HNB, සිංගර් සමඟ එක්ව ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ මූල්‍ය පහසුකම් පිරිනමයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං විසඳුම්, අගය එකතු කළ සේවා සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ඇතුළු විශේෂ මූල්‍ය පහසුකම් පැකේජයක් පිරිනැමීමට පසුගියදා සිංගර් ශ්‍රී ලංකා සමඟ අත්වැල් බැඳගත්තේය.

මෙම හවුල්කාරීත්වය යටතේ පාරිභෝගිකයින්ට අමතර ගාස්තු රහිත විශේෂ පොලී අනුපාත, නොමිලේ ක්‍රෙඩිට් කාඩ්පතක් (පළමු වසරේ ගාස්තු රහිත), HNB General Insurance වෙතින් වට්ටම් සහිත රක්ෂණයක් සහ හදිසි මරණයක් සඳහා රුපියල් මිලියන 4.5ක ජීවිත රක්ෂණාවරණයක් ද HNB ඇෂුවරන්ස් වෙතින් ස්වභාවික මරණයක් සඳහා රු. 600,000ක රක්ෂණාවරණයක් ද හිමි කරගත හැකි වනු ඇත.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “අපි දිගු කාලයක් ගොවීන්ට නවීන කෘෂි උපකරණ මිලදී ගැනීම සඳහා පහසු මූල්‍ය විසඳුම් ලබා දීමට කැපවී සිටිනවා. සිංගර් ශ්‍රී ලංකා සමඟ ඇති මෙම හවුල්කාරීත්වය හරහා අපි විශේෂ මූල්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ ලබා දෙන අතරම අපට උසස් තත්වයේ ජෝන් ඩියර් ට්‍රැක්ටර් වඩාත් දැරිය හැකි මිලකට ලබා දීමට හැකි වනවා.” යනුවෙනි.

මීට අමතරව, ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා මෙරට එකම නියෝජිතයා වන සිංගර් ශ්‍රී ලංකා පරිභෝගිකයින් උදෙසා නොමිලේ වාහන ලියාපදිංචිය, වසර දෙකක් හෝ පැය 2000ක වගකීම, නොමිලේ සර්විස් කිරීමේ අවස්ථා 3ක්, නොමිලේ ෆිල්ටර් කට්ටල, අමතර කොටස්වලට 10%ක වට්ටමක්, ට්‍රැක්ටර් පාරිභෝගිකයින්ගේ නිවෙස් වෙතටම ගෙන්වා ගැනීමේ පහසුකම් සහ 24/7 පැයේ සේවා පහසුකම් ඇතුළු සේවා රැසක් ලබා දෙනු ඇත.

“ජෝන් ඩියර් යනු විශ්වසනීයත්වය සහ ක්‍රියාකාරීත්වය සඳහා ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ සන්නාමයක්. HNB සමඟ එක් වීමෙන් අප මෙරට ගොවීන්ට දිගුකාලීන වටිනාකමක් එක් කරන සුවිශේෂී දීමනා සහ අලෙවියෙන් පසු සේවාවන් භුක්ති විඳීමට අවස්ථාව ලබා දෙන අතරම නවීන කෘෂි යන්ත්‍රෝපකරණ වෙත ප්‍රවේශ වීමට ද සහාය වනවා.” යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිළධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවසීය.

මෙම සහයෝගීතාවය තුළින් උසස් තත්වයේ කෘෂි උපකරණ දැරිය හැකි මිලකට සහ ප්‍රවේශ විය හැකි බවට පත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය කෙරෙහි HNB හි කැපවීම මැනවින් පෙන්නුම් කරයි.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...