TikTok ජනාධිපතිවරණයට පෙර මැතිවරණ සහයෝගීතා උපදෙස් බෙදාහදා ගනියි

Share

Share

Share

Share

එළැඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරණ ක්‍රියාමාර්ගවලදී නීති රීති ආරක්ෂා කර ගනිමින් අත්තර්ගතයන් නිර්මාණය කිරීම පිළිබඳව දැනුම බෙදා ගැනීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. එහිදී විශේෂයෙන් තීරණාත්මක අවස්ථාවකදී වගකීම් සහගත හා විශ්වාසදායී තොරතුරු මූලාශ්‍ර භාවිත කිරීම පිළිබඳව TikTok අවධාරණය කරන ලදී.

TikTok හි ප්‍රජා මූලධර්මවලට අනුව අසත්‍ය හා වැරදි තොරතුරු, ප්‍රචණ්ඩත්වය හා වෛරී ප්‍රකාශනයන්ට එරෙහිව ශක්තිමත් ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාව පවතී. ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීම, අපේක්ෂකයින්ගේ සුදුසුකම්, ඡන්ද ගණන් කිරීම හා මැතිවරණ ප්‍රතිඵල ඇතුළු ජනතාව නොමඟ යවන තොරතුරු ඉවත් කිරීමට කටයුතු කර ඇති TikTok සිය ප්‍රතිපත්ති තුළින් ඡන්ද දායකයින් බිය ගන්වන, ඡන්දය ප්‍රකාශ කිරීම උදාසීන කරන හා ප්‍රචණ්ඩත්වය ඇති කරන අන්තර්ගයන් තහනම් කිරීමට ද කටයුතු කර ඇත. මෙම නීති ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය වශයෙන් උසස් තාක්ෂණය භාවිත කරමින් 40,000කට අධික පිරිසක් සේවයේ යෙදවීමට TikTok කටයුතු කර ඇත්තේ බුද්ධි අංශ, කර්මාන්ත හවුල්කරුවන් හා සිවිල් සමාජ සංවිධාන සමඟ එක් වෙමිනි.

මෙහිදී වැරදි තොරතුරු ප්‍රතික්ෂේප කිරීම සඳහා සහාය දැක්වීමට මෙන්ම මැතිවරණ වැරදි අවම කිරීම සඳහා ස්ථාවර හා නිවැරදි තොරතුරු ලබා දීම වෙනුවෙන් කලාපීය දත්ත පරීක්ෂකවරුන් යෙදවීමටද TikTok කටයුතු කර ඇත. තවද සමාලෝචනය කර ඇති හෝ දැනට තහවුරු නොකළ බවට හඳුනාගෙන ඇති අන්තර්ගතයන් For You Feed නිර්දේශයගෙන් සීමා කර ඇති අතර එම අන්තර්ගතයන් හේතුවෙන් සිදු විය හැකි නොමඟ යැවීමේ ස්වභාවය පිළිබඳව නිර්මාණ ශිල්පීන් මෙන්ම ග්‍රාහකයින් දැනුවත් කිරීමටද ඔවුන් කටයුතු යොදා තිබේ.

TikTok හි තවත් සුවිශේෂී පියවරක් ලෙස ශ්‍රී ලංකා මැතිවරණ මධ්‍යස්ථානය දියත් කිරීම සඳහන් කළ හැකිය. සිංහල, ඉංග්‍රීසි සහ දමිල භාෂාවලින් සියලු තොරතුරු ලබා ගත හැකි මෙම මධ්‍යස්ථානය මැතිවරණය පිළිබඳ පිළිගත් තොරතුරු පරිශීලකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇත. ඒ සඳහා ඉහළම තාක්ෂණික භාවිතයන් යොදා ගැනීමට කටයුතු කර ඇති TikTok දේශීය භාෂා භාවිත කරමින් ප්‍රජා මාර්ග උල්ලංඝනය කිරීම්වලින් තොර ආරක්ෂිත පරිසරයක් ලබා දීමට කටයුතු කර ඇත.

තවද නිවැරදි පරිශීලක අත්දැකීමක් පවත්වා ගැනීම සඳහා දේශපාලන දැන්වීම්වලට එරෙහි සිය ප්‍රතිපත්ති නැවත අවධාරණය කිරීමට TikTok කටයුතු කිරීම හේතුවෙන් දේශපාලන ප්‍රවර්ධනය, දේශපාලන ප්‍රචාරණය හා දේශපාලන අරමුදල් රැස්කිරීම් සීමා කිරීම සිදු ව ඇත. මෙම ප්‍රතිපත්ති අනුගමනය කරන බවට තහවුරු කිරීම සඳහා රජයන්, දේශපාලනඥයින් හෝ දේශපාලන පක්ෂවලට සම්බන්ධ ගිණුම්වලට සීමිත අවස්ථාවන් ලබා දීමට කටයුතු කිරීමද විශේෂත්වයකි.

මැතිවරණ ප්‍රචාරණය තුළ නියමිත ක්‍රමවේදවලට අනුකූලව කටයුතු කරන TikTok ඒ තුළින් සිය පරිශිලකයින්ගේ නිර්මාණශීලීත්වය හා සතුට ඉහළ නැංවීමේ සිය මෙහෙවර මනාව ප්‍රකට කර ඇත. නිර්මාණාත්මකබව සඳහා ගෝලීය සිදුවීම් ඉවහල් වන බව පිළිගන්නා ඔවුන් ලොව පුරා සිය ප්‍රජාව වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබයි. TikTok හි මැතිවරණ සහයෝගීතා ප්‍රයත්නයන් පිළිබඳ වැඩිදුර තොරතුරු https://www.tiktok.com/safety/en/election-integrity/ වෙතින් දැන ගත හැකිය.

 

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...