පවුලේ අවුරුදු අසිරිය TikTok සමඟින් ලොව පුරා ගෙන ගිය අයුරු

Share

Share

Share

Share

බක් මාසය හෙවත් භාග්‍යවත් මාසය ලෙස හැඳින්වෙන අප්‍රේල් මාසය උදා වන්නේ පරිසරයට අමුතුම ජීවයක් හා අලංකාරයක් එක් කරමිනි. මලින් හා ඵලින් බර වූ ගස් වැල්, කොහා ගේ ඉමිහිරි නාදය ඊට එක් කරන්නේ තවත් ආකර්ෂණයකි. කැවුම් කොකිස් සුවඳින් පරිසරයට සුවඳවත් වන මෙකල ශ්‍රී ලාංකිකයින් සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට සූදානම් වන බව ලොවට පවසයි. ඇඳුමෙන් පැලඳුමෙන් මෙන්ම අදහස් හා සිතිවිලි වලින්ද අලුත් වන සිංහල හින්දු අලුත් අවුරුද්ද නැකැත් චාරිත්‍රයන්ට මුල් තැන දෙමින් හෙල සිරිතට ගරු කරමින් සමරනු ලබයි. අලුත් අවුරුද්දේ විශේෂ අවස්ථාවන් අද වන විට සියලු දෙනා සමඟ බෙදා හදා ගැනීම උදෙසා සමාජ මාධ්‍ය භාවිත කිරීමට බොහෝ දෙනා කටයුතු කර ඇත.

TikTok ඊට කදිම වේදිකාවක් බවට පත්ව ඇත්තේ පහසුවෙන් සුවිසල් ප්‍රජාවක් වෙත තමන්ගේ අවුරුදු විශේෂ අවස්ථා ගෙන යාමට හැකි වන බැවිනි. #Avurudu, #TamizhPuththandu, #AluthAvurudda, #SinhalaTamilNewYear යනාදී TikTok පිටු එම පණිවිඩය ගෙන යාමට මහගු සහයෝගයක් විය.

අලුත් අවුරුද්දේ සෑම චාරිත්‍රයක්ම ඉටු කරන්නේ ‘’නැකත්” හෝ ”සුබ නේරම්” (Subha Neram) වලට අනුවයි. අතීතයේදී ලිත බලා හෝ වැඩිහිටියන්ගෙන් අසා දැනගත් මෙම නැකත් වේලාවන්, අද වන විට TikTok වැනි ඩිජිටල් මාධ්‍ය හරහා ඉතා සරලව දැනගත හැකියි. නිර්මාණකරුවන් කෙටි වීඩියෝ මඟින් නැකත් වේලාවන්, ඒවා ඉටුකරන ආකාරය සහ මතක් කිරීම් කරයි. මේ නිසා, ලිප ගිනි මෙලවීමට හෝ වැඩ ඇල්ලීමට නියමිත වේලාව පැමිණි විට, පරිශීලකයන්ට අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් හා පහසුවෙන් සොයා ගැනීමට අවස්ථාව ලැබී තිබේ.

අලුත් අවුරුද්දේ වැදගත්ම අංගය වන්නේ ආහාරයි. කැවුම්, කොකිස් සහ කිරිබත්වලින් පිරුණු අවුරුදු මේසය හුදෙක් කෑම වේලක් පමණක් නොව, එය අපේ සංස්කෘතියේ සහ සහජීවනයේ සංකේතයකි. අතීතයේදී මෙම කෑම වර්ග සාදන ක්‍රම ලියා තැබුවේ නැති අතර එවා වැඩිහිටියන්ගෙන් බලා හුරුපුරුදු විය. නමුත් අද වන විට TikTok වැනි මාධ්‍ය හරහා මෙම වට්ටෝරු ඉතා සරල පියවරක් පාසා ඉගෙන ගැනීමට අවස්ථාව ලැබී තිබේ. වීඩියෝ මඟින් කෑම සාදන ආකාරය සජීවීව දැකගත හැකි අතර, ඕනෑම වෙලාවක නැවත බැලීමට ඒවා පසුව නැරඹීම සඳහා හැකියි. මෙය විශේෂයෙන්ම අවුරුදු කෑම සෑදීමට හුරු නැති තරුණ පරපුරට මහඟු පිටුවහලකි.

අතීතයේ සිටම අලුත් අවුරුද්ද පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආවේ නිවෙස් තුළ සිදුකළ චාරිත්‍ර වාරිත්‍ර පාදක කර ගනිමිනි. එදා පුංචි දරුවන් තමන්ගේ දෙමව්පියන්, වැඩිහිටියන් සිදු කළ දේ අත්විඳිමින් අද වැඩිහිටියන් බවට පත්ව එම චාරිත්‍ර වාරිත්‍රයන් අලුත් අවුරුද්දේ ක්‍රියාත්මක කරමින් සිටිති. ඔවුන් සිටින්නේ ඩිජිටල් යුගයක බැවින් අද වන විට TikTok වැනි මාධ්‍ය නිසා මෙම සැමරුම එක් නිවසකට පමණක් සීමා නොවී, රටවල් සහ ප්‍රජාවන් අතර එකම මොහොතක බෙදාගන්නා පොදු අත්දැකීමක් බවට පත්ව ඇත. මෙය පැරණි සම්ප්‍රදායන් වෙනස් කිරීමක් නොව, ඒවා තවත් ශක්තිමත් කරමින් වැඩි පිරිසක් අතරට රැගෙන
ඒ නිසාම මෙතෙක් පවුලේ සියලු දෙනා සහ නෑ හිත මිතුරන් සමඟ එක්ව සමරනු ලැබූ සිංහල හින්දු අලුත් අවුරුද්ද අද වන විට ලොව පුරා සියලු හිත මිතුරන් සමඟ බෙදාහදා ගනිමින් සැමරීමේ අවස්ථාව TikTok වැනි සමාජ මාධ්‍ය හේතුවෙන් උදා වී ඇති බව යළි යළිත් මතක් කළ යුතුය. එය ඔබේත් ඔබ ළඟින් මෙන්ම දුරින් සිටින හිතවතුන්ගේත් සබඳතාව තව තවත් ශක්තිමත් කිරීමටද හේතුවක් වනු නිසැකය.

பிரதான 9 துறைகளில் சிறந்த திறமைகளை...
2026 ONE LOVE ரெகே நிகழ்ச்சி...
SWEDEN: A PUBLIC HEALTH BLUEPRINT...
ලංකා ටයිල්ස් නව ප්‍රදර්ශනාගාරය බොරැල්ලේදී...
LANKATILES Unveiled 60th Showroom, Elevating...
Prime Group අනුග්‍රහය යටතේ අරලියගහ...
Prime Group இனால் பிரதமரின் பாதுகாப்பு...
Prime Melwa Port City (Pvt)...
Prime Group අනුග්‍රහය යටතේ අරලියගහ...
Prime Group இனால் பிரதமரின் பாதுகாப்பு...
Prime Melwa Port City (Pvt)...
2026 One Love Reggae සංගීත...