අමලිය පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය, ශ්‍රවණාබාධිත දරුවන් සඳහා කථන හා ශ්‍රවණ අධ්‍යාපන හැකියාවන් ලබා දීමේ දස වසරක විශිෂ්ටත්වය සමරයි

Share

Share

Share

Share

ශ්‍රවණාබාධිත දරුවන්ට සාමාන්‍ය අධ්‍යාපනය සඳහා යොමු වීමට මඟ පෙන්වන විශේෂිත පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය බවට පත් වෙයි

  • වසර 10ක කාලය තුළ දරුවන් 85 දෙනෙකු ප්‍රධාන ධාරාවේ පාසල් වෙත යොමු කරයි
  • ශ්‍රවණ – වාචික අධ්‍යාපනය වෙනුවෙන් ධ්වනි ක්‍රමවේදය භාවිත කරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය
  • සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම උපදෙස් ලබා දෙයි

ශ්‍රවණාබාධිත දරුවන් සඳහා කථන හා ශ්‍රවණ අධ්‍යාපන හැකියාවන් ලබා දීම සඳහා පිහිටුවනු ලැබූ අමලිය පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය පසුගියදා දෙසැම්බර් 9 වන දින සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. එසේ සමරනු ලැබුවේ වයස අවුරුදු 0 සිට 05 දක්වා ශ්‍රවණාබාධිත දරුවන් සඳහා මූලික මැදිහත්වීම, කථන සංවර්ධනය සහ විශේෂිත පෙර පාසල් අධ්‍යාපනයේ පුරෝගාමී මෙහෙවරෙහි දශකයක විශිෂ්ටත්වයයි.

කොළඹ අමලිය පදනමේදී පැවති මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශේෂඥ ශල්‍ය වෛද්‍ය, උගුර, කණ, නාසය රිජ්වේ ආර්යා ළමා රෝහල, බොරැල්ල මිහිරි රූබසිංහ මහත්මිය එක් වූ අතර චෙන්නායිහි බාලවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි වෛද්‍ය මීරා සුරේෂ් මහත්මිය ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස එක් විය. එසේම විද්‍යාලය හා සම්බන්ධ පවුල් සාමාජිකයින්, අධ්‍යාපනඥයින් ඇතුළු සුභපතන්නන් රැසක්ද මෙම විශේෂ සැමරුම සඳහා එක්ව සිටියහ.

අමලිය පදනමේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ කලා හැකියාවන්ගෙන් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයේදී ශ්‍රවණාබාධිත දරුවන් වෙනුවෙන් මුල් කාලීන සහයෝගයේ වැදගත්කම ඉස්මතු කරමින් වෛද්‍ය සහ අධ්‍යාපනික වෘත්තිකයින් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම දෙමව්පියන් ද තම අත්දැකීම් බෙදාහදා ගැනීමට මෙහිදී අමතක නොකළේය.

මෙහිදී අදහස් දැක්වූ අමලිය පදනමේ සම නිර්මාතෘ සහ සභාපති අජේ අමලීන් මහතා “ශ්‍රවණාබාධිත දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ට සහයෝගය සහ පූර්ව කාලීන කටයුතු සඳහා මඟ පෙන්වීම අවශ්‍ය වනවා. ඒ නිසා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තීරණාත්මක වයසේදී ඔවුන්ගේ අවබෝධ කර ගැනීමේ ක්‍රම ප්‍රයෝජනයට ගනිමින් ඉගෙනුම් කටයුතු ආරම්භ කරන ලෙස මේ මොහොතේ සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි. අප විසින් සකස් කර ඇති විෂය මාලාව තුලින් ප්‍රධාන ධාරාවේ පාසලක් වෙත දරුවන් එක් කිරීමට අවශ්‍ය මූලික පියවර ගනු ලබනවා.” යනුවෙන් පැවසීය.

අමලිය පදනමේ අධ්‍යක්ෂිකා සහ AELC හි විදුහල්පතිනි නීශා අමලීන් මහත්මිය මෙහිදී සඳහන් කර සිටියේ “කිසිවක් නොඇසෙන දරුවකු කතා කරන සෑම වචනයක්ම ඉවසීමේත්, කැපවීමේත්, ආදරයේත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. දරුවකු සවන් දීමට, කතා කිරීමට තනිව ඉගෙන ගැනීම අපගේ ඉමහත් සතුටට හේතු වනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවුල් වෙත සහයෝගය ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා. ඒ නිසා කන් ඇසීමෙන් තොරව දරුවකු ඉපදුණු පමණින් දරුවකු ප්‍රතික්ෂේප නොකළ යුතු යැයි අපි විශ්වාස කරනවා.” යනුවෙනි.

විවිධ ශ්‍රවණ ක්‍රමවේද භාවිතය තුලින් ශ්‍රවණාබාධිත දරුවන්ට සවන් දීමට සහ කතා කිරීමට උගන්වන ශ්‍රී ලංකාවේ එකම ආයතනය වන්නේ AELC ආයතනයයි. ඊට සවන් දීම, භාෂාව සහ ප්‍රකාශන කථන හැකියාවන් වර්ධනය කරන විෂය මාලාවක් අන්තර්ගත වේ. ගෙවුණු වසර 10ක කාලය තුළ මෙම ආයතනය මඟින් ළමුන් 85 දෙනෙකු ප්‍රධාන ධාරාවේ පාසල් වෙත සාර්ථකව යොමු කිරීමටද සමත්ව ඇත.

ළදරුවන් හා කුඩා දරුවන් සඳහා ප්‍රමුඛ මූලික සහාය වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබන මෙම ආයතනය පසුව අවුරුදු 5 දක්වා දරුවන් සඳහා පෙර පාසල් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ක්‍රියාකාරකම් මත පදනම් වූ අධ්‍යාපනය, දරුවන් පිළිබඳ නිරන්තර තක්සේරුව, ශිෂ්‍යයින් සඳහා ගැලපෙන ගුරු අනුපාතය සහ නිවසේදී භාෂා හා කථන කුසලතා ඉහළ නැංවීම වැනි අධ්‍යාපන ක්‍රමවේදයන් අනුගමනය කරනු මෙහිදී දෙමාපිය සහභාගීත්වය හා භාෂා ත්‍රිත්වයෙන්ම උපදෙස් ලබා ලබා දීමද සිදු කරනු ලබයි.

2013 වසරේදී අමලීන් පවුල විසින් අමලිය පදනම ආරම්භ කරන ලදී. එතැන් සිට ශ්‍රී ලංකාව පුරා ශ්‍රවණාබාධිත දරුවන් වෙනුවෙන් පූර්ව මැදිහත්වීම සහ වැඩි අවස්ථාවන් ලබා දීමට කටයුතු කර ඇති එම ආයතනය 1 වසරේ සිට ප්‍රධාන ධාරාවේ අධ්‍යාපන දියුණුව වෙනුවෙන් දරුවන් සූදානම් කිරීම අඛණ්ඩව සිදු කරනු ලබයි.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...