ජනාධිපතිවරණය සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට TikTok පියවර ගනියි

Share

Share

Share

Share

2024 සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ජනාධිපතිවරණය සඳහා ඉතිරිව ඇත්තේ තවත් එක් දිනකි. ඒ සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට මෙන්ම සිය වේදිකාව තුළ මැතිවරණ කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් සිය ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටියි. ජනාධිපතිවරණයේ තීරණාත්මක දින කිහිපයක් වන මෙම කාලය තුලදී ආරක්ෂිත, සත්‍ය හා විශ්වාසදායී තොරතුරු ග්‍රාහකයින් වෙත ලබා දීම සඳහා TikTok මෙම පියවර ගෙන ඇත.

මේ සඳහා ශක්තිමත් ගෝලීය සැලසුමක් සකස් කර ඇති TikTok මෙරට මැතිවරණ අන්තර්ගතය ආමන්ත්‍රණය කිරීම සඳහා IFCN හි අනුමැතිය ලත් තොරතුරු සෙවීමේ ආයතනයක් වන Newschecker සමඟ එක්ව කටයුතු කරනු ලබයි. මේ තුළින් වැරදි හා අසත්‍ය තොරතුරු හඳුනා ගැනීමට, ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමට හා ජනතාව සමඟ වැදගත් කරුණු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු බෙදා හදා ගැනීමට අවකාශ උදා වේ. එසේම Newschecker තුළින් TikTok ප්‍රජා මාර්ගෝපදේශයන් ආරක්ෂා කිරීම සඳහා උපකාරී වන වැදගත් තොරතුරු ලබා දීමද සිදු වේ.

සිය පරිශීලක දැනුම ඉහළ නැංවීම හා අඛණ්ඩතාවය පවත්වා ගැනීම සඳහා වැඩි සහභාගීත්වයක් සනිටුහන් කිරීම අරමුණු කරගත් උපාය මාර්ගයන් සහිත නව්‍ය නිෂ්පාදන විශේෂාංග හඳුන්වා දීමට කටයුතු කර ඇති TikTok මැතිවරණය පිළිබඳ භාෂා ත්‍රිත්වයෙන්ම නිල බලයලත් තොරතුරු ලබා දීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමටද කටවයුතු කරනු ලැබීය. ඊට අමතරව වැරදි තොරතුරු පහසුවෙන් හඳුනා ගැනීමට හා ඒවා වාර්තා කිරීමට පරිශීලකයින්ට අවස්ථාව සලසා දී ඇති TikTok මැතිවරණ කාල සීමාව තුළ තීරණාත්මක හා සුපරීක්ෂාකාරී වගකිවයුතු ප්‍රජාවක් ගොඩනැගීමට සමත්ව සිටියි.

එසේම අධ්‍යාපන අන්තර්ගයන් හා මාර්ගෝපදේශයන් ලබා දීම තුළින් පරිශීලකයින්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීමටද TikTok කටයුතු කර ඇත. විශේෂයෙන් ජනතාව තුළ විශ්වසනීය තොරතුරු හඳුනා ගැනීමට අවශ්‍ය හැකියාවන් ඉහළ නංවමින් මැතිවරණ ක්‍රියාවලියේ සහභාගීත්වය ඉහළ නැංවීම මෙහි අරමුණයි.

TikTok හි මෙම ප්‍රජා මාර්ගෝපදේශයන් වැරදි හා අසත්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීමට සුවිසල් කාර්යභාරයක් ඉටු කරන අතර එම මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අන්තර්ගතයන් ඉවත් කිරීම, සෙවුම් ප්‍රතිඵල බලයලත් මූලාශ්‍රයන් වෙත ආපසු යොමු කිරීම හා තහවුරු නොකළ තොරතුරු දැන ගැනීමේ හැකියාව අවම කිරීම වැනි කටයුතු සඳහා සේවාවන් රැසක් සහිත ප්‍රවේශයක් භාවිත කිරීමට TikTok කටයුතු කරනු ලබයි.

නිරන්තරයෙන් විනිවිදභාවයෙන් යුත් තොරතුරු ලබා දෙමින් සහයෝගීතාව ගොඩනැගීම අරමුණු කරගත් TikTok විශ්වාසදායී තොරතුරු මූලාශ්‍රයන් වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇත්තේ විශේෂඥයින්, උපදේශක සභා සහ සිවිල් සමාජ සංවිධාන සමඟ කටයුතු කරන අතරතුර සිය ප්‍රතිපත්ති රාමුව සංවර්ධනය කිරීමට කටයුතු කරමිනි. TikTok එහි ආචාරධර්ම මඟින් වගකීම් සහගත සමාජ මාධ්‍යයක් වෙනුවෙන් සිදු කරන කැපවීම මනාව ප්‍රදර්ශනය වේ.

සතුට හා නිර්මාණකරණය පදනම් කරගත් කේන්ද්‍රස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට කැපවී සිටින TikTok සත්‍ය හා විශ්වසනීය තොරතුරු සපයන වේදිකාවක් බවටද සහතික කර ඇති අතර වැරදි හා අසත්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කරන සත්‍ය හා නිවැරදි තොරතුරු ඇතුළත් ඩිජිටල් අවකාශයක් ලොව පුරා ජනතාව වෙත ගෙන යාමට කටයුතු කරමින් සිටියි.

දේශගුණික විපත් දරිද්‍රතාව සහ රට...
සමාජ තිරසරබව සහිත යුගයක් වෙතපිවිසීම...
CIC Holdings’ 9MFY26 revenue reaches...
ආදරයේ රස මුසු තැන් සමඟින්...
From Kevum to Keto: How...
33න් වන වරටත් පවත්වන ‘කලා...
TikTok இன் Creator Search Insights...
காதலின் உன்னதத் தருணங்கள்: சிட்டி ஆஃப்...
33න් වන වරටත් පවත්වන ‘කලා...
TikTok இன் Creator Search Insights...
காதலின் உன்னதத் தருணங்கள்: சிட்டி ஆஃப்...
1880இல் இருந்து நிலம், மக்கள் மற்றும்...