උත්සව සමයට නව අරුතක් එක් කරමින් City of Dreams Sri Lanka සිය පළමු නත්තල සමරයි

Share

Share

Share

Share

කොළඹ නගරයේ සියලු පහසුකම්වලින් සපිරි ආකර්ෂණීය සංචාරක නවාතැන වන City of Dreams Sri Lanka සිය පළමු නත්තල් සැමරුම සමඟින් සාර්ථක වසරක අවසානය සනිටුහන් කිරීමට සූදානමින් සිටියි. සුවහසක් ශ්‍රී ලාංකිකයින් සබඳතාවන්, බලාපොරොත්තු හා එකමුතුබව පිළිබඳව වඩ වඩාත් අවධානය යොමු කර ඇති යුගයක සමරනු ලබන මෙය ගෞරවණීය හා උණුසුම් සැමරුමක් බවට පත් කිරීම City of Dreams Sri Lanka හි අපේක්ෂාව වී ඇත.

එය යථාර්තයක් බවට පත් කරමින් තමන් විසින් සමරන පළමු නත්තල් සැමරුම ආහාර පාන, විවේකය, විනෝදාස්වාදය හා සංස්කෘතික අත්දැකීම් පෙරටු කොට ගනිමින් පාරිභෝගිකයින් වෙත අසමසම අත්දැකීමක් උරුම කර දීමට City of Dreams Sri Lanka කටයුතු යොදා ඇත.

ඒ අනුව City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී නවාතැන වන NÜWA Sri Lanka තුලින් නිර්මාණශීලීත්වය, ආගන්තුක සත්කාරය සමඟින් උත්සව සමයට ගැලපෙන ආහාර පාන අවස්ථාවන් රැසක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට සූදානමින් සිටියි. මෙවර උත්සව සමයේදී ඒ වෙත පැමිණෙන සියලු දෙනාට තමන්ට ගැලපෙන ආකාරයේ උසස් තත්වයේ ආහාර වේලක් රස විඳීමේ අවස්ථාව උදා වනු ඇත.

එමෙන්ම Cinnamon Life at City of Dreams Sri Lanka වෙත පැමිණෙන අමුත්තන් වෙනුවෙන් උත්සව සමය වෙනුවෙන්ම නිර්මාණය කරන ඇති ක්‍රියාකාරකම් රැසක් ද හඳුන්වා දී ඇත. උත්සව නිවාඩුව රිසි සේ ගත කිරීමට ඒ වෙත පැමිණෙන පුද්ගලයින් හට තමන්ගේ පවුල හෝ හිත මිතුරන් සමඟ රිසි සේ සතුටු වීමට හැකි පරිසරයක් හිමිකර දීම City of Dreams Sri Lanka හි අරමුණ වී ඇත. ඒ වෙනුවෙන් ආහාර පානයන්හි සිට කැමති සංගීතයක් රස විඳීමේ හෝ උත්සව අවස්ථාවන් වෙත සම්බන්ධ වීමේ අවස්ථාව ඔවුන් වෙත උදා කර දී ඇති අතර Cinnamon Life වෙතින්ද තමන් වෙත පැමිණෙන සියලු පාරිභෝගිකයින් වෙත අසමසම අත්දැකීමක් උරුම කර දීමට කටයුතු කර ඇත. මෙම සුවිශේෂී පහසුකම් පිළිබඳ සියලු විස්තර City of Dreams Sri Lanka වෙබ් අඩවිය තුලින් දැන ගත හැකිය.

මෙතෙක් 7 වන මහලට පමණක් සීමා වී තිබූ The Shoppes at City of Dreams 8 වැනි මහලේත් විවෘත කිරීමත් සමඟ අමුත්තන් හට කිසිඳු බාධාවකින් තොරව පහසුවෙන් හා සැහැල්ලුවෙන් ආහාර පාන රස විඳීමට හැකියාව උදා වනු ඇත. මේ සියලු දේ තුලින් පාරිභෝගිකයින් වෙත මෙතෙක් අත්නොවිඳි සැබෑ උත්සව සමයක උණුසුම ගෙන ඒමට කටයුතු කර ඇත්තේ කොළඹ නගරයට විචිත්‍රවත් අත්දැකීමක්ද එක් කරමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ City of Dreams Sri Lanka හි උප සභාපති (දේපොල) සහ සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා සඳහන් කර සිටියේ “කොළඹදී අපගේ පළමු නත්තල් සැමරුම සිදු කිරීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක් වනවා. අමුත්තන් බොහෝ දෙනා අත්විඳින දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කරමින් මෙම වසරේ City of Dreams Sri Lanka හි ගෞරවණීය හා සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට අපගේ අරමුණ වී තිබෙනවා.” යනුවෙනි.
එමෙන්ම උදාවන 2026 වසරේදී කොළඹ නගරයේ සුවිශේෂී හෝටල් සංකීර්ණය ලෙස කොළඹ පමණක් කොව ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දැක්වීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කරන ලදී.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...