Samsung පාරිභෝගිකයින් වෙත විශිෂ්ට තත්වයේ 8K රූපරාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ගෙන ඒමට Warner Bros. Pictures සමඟ අත්වැල් බැඳ ගනී

Share

Share

Share

Share

මෙම ගෝලීය හවුල්කාරිත්වය මගින් පාරිභෝගික වෙළඳසැල් දහස් ගණනකට අති නවීන 8K උසස් තත්වයේ රූප රාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ලබා දෙයි

අඛණ්ඩව වසර 17ක් පුරාවට ලොව ප‍්‍රමුඛ පෙළේ රූපවාහිනී නිෂ්පාදකයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, Warner Bros. Pictures සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයට එළඹුණි. මෙම හවුල්කාරිත්වය හරහා ලොව පුරා පාරිභෝගික වෙළෙඳසැල් 65,000කට අධික සංඛ්‍යාවක නරඹන්නන් ආකර්ෂණය කරගනිමින් Neo QLED 8K රූපවාහිනී තිර මත ඉතා ඕනෑකමින් බලා සිටි චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ප‍්‍රදර්ශනය කරනු ඇත.

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් Visual Display Business හි විධායක උප සභාපති Cheolgi Kim පැවසුවේ, මෙම හවුල්කාරීත්වය 8K තාක්ෂණය සඳහා වැදගත් ඉදිරි පියවරක්. එය Neo QLED 8K රූපවාහිනීවල හැකියාවන් ඉස්මතු කරන අතර සුවිශේෂී සිනමාරූපී උසස් තත්වයේ චිත‍්‍රපට නැරඹීමට පාරිභෝගිකයින් උනන්දු කරනවා. Warner Bros. සමාගම සමඟ අත්වැල් බැඳ ගැනීමෙන් Samsung හට ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ ප‍්‍රියතම චිත‍්‍රපට අන් කවරදාටත් වඩා උසස් තත්වයේ රූපමය අත්දැකීමක් ලබා දෙන්නේ කෙසේද යන්න ultra-premium රූපවාහිනී තාක්ෂණයෙන් පෙන්වීමට හැකියාව ලැබෙනවා.’’ යනුවෙනි.

8K තාක්ෂණය සඳහා ඇති උනන්දුව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා, Samsung සහ Warner Bros. මෙම වසර මුලදී එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පාරිභෝගිත වෙළෙඳසැල් 450 කට වඩා වැඩි ගණනක ‘Creed III’ චිත‍්‍රපටයේ පූර්ණ ප‍්‍රචාරණ පටය තිරගත කරමින් ඔවුන්ගේ හවුල්කාරිත්වය ආරම්භ කළේය. මෙය ලොව පුරා සිටින පේ‍්‍රක්ෂකයින් අතර සැලකිය යුතු අවධානයක් සහ දැඩි ආශාවක් ඇති කිරීමට සමත් වූ අතර 8K තාක්ෂණය සඳහා ඉහළ යන ඉල්ලූම මැනවින් පෙන්නුම් කරයි. මෙම සාර්ථකත්වයෙන් පසුව Samsung සහ Warner Bros. එක්ව මෙම වැඩසටහන පුළුල් කිරීමට කටයුතු කර ඇත. දැන්, “Blue Beetle,” Dune: Part Two,” “Wonka” සහ “Aquaman and the Lost Kingdom” වැනි ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත‍්‍රපටවල පූර්ණ ප‍්‍රචාරණ පට ඇතුළුව, ඉහළ පෙළේ අන්තර්ගතයන්වල ආකර්ෂණීය එකතුවක් සමඟින් ලොව පුරා සිටින පාරිභෝගිකයින්ට Samsung Neo QLED 8K රූපවාහිනී අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

රසවින්දනාත්මක අන්තර්ගතයන් නිර්මාණය, නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ලොව ප‍්‍රමුඛයා Warner Bros. Pictures සමඟ ඇති මෙම හවුල්කාරිත්වය පාරිභෝගිකයින්ට උසස් තත්වයේ රසවින්දනාත්මක අත්දැකීමක් ලබා දීමට Samsung හි කැපවීම පිළිබිඹු කරයි. Warner Bros. යනු ලොව පුරා සිටින පාරිභෝගිකයන් වෙත ඉතා ඕනෑකමින් බල සිටින චිත‍්‍රපටවල 8K පූර්ණ ප‍්‍රචාරණ පට ගෙන ඒම සඳහා කදිම හවුල්කරුවෙකි.

සැම්සුන් හි Neo QLED 8K තිරය රූපවාහිනී කර්මාන්තය පරිවර්තනයකට ලක් කරමින් අන්තර්ගත නිෂ්පාදනය සහ ගෝලීය පාරිභෝගික වෙළඳපොළ යන අංශ දෙකෙහිම සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි. Neural Quantum Processor 8K සහ Quantum Matrix තාක්ෂණය මගින් බල ගැන්වෙන මෙම රූපවාහිනී තිර, තියුණු සවිස්තරාත්මක, නිවැරදි වර්ණ සහ ඉතාමත් තාත්වික, දෝෂ රහිත උසස් තත්වයේ රූපමය අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබා දෙයි. තවද පාරිභෝගික රූපවාහිනී වෙළඳපොලේ දැනට පවතින හොඳම නැරඹුම් අත්දැකීම Neo QLED 8K මගින් පාරිභෝගිකයින්ට ලබා දෙයි.

Warner Bros. Motion Picture Group පිළිබඳව

Warner Bros. Pictures, New Line Cinema සහ Warner Bros. Pictures Animation යන සමාගම්වලින් Warner Bros. Motion Picture Group සමන්විත වේ. Warner Bros. ලොව පුරා සිටින පේ‍්‍රක්ෂකයින් සඳහා සුවිශේෂී රසවින්දනාත්මක අත්දැකීමක් නිර්මාණය කිරීමට ලොව දක්ෂතම ප‍්‍රබන්ධකරුවන් කිහිපදෙනෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. Warner Bros. Motion Picture Group එහි ආරම්භයේ සිටම සලරූ චිත‍්‍රපට කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින අතර ලොව පුරා සිනමාහල්වල ප‍්‍රදර්ශනය වන චිත‍්‍රපට නිෂ්පාදනය කිරීම අඛණ්ඩව සිදු කරගෙන යයි.

 

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...