Lable by MAS සිය ‘9 nine නවය ஒன்பது’ ප‍්‍රදර්ශනය හරහා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ සමාජ අවබෝධය යළි අර්ථකතනය කරයි

Share

Share

Share

Share

අනුවර්තන ඇඳුම් පැළඳුම් (adaptive clothing) නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන MAS හි Lable සන්නාමය (Lable by MAS) විසින්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව 2023 දෙසැම්බර් 2 සහ 3 යන දිනවල One Galle Face Mall හිදී ‘9 nine නවය ஒன்பது’ නමින් සුවිශේෂී ප‍්‍රදර්ශනයක් පවත්වන ලදී.

ශ‍්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ ඇති මහජන ආකල්ප වෙනස් කිරීමේ සහ ආබාධිතභාවය පිළිබඳ දැනුවත් කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින්, MAS හි Label සන්නාමය (Lable by MAS) විසින් ‘9 nine නවය ஒன்பது’ ප‍්‍රදර්ශනය ඉදිරිපත් කරන්නේ මහජනතාව සඳහා අධ්‍යාපනික අත්දැකීමක් තිළිණ කිරීමටයි. එහිදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අවශ්‍යතාවන් අවබෝධ කර ගැනීමට සහ ඒ පිළිබඳව සංවේදී වීමට සහභාගීවූවන් දිරිමත් කරන ලදි.

ප‍්‍රදර්ශනය අංශ හතරකින් සමන්විත වූ අතර, ඒ සෑම එකක්ම ශාරීරික ආබාධ, සංවේදක ආබාධ (පෙනීම සහ ශ‍්‍රවණය) සහ සංවර්ධන ආබාධ වැනි විවිධ වූ ආබාධිත කාණ්ඩ කෙරෙහි අවධානය යොමු කර තිබුණි. මෙම අංශ හරහා ආබාධිත ප‍්‍රජාවගේ විවිධ අත්දැකීම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දුන් අතර, සහභාගීවූවන් ඒ පිළිබඳව වඩාත් සංවේදී විය. මෙම ප‍්‍රදර්ශනය හරහා විශේෂ අවශ්‍යතා සහිත ප‍්‍රජාව වෙනුවෙන් සාමාන්‍ය ජනතාවගෙන් ඉටුවිය යුතු යුතුකම් අවධාරණය කළ අතර මෙය බොහා්දෙනාගේ නෙත් කදුලින් තෙත් කළ අවස්ථාවක් විය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳව තීක්ෂණ බුද්ධියකින් ගවේෂණය කිරීම

කාමර 01 (සංවර්ධන ආබාධ) Kitty Ritig විසින්:

සුප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පියෙකු වන Kitty Ritig විසින් Make It Make Sense නිර්මාණය කරන ලදී. ඇයගේම අත්දැකීම් භාවිතා කරමින්, සමාජ අගතීන් සහ ප‍්‍රමාණවත් නොවන යටිතල පහසුකම් හමුවේ මෙම අබාධ සහිත ප‍්‍රජාව ජයග‍්‍රහණ වෙත යන ආකාරය මෙහිදී ප‍්‍රදර්ශනය කළ අතර සහයෝගය ලබාදීමේ සහ අවබෝධයේ වැදගත්කම අවධාරණය කළාය.

කාමර 02 (ශාරීරික ආබාධ) Siobhan D’Almeida විසින්:

Siobhan D’Almeida ගේ ‘From Here to There,’ අරමුණුගත කණ්ඩායම් සමග පැවති සංවාදවලින් ආභාෂය ලබා ගත් අතර සමාජීය බාධක ජය ගැනීමේදී ශාරීරික ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග විචිත‍්‍රවත් ලෙස නිරූපණය කරන ලදී. එමෙන්ම එමගින් ප‍්‍රවාහනයේ සහ පොදු යටිතල පහසුකම්වල අසමානතාවයන් සහ ඒවායේ අඩු ලූහුඩුකම් ඉස්මතු කළේය.

කාමර 03 (සංවේදී ආබාධ: ශ‍්‍රවණය) සහ කාමර 04 (සංවේදී ආබාධ: පෙනීම):

මෙම කාමර මගින් සංවේදනය පිළිබඳ ආබාධ ඇති අයගේ අත්දැකීම්, ඔවුන්ට අධ්‍යාපනය, සන්නිවේදනය සහ දෛනික අන්තර්ක‍්‍රියා සඳහා ප‍්‍රවේශ විය නොහැකි බව සහ සීමිත ප‍්‍රවේශය හේතුවෙන් ඔවුන් මුහුණ දෙන බාධා හෙළි කරයි.

කාමර 05 (ආරක්ෂිත ඉඩ) සහ ආකල්ප වෙනස් කිරීම සඳහා පොරොන්දුව:

මෙම ප‍්‍රදර්ශනය ජනතාවගේ සංවේදීත්වය කළම්ඹනය කරන ලද අතර ඒ බව හඳුනා ගනිමින්, සහභාගීවුවන්ට ඔවුන්ගේ හැඟීම් සමනය කරගැනීමට ආරක්ෂිත ඉඩක් (කාමර 05) ලබා දෙන ලදී.

ඒ සමඟම, ශ‍්‍රී ලංකාව තුළ සමාජ ආකල්ප වෙනස් කිරීමට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් සමානාත්මතාවය තිළිණ කිරීමට ජනතාව යොමුකිරීම උදෙසා #IamFor9 වැඩසටහන දියත් කරන ලදී. MAS හි Lable සන්නාමය (Lable by MAS) විසින් සංස්ථා, සංවිධාන සහ පුද්ගලයන්ට මෙම සමාජ සත්කාරය සමග එක්වන ලෙස ඉල්ලා සිටින අතර ඔවුන් හා සම්බන්ධ වෙමින් ‘9 nine නවය ஒன்பது’ ප‍්‍රදර්ශනය ශ‍්‍රී ලංකාවේ සියලූම පළාත් 9 වෙත ගෙන යාමට අපේක්ෂා කරයි. කායික වෙනස්කම් නොතකා සියලූදෙනා අතර සමානාත්මතාවය සහ ගෞරවය තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර තදින්ම බලපාන බව MAS හි Lable සන්නාමය (Lable by MAS) විශ්වාස කරයි.

‘9 nine නවය ஒன்பது’ සහ අනෙකුත් අඛණ්ඩ උත්සාහයන් හරහා, MAS හි Lable සන්නාමය (Lable by MAS) ශ‍්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳව සමාජය සිතන පතන ආකාරය වෙනස් කිරීමට අපේක්ෂා කරයි. මෙම ප‍්‍රදර්ශනය ඒ වෙනුවෙන් උත්පේ‍්‍රකයක් වන අතර සංවේදනය යළි අර්ථකතනය කරයි. MAS හි Lable සන්නාමය (Lable by MAS) මගින් සුපසන් ශ‍්‍රී ලංකාවක් සඳහා වූ මෙම සමාජ මෙහෙවරට සහය දැක්වීමට එක්වන ලෙස පුද්ගලයන්ට සහ සංවිධානවලට ආරාධනා කරයි. @lable.byMAS , LinkedIn හෝ www.lablebymas.com වෙතින් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

MAS Holdings හා අනුබද්ධිත Lable by MAS සන්නාමය, අනුවර්තන ඇඳුම් පැළඳුම් (adaptive clothing) නිෂ්පාදනයේ ප‍්‍රමුඛ වේ. දේශීය වශයෙන්, ධනාත්මක වෙනසක් ඇති කිරීම ඉලක්ක කර ගනිමින්, ජනතාව ලෝකය දෙස බලන ආකාරය වෙනස් කිරීමට ඔවුන් කැපවී සිටියි. ඔවුන්ගේ අවධානය යොමු වී ඇත්තේ සමස්ත සමාජය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් සමානාත්මතාවය සහ සංවේදනය සහතික කිරීමටයි.

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...