HNB හි කාඞ්පත් හිමියන්ට මේ උත්සව සමයේදී ප‍්‍රමුඛතම වෙළෙඳ සන්නාම වලින් විශේෂ වට්ටම් සහ දීමනා

Share

Share

Share

Share

70%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමට HNB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත්හිමියන්ට අවස්ථාව

මෙවර උත්සව සමය පවුලේ අය සහ නෑදෑ හිත මිතුරන් සමඟ උපරිමයෙන් අත්විඳීම සඳහා සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් සමඟින් නොයෙකුත් දීමනා ලබා දීමට හැටන් නැෂනල් බැංකුව මෙවරත් කටයුතු කර ඇත.

HNB ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, විලාසිතා අලෙවිසැල්, ස්වර්ණාභරණ සහ ඊ-වාණිජ්‍ය සන්නාමයන් මෙන්ම ඉතා ජනප‍්‍රිය අවන්හල්, සුපිරි වෙළඳසැල් සහ හෝටල් සමඟ අත්වැල් බැදගනිමින් ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 2023 මාර්තු 15 සිට අපේ‍්‍රල් 30 වනදා දක්වා කාලය පුරාවට 70% දක්වා වට්ටම් සහ මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ඇතුළුව ආකර්ෂණීය ප‍්‍රතිලාභ රැසක් තම කාඞ්පත් හිමියන්ට පිරිනමයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කාඞ්පත් අංශයේ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවේ ”එළැඹෙන මාසය සංස්කෘතීන් කිහිපයකට මෙන්ම සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවට ඉතා වැදගත් මාසයක්. එහිදී මුළු රටම පාහේ අවුරුදු සමරනු ලබනවා. එහිදී HNB අපට අවශ්‍ය වන්නේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය වන බඩු භාණ්ඩවල සිට ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඟලූම්, නිවාඩු ගත කිරීමට සහ තවත් බොහෝ දේවල් සඳහා අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකාරභවතුන්ට උපරිම වටිනාකමක් ලබා දීමට අප සමඟ අත්වැල් බැඳගෙන සිටින අපගේ හවුල්කාරීත්වයන් උපරිම ලෙස භාවිත කරමින් අපගේ කාඞ්පත් හිමියන්ට මෙවර උත්සව සමය හොඳින් සැමරීමට අවස්ථාව ලබා දීමටයි.” යනුවෙනි.

HNB සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ උත්සව සමයේදී එදිනෙදා අත්‍යවශ්‍ය සිල්ලර බඩු භාණ්ඩ ආදිය මිලදී ගැනීමේදී සාප්පු සවාරි යාම සඳහා දිවයිනේ සුපිරි වෙළඳසැල් කිහිපයක් සමඟ අත්වැල් බැඳගෙන සිටී. එහිදී HNB ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට Glomark, Arpico, Cargills සහ Keells වැනි සුපිරි වෙළෙඳසැල් වෙතින් 25% දක්වා සුවිශේෂී වට්ටම් ලබා දීමට බැංකුව කටයුතු කර ඇත.

තවද, බැංකුව ශ‍්‍රී ලංකාවේ ඉහළම ඩිජිටල් බැංකුකරණ සේවා සපයන්නෙකු ලෙස සිය ස්ථානය ඉහළ නංවා ගනිමින් මෙම උත්සව සමයේදී තම ගනුදෙනුකරුවන්ට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා මෙරට ඉහළ පෙළේ online වෙළෙඳ වෙබ් අඩවි සහ පාරිභෝගික සිල්ලර වෙළෙඳසැල් කිහිපයක් සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. ඒ අනුව පාරිභෝගිකයින්ටතම සිල්ලර බඩු සහ ආහාර අවශ්‍යතා නිවසටම ගෙන්වා ගැනීම සඳහා Pickme Food, Market හෝ Uber Eats යන online වෙළෙඳ වෙබ් අඩවි භාවිත කළ හැකි අතර Atlas Myshop සහ Promateworld.com මගින් ඔවුන්ගේ ලිපිද්‍රව්‍ය අවශ්‍යතා සපුරා ගත හැකිය. මීට අමතරව අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ඇතුළුව Wasi.lk, Daraz හෝ Takas.lk මගින් HNB පාරිභෝගිකයින්ට අද්විතීය ප‍්‍රතිලාභ රැසක් පිරිනමයි.

ශ‍්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා සීඝ‍්‍රයෙන් ඉහළ යන ඉල්ලූම සැලකිල්ලට ගනිමින් HNB, Abans සහ Buyabans, Singer ප‍්‍රදර්ශනාගාර සහ Singer.lk, Softlogic ප‍්‍රදර්ශනාගාර, Softlogic MAX සහ Furniture, Seetha Holdings, Dinapala Group, Hunters, Singhagiri & Company සහ CameraLK වැනි දිවයිනේ කීර්තිමත් සන්නාම රැුසක් සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර මෙම අලෙවිසැල් වෙතින් මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් සමඟින් 55% ක් දක්වා තෝරාගත් භාණ්ඩ සඳහා වට්ටම් හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වේ.

මෙරට සුප‍්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළඳසැල්වලින් සිදු කරන මිලදී ගැනීම් සඳහා වට්ටම් සහ අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් හිමි කරගැනීමට ද HNB ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් අවස්ථාව ඇත. ඒ අනුව Premadasa Jewellers, Raja Jewellers, Zam Jems, Vogue Jewellers, Arthur De Silva සහ Beverly Jewellers යන ස්වර්ණාභරණ අලෙවිසැල් වෙතින් තෝරා ගත් ස්වර්ණාභරණ සඳහා 70%ක් දක්වා වට්ටම් සහ මාස 12ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් ද හිමි කරගැනීමට අවස්ථාව ඇත.

තවද, HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට මෙම ප‍්‍රවර්ධන කාලය තුළ දිවයින පුරා පිහිටි බොහෝ ප‍්‍රසිද්ධ අවන්හල්වලින් මෙන්ම හෝටල්වලින් විශේෂ මිල ගණන් යටතේ ආහාරපාන භුක්ති විඳිය හැකිය.

HNB කාඞ්පත් හිමියන්ට Jetwing සහ Amaya properties යන හෝටල් වෙතින් විශේෂ වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ඇත. මීට අමතරව HNB ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට Pizza Hut වෙතින්  ඕනෑම Large Pan/Thin Crust Pizza එකක් මිලදී ගැනීමේදී අමතර Medium Pan Pizza එකක් ලබා ගැනීමට හෝ Taco Bell හි à la carte මෙනුවෙන් එක් අයිතමයක් මිල දී ගෙන දෙවන අයිතමයක් නොමිලේ ලබා ගැනීමට ද අවස්ථාව ඇත.

එමෙන්ම HNB ක්‍රෙඩිට් කාඞ් හිමියන්ට Kingsbury Hotel හි Indulgence වෙතින් ආහාර මිලදී ගෙන රැගෙන යාමේදී 20% ක වට්ටමක් ද Cinnamon Red, Flavoured මෙන්ම Taj Samudra හි බුෆේ ක‍්‍රමයට රාත‍්‍රී භෝජන භුක්ති විදීමේදී ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා 20% ක වට්ටමක් ද හිමි කරගත හැකිය. මීට අමතරව Ramada හි තෝරාගත් දිනවල à la carte ආහාර මෙනුපත හා බුෆේ ක‍්‍රමයට රාත‍්‍රී ආහාරය මෙන්ම High Tea Buffet සඳහා 20% ක වට්ටමක් ද භුක්ති විඳීමට කාඞ්පත්හිමියන්ට හැකියාව ඇත.

මෙම මාසය තුළදී, දිවයින පුරා පිහිටි ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික සිල්ලර වෙළෙඳසැල් සඳහා 30% දක්වා වට්ටම් හිමි කර දෙන ප‍්‍රවර්ධන කිහිපයක් හඳුන්වා දීමට ද HNB සැලසුම් කරයි. එමෙන්ම අපේ‍්‍රල් 30 වැනිදා දක්වා අධ්‍යාපනය, රෝහල් සහ රක්ෂණය ආශ‍්‍රිතය සිදු කරනු ලබන ගනුදෙනු සඳහා මාස 06ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් පාරිභෝගිකයින්ට හිමි කර දීමට ද බැංකුව කටයුතු යොදා ඇත.

මේ වන විට බොහෝ ශ‍්‍රී ලාංකිකයින් විදුලි මිල සීඝ‍්‍රයෙන් ඉහළ දැමීම නිසා මුහුණ දෙන ගැටලූ අවබෝධ කර ගනිමින්, HNB පුනර්ජනනීය බලශක්තිය සඳහා වන සිය තිරසාර වැඩසටහන සමඟින් එක්ව අපේ‍්‍රල් මස අවසානය දක්වා තෝරාගත් සූර්ය පැනල අලෙවි කරනු ලබන වෙළඳුන් වෙතින් මාස 24 ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් පාරිභෝගිකයින්ට ලබා දෙයි.

https://www.hnb.net/personal/promotions/card-promotions#secoffers වෙත පිවිසීමෙන් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...