අටාලේ ශ්‍රී ලංකාවේ විශාලතම රබර් වතුයයේ තිරසර භාරකාරත්වය

Share

Share

Share

Share

‌1904 දී ස්ථාපනය කල අටාලේ වතුයාය අද වන විට ‌ෙඒතිහාසික හා භූගෝලීය වැදගත්කමක් උසුලයි. මෙම වතුයාය ආරම්භයේදී මෙසර්ස් සමූහයට අයත් වතුයායක් ව පැවති අතර මෙහි හිමිකාරීත්වය පැවති කාසන්ස් ඇන්ඩ් කම්බර්බැච් සහ සමාගමට අයත් සෙන්ට්‍රල් සිලෝන් රබර් ඒස්ටේට් සමාගම අක්කර 43,000කට අධික වැවිලි ත්ෂේත්‍රයක් කළමනාකරණය කරන ලදි.

කාලය ගත වීමත් සමග ඉට යාබද ව පිහිටි වතුයායන් වන මාබොඩ, බෝයගොඩ, දික්හේන, අලුල් සහ පැරණි අරන්දර, සහ ඉන් අනතුරුව ‌ඩෝපෙට් සහ මේලන්ඩ් යන වතුයායන්ද ඇට්ලේ වතුයායට ඒක් කරන ලදි. බ්‍රිතාන්‍ය පාලන සමයෙහි මෙම වතු අතුරින් සමහරක් ස්වධීන වතුයායන් ලෙස පාලනය වූ අතර පින්දෙනි ඔය වතුයාය තුල ඔවුන්ටම අයත් රබර් කර්මාන්තශාලාවක් සහ තේ වගාවක් ද සතු විය.

මෙම වතුයායේ දිගු ගමන් මග තුල මෙරට රබර් කර්මාන්තයේ පරිවර්තනය මැනවින් පිලිබිඹු වූ අතර මුල් කාලයේ පැවති වාණිජ වැවිලි ව්‍යාප්තිය සහ නිදහසින් පසු වැවිලි ක්ෂේත්‍රය මෙන්ම ජනසතුකරණය සහ ඉන් අනතුරුව සිදු වූ ව්‍යුහාත්මක වෙනස්කම් හොඳින් අවබෝධ කර ගත හැක. 1976 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙන ඒමේනම් අනතුරුව අටාලේ වතුයාය ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ කළමනාකාරීත්වයට පැවරුණු අතර 1992 පුද්ගලීකරණය කිරීමෙන් අනතුරුව ඒම බලතල කෑගල්ල වැවිලි සමාගමට හිමි විය.

පරිපාලනයම ඒකාත්මික වීම් හරහා පසුගිය දශකය තුල වතුයායේ මුලු භුමි ප්‍රමාණය හෙක්ටයාර 1142ක් වෙමින් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විශාලතම රබර් වතුයාය බවට පත් ව ඇත. අද වන විට මෙම වතුයාය කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරී වසම් 7ක් ආවරණය කරන අතර අත්දැකීම් සහිත වැවිලිකරුවන්ගේ විශේෂඥ භාරකාරීත්වය යටතේ දිගුකාලීන සාර්ථකත්වයකට ඒළැඹ සිටී.

විවිධ අභියෝග රැසක් මධ්‍යයේ ඔවුන්ගේ නායකත්වය තුලින් සමස්ත වතුයායේ සහ කර්මාන්තශාලාවේ තත්වය සහ ප්‍රමිතිය රැකගැනීමට සමත් වී සිටින අතර පරිසරය සඳහා වන වගකීම් සහ මෙහෙයුම් විහිෂටත්වය අද දක්වා ඒලෙසම පවත්වාගැනීමට ඔවුහු සමත් වී ඇත.

තිරසාර වැවිලි කළමණාකාරීත්ව, පර්යේෂණ මත පදනම් වූ භාවිතයන් සහ පාරිසරික කැපවීම
ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කලාපයේ පිහිටි අටාලේ වතුයාය හා ඒහි උපායමාර්ගික පිහිටිම ඊට ශක්තියක් වන අතර තිරසාර වැවිලි කළමනාකරනයක් සඳහා කැපවී සිටී. මිලිමීටර් 2000ත් 3000ත් අතර වන අධික වර්ෂා පතනය, ශෙල්සියස් අංශක 27.8ක් ව පවතින නිවර්තන උෂ්ණත්වය මෙම වතුයායේ වගා කටයුතු සඳහා වඩාත් උචිත දේශගුණික සාධකයන් ලබා දෙයි.

ඉහළ ආර්ද්‍රතාව පසේ තෙතමනය පවත්වාගෙන යෑමට සහාය වන අතරම වාෂ්පීකරණය අවම වීම තුල මේ තත්වය රබර් වගාව සඳහා වඩාත් සුදුසුම තත්වය බවට පත් කෙරේ. විවිධාංගීකරණය වූ භූවිෂමතා මෘදු කුඩා කඳු ගැට සහ බැවුම් සහිත භූමිය නිසි ලෙස ජලය බැස යෑමට සහ වතුයාය වෙත ප්‍රවේශ වීම සඳහා පහසුකම් සලසන අතර සාරවත් රතු කහ පොඩ්සොලික් සහ රතු මිශ්‍ර දුඹුරු ලැටසොලික් පස මූල පද්ධතිය ශක්තිමත්ව රඳවා ගැනීමට උපකාර කරයි.

ස්වභාවයෙන්ම අම්ල සහිත පසක් වන මෙය මෙම කලාපයේ කාළගුණ තත්වයට වඩාත් ගැලපෙන රබර් වගාව සඳහාම සුදුසු තත්වයක් නිර්මාණය කර ඇත.
දිගු කාලීන පාංශු සංරක්සණය සහ පසේ ජීවි පැවැත්ම, මෙන්ම පාරිසරික ස්ථාවරත්වය යථා පරිදි පවත්වාගෙන යෑම සඳහා වතුයාය විසින් පවත්වාගෙන යනු ලබන සංරක්ෂණ පිලිවෙත් වඩාත් උපකාරී වී තිබෙන අතර භෝග ආවරණ සහ ප්‍රවේශම් සහගත ඉඩම් පරිහරණය මෙහිදී පෙන්වා දිය හැක. භෝග විවිධාංගීකරණය වතුායේ උපායමාර්ගයක් වන අතර මේ යටතේ ඔයිල් පාම් , පොල්, අගාවුඩ් වැනි භෝග රබර් වගාව සමග වගා කර ඇත.
හෙක්ටයාර 100ක පමණ නිරදේශිත රබර් පැල සහිත යලි වගා වක් සිදු කර ඇති අතර මේ සඳහා රබර් පර්යේෂණ ආයතනයේ උපදෙස් හිමි වන අතර අනෙකුත් දේශීය වැවිලි පර්යේෂණ ආයතනයන්ගේ ද නොමද සහාය හිමිවෙයි. මෙම වතුයාය නිරතුරුව දේශීය පර්යේෂණ ආයතන සමග සම්බන්ධ වී සිටින අතර මේ හරහා නව කෘෂි තාක්ෂණය මෙහි වැවිලි කටයුතු සඳහා යොදා ගන්නා අතරම මෙම නව පියවරයන් පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රයාවලින්ද වෙයි.
අටාලේ වතුයායෙහි තිරසාරබව පිලිබඳ සිය කීර්තිමත් බව නිරතුරුව පවත්වාගෙන යන අතර වනාන්තර භාරකාරීත්ව කවුන්සිලයේ සහතිකය 2019 දී පලමු වරට හිමි කර ගන්නා අතර මෙම සහතිකය මගින් පරිසරය සංරක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තරව පිලිගත් ප්‍රමිතීන් පවත්වාගෙන යෑම සහ සමාජ වගකීම් මෙන්ම විවිධ පාර්ෂවයන් සමග කටයුතු කිරීම ද සහතික කරයි.

අටාලේ වතුයාය වඩාත් විචක්ෂණ ලෙස සංවිධානය වූ කළමනාකාරීත්ව සැලසුමකට අනුව මෙහෙයවන අතර ජෛව විවිධත්ව ඇගයීම්, පාරිසරික සහ සමාජ බලපෑම් ඇගයීම් සහ ශ්‍රමිතයින්ට අදාල ප්‍රතිපත්ති වල තත්වයන්, දූෂණ වැළැක්වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, ප්‍රජා ඒකඟත්ව සහ ප්‍රජා අයිතිවාසිකම් පිලිබඳව යාවත්කාලීන වෙමින් කටයුතු කරයි.

වතුයාය තුල වූ සංරක්සණ කලාපයන් තවත් පුලුල් කරමින් ඒම ප්‍රදේශයට අවේණික ශාක රෝපණය , මෙම ශාකයන් වල වර්ධනය, ශාක වලට වැළඳෙන රෝග දිගු කාලීනව මෙම ශාකයන්ගේ වර්ධනය වාර්තා කිරීම , ස්ථිර නියැදි සහිත ගැනීමේ ස්ථාන පවත්වාගෙන යෑම විශේෂයෙන් පෙන්වා දිය හැක. මෙම ප්‍රවේශයන් මගින් පරිසර සමතුලනය සහ වැවිලි ක්ෂේත්‍රයේ ඵලදායීතාව වර්ධනය සඳහා අටාලේ වතුයාය විසින් සිදු කරන කැපවීම මැනවින් පිලිබිඹු කෙරේ.

සැකසුම් විශිෂ්ටත්වය, ප්‍රජා සංවර්ධනය සහ ඉදිරි දැක්මක් සහිත වතුයායක මෙහෙවර
අටාලේ රබර් සැකසුම් කර්මාන්තශාලාව ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන කර්මාන්තශාලා අතර ප්‍රමුඛ ස්තානයක් ගන්නා අතර මෙහි නිෂ්පාදනය කරන සෝල් ක්‍රේප්, පේල් ක්‍රේප් මෙම ක්ෂේත්‍රයේ ඉහළ ගුණාත්මක බවක් සහිත නිෂ්පාදනයන් ලෙස ගැනේ. දෛනික ස්වභාවික රබර් නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් 5000 ඉක්මවන අතර මුල් කාලයේ ක්‍රේප් රබර් නිෂ්පාදනය කිරීමේ සිට මේ දක්වා විවිධ රබර් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීම දක්වා කර්මාන්තශාලාව යාවත්කාලීන වී ඇත. 1992 දී වැවිලි සමාගම් පුද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව මෙම කර්මාන්තශාලාව ද නවීකරණය කෙරෙුණු අතර නව ටැංකි පහසුකම්, මහා පරිමාණයේ නිෂ්පාදනයන්ට ගැලපෙන ලෙස යන්ත්‍රසූත්‍ර සවිබල ගැන්වීම, සහ නිෂ්පාදයෙන් අනතුරුව පරිසරයට මුදාහැරෙන අපද්‍රව්‍ය පිලිගත් පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලව පිරිපහදු කර පරිසරයට මුදා හැරිම ආදී පියවර රැසක් සිදු කෙරිණ.

තත්වය සහ තිරසාරබව පිලිබඳව අවධානය යොමු කිරීමේදී මෙම කර්මාන්තශාලාව තත්ව සහතික ගණනාවක් අත්පත් කර ගෙන ඇති අතර ISO 9001:2015 ප්‍රමිතීන්, FSC සහතිකය, මින් කිහිපයකි. 2015 වසරේදී අටාලේ රබර් කර්මාන්තශාලාව , ජාතික හරිත සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමිකර ගත් මෙරට පළමු ස්වභාවික රබර් කර්මාන්තශාලාව බවට පත් වීම රබර් නිෂ්පාදන ක්සේත්‍රයේ කඩඉමක් විය. කොළඹ රබර් වෙන්දේසියේදී අටාලේ වතුයායේ රබර් සඳහා ඉහලම වෙනදේසී මිලක් හිමි කර ගන්නේ ඔවුන් විසින් නිෂ්පාදනය කරන රබර්වල පිරිසිදු බව, අඛණ්ඩවතාව, සහ ගුනාත්මක බව නිසාය.

සේවක සුබසාධනය සහ ප්‍රජා සවිබල ගැන්වීම වතු යායෙහි ප්‍රෞඩ බව රඳවා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සාධක වේ. වතු සේවක සමූපකාර සමිතිය විසින් සේවකයින් සඳහා ණය ලබා දීමේ වැඩසටහන්, ඉතිරි කිරීමේ වැඩසටහන්, ස්ථාවර තැන්පතු, සහ තවත් සුබසාධන ප්‍රතිලාභ ලබා දෙයි.

ප්‍රජාව ගොඩනැංවීමේ වැඩසටහන් අතරට වාර්ෂික චාරිකාව, වාර්ෂික පාසල් පොත් හා ලිපි ද්‍රව්‍ය පරිත්‍යාගය, වෙසක් දින දානමය පින්කම, අවමංගල්‍ය ආධාර, යන සේවාවන් මගින් සේවක සහ කළමණාකාරීත්ව බැඳීම තවත් සවිමත් කරයි. වැවිලි මානව සංවර්ධන භාරය සමග පවතින දිගු කාලීන බැඳීම හේතුවෙන් අටාලේ වතුයාය තවත් ප්‍රජා වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති අතර වෛද්‍ය සායන, නිවාස වැඩි දියුණු කිරීම, සනීපාර්ක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, කාන්තා සෞඛ්‍ය සායන පැවැත්වීම සහ පෝෂණ වැඩසටහන් මේ අතර ප්‍රමුඛත්වයක් ගනී. මෙම ප්‍රජා පාදක ප්‍රවේශයන් මගින් වතුයායේ පාලනයෙහි විනිවිද බව, යහපත් පාලනය, සහ වතුසේවක ප්‍රජාවගේ ජීවන තත්වය උසස් කිරීම සහතික කෙරේ.

රබර් පර්යේෂණ ආයතනය සහ පොල් පර්යේෂණය ආයතනය ඇතුලුව අනෙකුත් ජාතික ආයතනයන් සමග පවතින ශක්තිමත් බැඳීම හේතුවෙන් අටාලේ වතුයායේ සිදු කෙරෙන පර්යේෂණ , පුහුණු සහ තාක්ෂණික සවිබල ගැන්වීම් සඳහා ඉහත ආයතනයන්ගේ නොමඳ සහාය හිමිවේ. මෙම සහයෝගීතාවන් හේතුවෙන් අටාලේ වතුයාය තිරසාර වැවිලි කළමනාකාරීත්වය සහ වගකීම් සහගත ආයතනික නිෂ්පාදන ක්සේත්‍රයේ පෙරමුණට පත් වීමට හැකියාව ලැබී ඇත.

වසර සියයකට වඩා නිෂ්පාදන ඉතිහාසයක් සහිත අටාලේ වතු යාය නවොත්පාදනය සහ ප්‍රජා සවිබල ගැන්වීම තුල නව මානයක් සනිටුහන් කර ඇත. අද වන විට මෙම වතුයාය පරිසර සංරක්ෂණය සඳහා වන සිය ඒකාග්‍රතාව, සේවක සුබසාධන ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමත්, මෙරට රබර් කර්මාන්තයේ උන්නතිය සඳහා ද අනුපමය වූ දායකත්වයක් ලබා දෙයි.

අටාලේ ශ්‍රී ලංකාවේ විශාලතම රබර්...
2025 மூன்றாம் காலாண்டில் 20 கோடிக்கும்...
கொழும்பில் நடைபெற்ற விசேட மாநாட்டில், தனது...
CINEC Celebrates 1,800 Graduates and...
Sunshine Holdings to Acquire 75%...
සොෆ්ට්ලොජික් ලයිෆ්, Norfund සහ OP...
Sri Lanka Chamber of the...
Felix Fernando elected Chairman of...
සොෆ්ට්ලොජික් ලයිෆ්, Norfund සහ OP...
Sri Lanka Chamber of the...
Felix Fernando elected Chairman of...
அட்டாலே எஸ்டேட்: இலங்கையின் மிகப்பெரிய ரப்பர்...