ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන 2025 අප්‍රේල් මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 15.14% ක වැඩිවීමකි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇමරිකා එක්සත් ජනපදය (6.83% කින් ඉහළ යාම), යුරෝපා සංගමය (එක්සත් රාජධානිය හැර) (27.04% කින් ඉහළ යාම) සහ එක්සත් රාජධානිය (7.45% කින් ඉහළ යාම) වැනි ප්‍රධාන වෙළඳපොළවලින් ලැබුණු දැඩි ඉල්ලුමයි. අනෙකුත් රටවල් වෙත සිදු කෙරුණු අපනයන ද මෙම මාසය තුළ 21.18% කින් ඉහළ ගියේය.

2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා සමස්ත කාර්යසාධනය දෙස බලන විට මුළු ඇඟලුම් අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 1.66 ක් වූ අතර එය 2024 වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 12.4% ක වැඩිවීමකි. මෙම පරිච්ඡේදය තුළ යුරෝපා සංගමයට අපනයන 18.13% කින්, ඇමරිකා එක්සත් ජනපදයට 10.06% කින්, අනෙකුත් වෙළඳපොළවල් 13.56% කින් සහ එක්සත් රාජධානියට 6.26% කින් වර්ධනය විය.

ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තරඟකාරිත්වය මෙම ප්‍රතිඵල මගින් පෙන්නුම් කරයි. මේ සමඟ යොමු කරනු ලබන ලේඛනයේ පසුගිය වසර පහ සඳහා අමතර තොරතුරු සහ දත්ත පිළිබඳ ඇතුලත්ව ඇත.

கவர்ச்சியான பல சலுகைகளுடன் “சம்பத்காட்ஸ் Town...
Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට්...
Introducing Samsung Exclusive Easy Pay:...
ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු...
Trinasolar, ශ්‍රී ලංකාව පුරා මෙගාවොට්...
Ideal Motors உடன் இணைந்து மஹிந்திரா...
‘Roar of Glory’ என்ற தொனிப்பொருளில்...
அமெரிக்காவின் 30% வரி விதிப்பதால் இலங்கையின்...
Ideal Motors உடன் இணைந்து மஹிந்திரா...
‘Roar of Glory’ என்ற தொனிப்பொருளில்...
அமெரிக்காவின் 30% வரி விதிப்பதால் இலங்கையின்...
ආකර්ෂණීය වාසි රැසක් සමඟින්, සම්පත්කාඩ්ස්...