කොකා-කෝලා බෙවරේජස් විසින් පාරිභෝගික පහසුව ඉහළ නැංවීම වෙනුවෙන් නවතම ‘Coke Buddy’ ඩිජිටල් වැඩසටහන දියත් කරයි

Share

Share

Share

Share

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම විසින් සිය පාරිභෝගික සැපයුම් ජාලය තුළ සුවිසල් පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ‘Coke Buddy’ වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. ලොව විශාලතම AI බලයෙන් ක්‍රියාත්මක විකුණුම් වේදිකාව වන ‘Coke Buddy’ ඩිජිටල් හැකියාවන් ඉහළ නංවමින්, සතියේ දින 7 හි පැය 24 පුරාම ඇණවුම් කිරීමේ සහ බෙදා හැරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටද කොකා-කෝලා බෙවරේජස් හට සුවිසල් සහයක් ලබා දෙනු ඇත. මෙරට වෙළෙඳපොල තුළ කොකා-කෝලා හි නායකත්වය ශක්තිමත් කරනු ලබන මෙම වැඩසටහන තුළින් සිය ව්‍යාපාර ඉහළ නැංවීම සඳහා දත්ත පදනම් කරගත් තීරණ ගැනීම සඳහා හොඳම භාවිතයන් යොදා ගැනීම හා සිල්ලර වෙළෙඳ ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් එහි කැපවීමද මනාව අවධාරණය කරනු ලබයි.

 

සිල්ලර වෙළෙඳුන් සමඟ කටයුතු කිරීමේදී සබඳතාවන් ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් සැපයීම හා මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා කොකා-කෝලා වෙත සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කර දීමට ‘Coke Buddy’ සමත්ව ඇත. සිල්ලර වෙළඳුන්ට වෙළෙඳපොලට නව නිෂ්පාදන හඳුන්වාදීමේ පහසුකම් සැලසීම, ප්‍රවර්ධන කටයුතු හා බෙදා හැරීමේ උපාය මාර්ග ඉහළ නැංවීම සඳහා මෙම නව යෙදවුම කොකා-කෝලා සවිබල ගනුවනු ඇත. එසේම එහි රූප හඳුනා ගැනීමේ විශේෂාංගය තුළින් පහසුවෙන් ප්‍රතිලාභ අත්කර ගැනීමේ අවස්ථාව වෙළෙඳුන්ට උදා කර දී ඇති අතරම බාහිර සහායක් නොමැතිව තමන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවද ‘Coke Buddy’ ඔවුන් වෙත ලබා දී ඇත. වෙළෙඳ ප්‍රවර්ධන හා පසු විමර්ශන සමඟ දැනට ඇති සෑම නිෂ්පාදනයක්ම, ප්‍රවර්ධනයන් සහ තවත් බොහෝ දේ ඇණවුම් කිරීම සඳහා සිල්ලර වෙළෙන්දන් හට බෙදා හැරීම් ජාලය සමඟ ඕනෑම මොහොතක සම්බන්ධ වීමේ අවස්ථාවද මේ තුළින් උදා කර දීම විශේෂත්වයකි. විකුණුම් නියෝජිතයින්ගේ සහයෝගය තුළින් වෙළෙඳුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම හා දත්ත පදනම් කරගත් තොරතුරු බල ගැන්වීම සඳහා මෙරට සිල්ලර වෙළෙඳුන් සමග වන කොකා-කෝලා හි සබඳතාව ඉහළ නැංවීමටද එය සුවිසල් පිටිවහලක් වනු නිසැකය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් පාන්ඩේ මහතා ‘’Coke Buddy ශ්‍රී ලංකාවේ බීම කර්මාන්තය තුළ ඩිජිටල් පරිණාමයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති බව මගේ විශ්වාසයයි. බීම කර්මාන්තය තුළ ව්‍යාපාරයන්ගේ ව්‍යාපාරයන්ට සහාය දක්වන අන්තර්ජාල යෙදවුමක් දියත් කිරීමේ පුරෝගාමීන් වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙය අපගේ විකුණුම් ඉහළ නැංවීමට මෙන්ම සිල්ලර අලෙවිකරුවන්ට හා විකුණුම් කණ්ඩායමට ඉමහත් පහසුවක් ඇති කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා” යනුවෙන් පැවසුවේය.

 

මෙහිදී අදහස් දැක්වූ කොකා-කෝලා ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා කෞෂාලි කුසුමපාල මහත්මිය සඳහන් කළේ “ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් වන ඩිජිටල් තාක්ෂණික භාවිතයන් සිදු කරමින් සිල්ලර වෙළෙන්දන් හට කොකා-කෝලා නිෂ්පාදන ඇණවුම් කිරීමේ පහසුකමක් ලෙස මෙම යෙදවුම හඳුන්වා දිය හැකියි. පැය 24 පුරාම ක්‍රියාත්මක මෙය පහසුව, මූල්‍ය විනිවිදභාවය හා කාර්යක්ෂමතාව සහතික කරමින් ව්‍යාපාර වර්ධනයට අවශ්‍ය යෝජනා AI තාක්ෂණය මඟින් ලබා දෙමින් සිල්ලර වෙළෙඳුන්ගේ සන්නිවේදන හැකියාවන් ඉහළ නැංවීමටද හේතු වනවා” යනුවෙනි.

 

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකාහි විකුණුම් හා වෙළෙඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ප්‍රශාන්ත කුමාර් මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ “මෙම නවතම Coke Buddy දියත් කිරීම තුළින් 21 වන සියවසෙහි වෙළෙඳපොල ඉල්ලීම් සපුරාලීම සඳහා වන කොකා-කෝලා හි හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට සමත් වූ බවයි. එය හෙට දවසේ ව්‍යාපාර සාර්ථකත්වයට හේතු වනු ඇති ඇතැයි තමන් විශ්වාස කරන බවද ඒ මහතා පැවසුවේය.

 

1961 වසරේ සිට ශ්‍රී ලාංකේය වෙළෙඳපොලෙහි සුවිශේෂී නිෂ්පාදනයක් බවට පත් වූ කොකා-කෝලා මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දක්වනු ලබන්නේ සිල්ලර වෙළෙඳන්දන් 100,000කට අධික පිරිසක් වෙත අවශ්‍ය සේවාවන් සපුරා ලමිනි. 500කට අධික ශ්‍රම බලකායක් තුළින් ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාරික ප්‍රජාව දියුණුව කරා ගෙන යමින් පාරිභෝගිකයින්ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන කොකා-කෝලා මෙම නවතම හඳුන්වා දීම තුළින් නව්‍යකරණය සඳහා වන සිය කැපවීම හා විශිෂ්ට සේවය යළි යළිත් අරුත් ගන්වන්නට සමත්ව ඇත. ඒ නිසාම Coke Buddy මෙරට බීම ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරනු නොඅනුමානය.

 

වසර 60කට වැඩි කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයන් ප්‍රබෝධමත් කරමින් සිටින කොකා-කෝලා, මෙරට ජනතාවගේ ප්‍රියතම බීම වර්ග සහ සන්නාමයන් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩවම කටයුතු සිදු කරයි. අපගේ සමාගමේ අරමුණ වන්නේ ලෝකයම ප්‍රබෝධමත් කරමින් නැවුම් වෙනසක් ඇති කිරීමටයි. අපගේ වටිනා පාරිභෝගිකයින්ට වඩා හොඳ සේවයක් ලබා දීම උදෙසා, අපි දැන් වඩාත් පහසු පැකේජ හා නවෝත්පාදනයන් ලබා දෙමින් අඩු සීනි මට්ටමක් සහිත හා සීනි රහිත බීම වර්ග හඳුන්වා දෙන්නෙමු. 1961 දී කොකා-කෝලා සන්නාමය හඳුන්වා දීමෙන් පසුව, Coke Zero, Sprite, Sprite Zero, Fanta Orange, Fanta Cream Soda, Fanta Portello, Kinley Soda, Lion Tonic, Lion Ginger Beer Kinley water සහ Monster Energy ඇතුළුව විවිධ බීම සන්නාම රැසක් දැන් අප සතුව තිබේ. එමගින් රට පුරා සිටින පාරිභෝගිකයින්ට විවිධාකාර රසවත් සහ විකල්ප පානයක අවශ්‍යතාවය සපයනු ලබයි. නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේදී අපගේ තිරසාර මුලපිරීම් හරහා මිනිසුන්ගේ ජීවිත, ප්‍රජාවන් සහ ජාතිය කෙරෙහි සුබවාදී බලපෑමක් ඇති කිරීමට අපි උත්සාහ කරමින් සිටිමු. PET ප්ලාස්ටික් ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ ජලය නැවත පරිසරයට ලබා දීම ආදී වැඩසටහන් මගින් අපගේ පාන වර්ග නිෂ්පාදනයේදී භාවිත කරනු ලබන ජලය ප්‍රමාණයට වඩා වැඩි ජලය ප්‍රමාණයක් නැවත ලබා දීමට අපට හැකි වූ අතර දේශගුණික ක්‍රියාකාරකම් සඳහා සිදු කරනු ලබන මැදිහත් වීම් වෙනුවෙන් 2021 වාර්ෂික සූර්යබල බලශක්ති සම්මාන උළෙලේදී වසරේ Rooftop Solar Project සඳහා වන සම්මානය ද දිනා ගැනීමට අපට හැකි විය. කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ඇතුළුව අපගේ ප්‍රජාවන්ගේ සුබ සාධනය සහතික කිරීමට ද අප කටයුතු කරමු. තවද අපි දේශීය ප්‍රජාවන්ට ඔවුන්ගේ ජීවනෝපායන් ඉහළ නංවාලීමට සෘජුව සහ වක්‍රව අවස්ථාවන් සලසා දෙමින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකට රැකියා ලබා දී තිබෙන අතර රටේ දිස්ත්‍රික්ක 25 පුරාවට අපි අපගේ නිෂ්පාදන හරහා 80,000 කට අධික ව්‍යාපාර සංඛ්‍යාවකට සේවා සපයන්නෙමු. මේ පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීමට https://lk.coca-cola.com/en/home ඔස්සේ හෝ LinkedIn Instagram සහ Facebook හරහා අපව follow කරන්න

BOI Sri Lanka discusses strategic...
HNB ජා-ඇල පාරිභෝගික ඒකකය නවතම...
Planters’ Association of Ceylon Charts...
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවීම...
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා...
ஜனாதிபதி தேர்தலின் போது தவறான தகவல்களை...
Jungle Kitchen, with roots in...
TikTok Strengthens Measures to Combat...
ஜனாதிபதி தேர்தலின் போது தவறான தகவல்களை...
Jungle Kitchen, with roots in...
TikTok Strengthens Measures to Combat...
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි...