TikTok, ශ්රී ලංකා රජය සමඟ සහායෙන් විද්යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය අන්තර්ගතයන් ඇතුලත් STEM Feed දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. රජය සහ ශ්රී ලාංකේය ප්රජාව සමඟ ඩිජිටල්කරණය ප්රමුඛ කොටගත් අධ්යාපන අවස්ථාවන් ඉහළ නැංවීම වෙනුවෙන් දියත් කරනු ලැබූ මෙම නවතම අන්තර්ගතය මෙරට TikTok පරිශීලකයින්ට නවමු අත්දැකීමක් එක් කරනු නිසැකය.
අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්රධානත්වයෙන් පැවති මෙම සුවිශේෂී දියත් කිරීමේ අවස්ථාව වෙනුවෙන් TikTok නියෝජිතයින්, STEM අධ්යාපන අන්තර්ගතයන් වෙනුවෙන් ක්රියාකාරීව දායක වන අධ්යාපන ප්රවීණයින්, ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරීන් සහ නිර්මාණකරුවන් ද එක්ව සිටියේය. ශ්රී ලංකා රජය සහ ජාතික අධ්යාපන ප්රජාව අතර සහයෝගීතාව පිළිබඳ අවධාරණය කළ TikTok මෙරට තරුණ තරුණියන් සඳහා ඩිජිටල් ඉගෙනුම් අවස්ථාවන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සුවිශේෂී වැඩසටහනක් වෙනුවෙන් අවස්ථාව සලසා දෙන ලදී.
STEM feed යනු විද්යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය යන විෂය ක්ෂේත්රයන් කෙරෙහි අවධානය යොමු කරමින් උසස් තත්වයේ අන්තර්ගතයන්ගෙන් සමන්විත ඉහළ අවබෝධයක් ලබා ගත හැකි විශේෂාංගයකි. ශ්රී ලංකාවේ සිසුන්, අධ්යාපනඥයින් සහ තරුණ වෘත්තිකයින් ගේ ගැටලු විසඳීමට, අවබෝධය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල් ඉගෙනුම් අවස්ථා වර්ධනය කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙය යටතේ #StemTok නමින් හෑෂ් ටැගයක් මෙන්ම a landing page දියත් කිරීමටද TikTok කටයුතු යොදා ඇත. ඒ හරහා හවුල්කරුවන්ට, නිර්මාණකරුවන් සහ ප්රකාශකයින් විසින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන්හි දේශීය භාෂාවෙන් යුත් STEM වෙත පිවිසීමේ අවස්ථාව මෙරට පරිශීලකයින්ට උදා කර දී ඇත.
මෙම අවස්ථාවට එක් වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙම දියත් කිරීම වැදගත් ඉදිරි පියවරක් ලෙස පෙන්වා දුන්නාය- “TikTok වැනි ජාත්යන්තර හවුල්කරුවන් ශ්රී ලංකා රජයේ ඉලක්කවලට සහාය දෙන විට, එම ඉලක්ක ශක්තිමත් හා ඵලදායී වීමට TikTok උපකාරී වනවා. ඔවුන්ගේ සහභාගීත්වය මෙම කාර්යයට අමතර ශක්තියක්, නව අදහස් සහ විවිධ දෘෂ්ටිකෝණ රැගෙන එනවා. ඒ වගේම මෙම මුලපිරීම රට පුරා වැඩි පිරිසකට ළඟා වීමට ද උපකාරී වනවා. රජයේ කාර්ය සාධක බලකාය මුලින්ම TikTok සමඟ වැඩ කිරීමට පටන් ගත් විට, විනෝදාස්වාදයට වඩා වැඩි යමක් සඳහා TikTok යෙදවුම භාවිතා කළ හැකිද? ඉගෙනීම සහ අධ්යාපනය දිරිමත් කිරීම සඳහාත් එය භාවිතා කළ හැකිදැයි අප ඇසුවා. එයට පිළිතුර අද ඔබ ඉදිරියේ තිබෙනවා. මෙම STEM Feed දියත් කිරීම අපගේ හවුල්කාරීත්වයේ ප්රතිඵලයයි.” යනුවෙන් ඇය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ TikTok හි දකුණු ආසියානු රාජ්ය ප්රතිපත්ති සහ රාජ්ය සබඳතා ප්රධානී Ferdous Mottakin මහතා “ශ්රී ලංකාව තුළ STEM අන්තර්ගතය දියත් කිරීම අධ්යාපනය සඳහා වන අවස්ථාවන් ඉහළ නැංවීම සඳහා මෙන්ම ආරක්ෂිත සහ විශ්වාසදායී ඩිජිටල් පරිසරයක් තුළ කටයුතු කරන බව සහතික කිරීමට හැකියාව උදා වනවා. අධ්යාපනයේ හා තාක්ෂණයේ හෙට දවසේ ක්රියාකාරී පිරිස වන්නේ තරුණ පරපුරයි. ඔවුන්ට දෙමව්පියන්, අධ්යාපනඥයින් සහ රජය සමඟ එක්ව අනාගත පරපුර බලගැන්විය හැකි ආකාරය පිළිබඳ කලාපය තුළ සුවිශේෂී උදාහරණයක් ලෙස ශ්රී ලංකාව පෙන්වා දිය හැකියි. ”යනුවෙන් පැවසීය.
TikTok මෙහිදී අවධාරණය කර සිටියේ ඩිජිටල් අධ්යාපනය තුළ ඊට සහභාගී වන පරිශීලකයින් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවයි. එය TikTok හි ප්රමුඛතාවයක් වන අතර ඒ සඳහා Family Pairing වැනි විශේෂාංග හඳුන්වා දෙමින් දෙමව්පියන් සහ නව යොවුන් දරුවන්ගේ ගිණුම් එකිනෙකට සම්බන්ධ කිරීමට කටයුතු කර ඇත්තේ දරුවන්ගේ තිර කාලය (screen time) කළමනාකරණය කිරීම, අනවශ්ය අන්තර් ක්රියා අවම කිරීම හා නුසුදුසු අන්තර්ගතයන් වෙත පිවිසීමේ අවස්ථාව අවම කිරීම වෙනුවෙනි. තවද මේ හරහා ජාල දෘෂ්යතාව, අනවශ්ය කාල කළමනාකරණය, ක්රියාකාරී වාර්තාකරණ ඇඟවීම්, අමතර යාවත්කාලීන කිරීම් හරවත් ඩිජිටල් පුරුදු දිරිමත් කිරීම. මානසික සෞඛ්යය වර්ධනය මෙන්ම online අන්තර්ක්රියාවල විනිවිදභාවය ඉහළ නැංවීම සිදු කරනු ලබයි. තවද මෙම නවතම STEM අන්තර්ගතය ඉගෙනීමට උනන්දුවක් දක්වන්නන් අතර ආරක්ෂිත හා විශ්වාසදායී අවකාශයක් ලෙස ක්රියාත්මක වන බව සහතික කිරීමටද TikTok අරමුණු කොට ගෙන ඇත.
TikTok හි ගෝලීය ප්රජා මාර්ගෝපදේශවලට අනුකූලව හඳුන්වා දෙනු ලැබූ STEM අන්තර්ගතය අධ්යාපනඥයින්, දෙමව්පියන් මෙන්ම ප්රතිපත්ති සම්පාදකයින්ගේ විශ්වාසයට පාත්ර විය හැකි පිළිගත් අධ්යාපනික අන්තර්ගතයක් බවට පත් වනු නිසැකය. මෙරට රජයේ හවුල්කාරීත්වය තුලින් අධ්යාපනය පිළිබඳ ඔවුන්ගේ දැක්මට සුවිසල් ශක්තියක් ලබා දෙන තාරුණ්ය බලගැන්වීමට මෙන්ම අනාගතය උදෙසා වන දැනුම සුරක්ෂිත කිරීමේ තීරණාත්මක ගමනේ සුවිශේෂී අවස්ථාවක්ද නියෝජනය කරනු ලබයි.