපාංග පාරිභෝගිකයින්ට හිමිකර දෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්, සිය හවුල්කරුවන් වන Softlogic, John Keells Automation, Singer, Singhagiri, Damro, Daraz, Dialog සහ Mobitel වෙතින් TRCSL හි අනුමත උපාංග මිලදී ගැනීමේදී සැබෑ වගකීමක් ලබා දෙන බව නැවත නැවතත් අවධාරණය කර සිටියි. ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනය ඔබටම අයිති බව තහවුරු කර ගැනීම සඳහා හොඳම මාර්ගය වන්නේ TRCSL […]
යළි පිබිදෙන උතුරුකරයට රන් අරුණලූ රැගෙන එන ඇඟලූම් ක්ෂේත‍්‍රය

2009 දී ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූ පසු, ජනතාව යළි නඟා සිටුවීම සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීමේ අපේක්ෂාවෙන් උතුරු පළාතට ඇතුළු වූ පළමු කර්මාන්තවලින් එකක් ලෙස ඇඟලූම් කර්මාන්තය හැඳින්විය හැකියි. දශකයකට පසු, උතුරු ප‍්‍රදේශයේ පුද්ගලයින් 8000 කට අධික සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබා දෙමින් මහා පරිමාණ මෙහෙයුම් ආරම්භ කළ ප‍්‍රථම ක්ෂේත‍්‍රය වන්නේ ද ඇඟලූම් කර්මාන්තයයි. […]