TikTok හරහා විලාසිතා ලොව කළඹන ඩොන් කෙවන්

Share

Share

Share

Share

ඔබ විලාසිතාවලට ප‍්‍රිය කරන්නේ නම්, TikTok හි @mensfashionsl ලෙස හඳුන්වන ඩොන් කෙවන් ගැන ඔබ අසා ඇති. ඔහු විලාසිතා ක්ෂේත‍්‍රයේ රැල්ලක් ඇති කරන ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ඇති කුරුණෑගල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුවකි. ඩොන් ශ‍්‍රී ලාංකික යෞවනයින්ට ඔවුන්ගේ ශෛලිය සහ නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම සඳහා අද්විතීය අන්තර්ගතයන් නිර්මාණය කරයි. මෙම විලාසිතා අන්තර්ගත නිර්මාණකරුවාගේ සාර්ථකත්වය පිටුපස ඇති කතාව අපි හෙළි කරන විට ඔහුගේ ගමන, ඔහු මුහුණ දුන් බාධක සහ ඔහුගේ බලාපොරොත්තු දෙස සමීපව අවධානය යොමු කල යුතුය.

• ඔබේ කතාව ගැන අපට කියන්න. ඔබ TikTok ආරම්භ කළේ කෙසේද?

මම ඩොන් කෙවන්. මම නිතරම විශ්වාස කරන්නේ හොඳින් ඇඳ පැළඳ සිටීමෙන් අපට අපි ගැන ආත්ම අභිමානයක් සහ ආත්ම විශ්වාසයක් ඇති වන බවයි. මෙම දැක්ම ප‍්‍රජාව වෙත ගෙන යාමට සහ ඔවුන්ට සරිලන විලාසිතාවක් තෝරාගැනීමට සහ ඒ පිළිබඳව දැනුවත් වීමට සහාය වීම මගේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ පිරිමි ප‍්‍රජාව සඳහා විලාසිතා, අදහස් සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි ඇඳුම් පැලඳුම් පිළිබඳ අදහස් ලබාදීමට TikTok හි මගේ ගමන ආරම්භ කළා. එසේ කිරීමෙන් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ධනාත්මක බලපෑමක් කළ හැකි බව මම විශ්වාස කරනවා. ආරම්භ කිරීම අභියෝගයක් වූ නමුත් මම අන්තර්ගතය නිර්මාණය කිරීම සහ මගේ පේ‍්‍රක්ෂකයින් සමඟ සම්බන්ධ වීම දිගටම කරගෙන යන විට, මගේ අනුගාමිකයින් සංඛ්‍යාව ක‍්‍රමයෙන් වර්ධනය වන බව මම දැක්කා.

• ඔබ TikTok හි කුමන ආකාරයේ අන්තර්ගතයක් නිර්මාණය කරන්නේද සහ ඔබේ පේ‍්‍රක්ෂකයින් ඒවා රසවිඳිනවා යැයි ඔබ සිතන්නේ ඇයි?

TikTok හි, මම මෙරට පිරිමි ප‍්‍රජාවට විශේෂයෙන් ගැලපෙන අන්තර්ගතයන් නිර්මාණය කරනවා. අතේ ඇති මුදලට ලබාගත හැකි විලාසිතා වල සිට රූපලාවණ්‍ය ඉඟි සහ නවීන ඇඳුම් මෝස්තර දක්වා, සෑම කෙනෙකුටම ප‍්‍රවේශ විය හැකි සහ විනෝදජනක අන්තර්ගතයන් නිර්මාණය කිරීම මගේ අරමුණයි. මගේ පේ‍්‍රක්ෂකයන් මගේ අන්තර්ගතය රසවිඳිනවා කියලා මම හිතනවා. හැඩකාර ලෙස ඇඳුම් ඇඳීමේ වැදගත්කම ඔවුන්ගේ ජීවිතයට ධනාත්මක ලෙස බලපාන්නේ කෙසේදැයි මම ඒ තුළින් ඉදිරිපත් කිරීමට උත්සහ කරනවා.

• ඔබගේ TikTok ගමනේදී අනෙකුත් අන්තර්ගත නිර්මාණකරුවන් සහ සන්නාම සමඟ ඇති සහයෝගීතාවය කෙතරම් වැදගත්ද? ඔබ මෙම සහයෝගීතාවයන් වෙත පිවිසෙන්නේ කෙසේද?

TikTok හි මගේ වර්ධනයට වෙනත් වෙළඳ නාම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ද වඩාත් ඉවහල් වුණා. එය මට නව පේ‍්‍රක්ෂකයින් වෙත ළඟා වීමට සහ මගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා. සහයෝගීතාවයන් වෙත ළඟා වන විට, සන්නාමයන් මගේ වටිනාකම් සමඟ ගැලපෙන බවත් මගේ පේ‍්‍රක්ෂකයින්ට ගැලපෙන බවත් මම තහවුරු කර ගන්නවා. අව්‍යාජ බව ඉතා වැදගත් වන අතර, සෑම හවුල්කාරිත්වයක් හරහාම මගේ අනුගාමිකයින්ගේ ජීවිතවලට වටිනාකමක් එක් කිරීමට මට අවශ්‍යයි. මගේ අභිප‍්‍රායන් සහ අරමුණු වලට බාධාවක් නොවන නිර්මාණකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද මම බලාපොරොත්තු වෙනවා.

• TikTok හි අනෙකුත් විලාසිතා අන්තර්ගත නිර්මාණකරුවන්ගෙන් ඔබව වෙනස් වන්නේ කෙසේද?

TikTok හි අනෙකුත් විලාසිතා අන්තර්ගත නිර්මාණකරුවන්ගෙන් මා වෙනස් වන්නේ සාමාන්‍ය ශ‍්‍රී ලාංකික පිරිමි ප‍්‍රජාව මූලික කරගෙන මගේ අන්තර්ගතයන් නිර්මාණය කිරීමයි. මෙම ක්ෂේත‍්‍රයේ බොහෝ දක්ෂ නිර්මාණකරුවන් සිටිනවා, ජනතාව කෙරෙහි සේවය කිරීම වෙනුවෙන් මට ඇති අවංක බලාපොරොත්තුව ඒ අතරින් මම වෙනස් වීමට හේතුවන බවට මම විශ්වාස කරනවා. ඇත්තෙන්ම මම ඕනෑම කෙනෙකුට අනුගමනය කළ හැකි ප‍්‍රායෝගික සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි විලාසිතා උපදෙස් ලබා දෙන්න උත්සහ කරනවා.

• අනාගතයේදී ඔබේ අන්තර්ගතය හරහා ඔබ සාක්ෂාත් කර ගැනීමට කැමති පුද්ගලික ඉලක්ක මොනවාද?

මගේ අවසාන අරමුණ මෙරට පිරිමි ප‍්‍රජාව හට විලාසිතා තුළින් ඔවුන්ගේ සුවිශේෂත්වය වැළඳ ගැනීමට අඛණ්ඩව උපකාර කිරීමයි. අපගේ නිශ්චිත රුචි අරුචිකම් සහ අවශ්‍යතා සපුරාලන නිර්මාණ එකතුවක් නිර්මාණය කිරීම සඳහා මගේ ප‍්‍රවේශය පුළුල් කිරීමට සහ දේශීය සන්නාම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මට අවශ්‍යයි. මීට අමතරව, විලාසිතා අංග සියල්ල ඊට ඇතුළත් විය යුතු බව මම විශ්වාස කරන බැවින්, ඒ ඒ ශරීර ස්භාවයට අනුව විලාසිතා ප‍්‍රවර්ධනය සහ ස්වයං-පිළිගැනීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා මගේ වේදිකාව භාවිතා කිරීමට මම අපේක්ෂා කරනවා.

 

 

 

LankaPay Technnovation Awards 2026 හිදී...
BYD ශ්‍රී ලංකාව තුළ වාහන...
TikTok releases Q4 2025 Community...
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ...
ITC Ratnadipa Presents The Art...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
புதிய வாகன மாடல்களுக்கான விரிவான லீசிங்...