ගංවතුරින් ආපදාවට පත් බියගම ප්රදේශය නැවත ගොඩනැගීමේ මෙහෙයුම Lion Brewery Ceylon PLC සමාගමේ මූලිකත්වයෙන් ඉදිරියටම

Share

Share

Share

Share

පසුගිය මාසයේ දී ශ්රී ලංකාවට මුහුණ දීමට සිදු වූ කාලගුණික ආපදා තත්ව වල දී බියගම ප්රදේශයට අධික ගංවතුරින් දැඩි හානි සිදු විය. මෙහි දී අදාළ ව්යසන තත්ව යටතේ මෙන්ම, ඉන් පසුවත් අදාළ ප්රදේශය නැවත යථා තත්වයට රැගෙන ඒමට Lion Brewery (Ceylon) PLC (Lion) සමාගම පෙරට පැමිණි අතර, එහි දී බියගම ප්රදේශයේ ආපදා කළමනාකරණය කිරීම, ප්රජා හවුල්කාරීත්වයන් ශක්තිමත් කරමින් නැවත ගොඩ නැගීමට මෙන්ම, අනාගතයේ දී නැවත මෙවන් ආපදා තත්ව මග හරවා ගනිමින් කටයුතු කිරීමට අවශ්ය වටපිටාව සැකසීමේ වගකීම ද Lion Brewery සමාගම විසින් තහවුරු කරන ලදී.

පසුගිය මාසයේ දී කැලණි ගඟ පිටාර ගැලීමත් සමඟ බියගම ප්රදේශය අඩි 10ක්, (ආසන්න වශයෙන් මීටර් 3ක්) පමණ ජලයෙන් යට වූ අතර, මේත් සමඟින් ම පවුල් රැසක් තම නිවෙස්වල ම සිර වී ඉන් පිටතට පැමිණීමට නොහැකි තත්වයකට ද පත් විය. එම කාල සීමාව පුරාවට ප්රදේශයේ ප්රජාවට අවශ්ය සහය ලබා දෙමින්, ගංවතුර උවදුර පහව යන තෙක්ම ඔවුන් සමඟ දිගින් දිගටම සම්බන්ධතා පවත්වා ගැනීමට ද Lion කාර්ය මණ්ඩලය සමත් විය.

Lion Brewery සමාගම් සංස්කෘතිය තුළ සෑම විටම අවශ්ය අවස්ථාවල ඉක්මන් තීරණ ගනිමින් කඩිනම් පියවර වෙත යාම සිදු වන අතර, ගංවතුර ආපදා අවස්ථාව තුළ ද සමාගමේ සේවකයින් ඇතුළු සියලු දෙනා තම සහය අවශ්ය සියලු පිරිස වෙනුවෙන් ඉදිරියට පැමිණීය. මෙහි දී රජයේ අදාළ පාර්ශව සමඟ ද සමීපව සම්බන්ධ වෙමින් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්ය පුහුණුව ලද Lion සමාගමේ A-Pad කණ්ඩායම්වලට මෙන්ම, ස්වේච්ඡා කණ්ඩායම්වලට ද අවශ්ය සහය ලබා දීමට Lion සේවක පිරිසට හැකි විය. මෙහි දී ඔවුන් බෝට්ටු මගින් අවතැන් පිරිස් බේරා ගැනීම මෙන්ම පිරිසිදු ජලය, ආහාර සහ අත්යාවශ්ය ද්රව්ය බෙදා හැරීමට ද සහය දෙන ලදී.

එමෙන්ම ගංවතුර බැස යාමෙන් පසුව Lion කාර්ය මණ්ඩලය විසින් පළාත් පාලන ආයතන සමඟ එක් වී බලපෑමට ලක් වූ ප්රදේශයන් හි සිර වී තිබූ කැළිකසල ඉවත් කරමින් අදාළ ප්රදේශය නැවත යථා තත්වයට රැගෙන ඒමේ බාර දූර කාර්යයට අත පොවන ලදී. එමෙන්ම විදුලි බලය පවා නොමැතිව තම දෛනික ජීවිතයට නැවත එළඹීමට අපොහොසත් වී සිටි ප්රජාව වෙනුවෙන් අවශ්ය සම්පූර්ණ සහය ලබා දීමට ද Lion Brewery සමාගම පෙරට පැමිණියේය.

මෙසේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සිය සහය ලබා දුන් Lion සහය කණ්ඩායම තුළ තම දෛනික ජීවිතයේ නින්ද පවා කැප කරමින් අඛණ්ඩව සිය වගකීම් ඉටු කළ සේවකයින් කිහිප දෙනෙකු ම මේ වන විටත් ඉහළ මට්ටමේ ඇගයීම් වලට පාත්ර වෙමින් සිටී.

එමෙන්ම ආපදා තත්වය සමනය කිරීමෙන් පසුව අනාගතය වෙනුවෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් ද මේ වන විට Lion Brewery සමාගම විසින් පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙහි දී බියගම ප්රදේශයේ වෙසෙන ජනතාවට අනාගත ගංවතුර තත්වවලින් ගැලවී සිටීමට හැකි වන අන්දමේ ඉහළ භූමියක පිහිටා ඇති විශේෂ ස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

“දේශගුණ තත්වයන් සම්බන්ධයෙන් ඇති අවදානම අප සමාගමේ මෙහෙයුම් කටයුතු රැක ගැනීමට පමණක් නොව, අපගේ අසල්වැසි ප්රජාවේ ජීවිත සහ ජීවනෝපායන් ආරක්ෂා කර ගැනීම ද අත්යාවශ්ය කාරණයක්. ඒ නිසාමයි ආපදාව සිදු වූ මොහොතේ පටන් ම ප්රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සහ අනෙක් අවශ්යතා වෙනුවෙන් සහය වෙන්න අපේ කණ්ඩායම්වලට අවශ්ය බලය ලබා දීලා තියෙන්නේ.”

ආපදා තත්වය යටතේ Lion සමාගමේ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සමාගමේ ප්රධාන විධායක නිලධාරි රජීව් මීවක්කල මහතා එසේ සිය අදහස් පළ කරන ලදී.

එමෙන්ම මෙම Lion Brewery මෙහෙයුම සම්බන්ධයෙන් දිස්ත්රික් කමිටු ප්රධානී ගරු අනුර කරුණාතිලක අමාත්යවරයා මෙසේ සිය අදහස් සඳහන් කළේ ය;

“ප්රජාවට අවශ්ය යටිතල පහසුකම් වෙනුවෙන් සහ දැනුම බෙදා ගැනීම වෙනුවෙන් අවශ්ය ආයෝජන සිදු කරමින්, අනාගතයේ දී ශ්රී ලංකාවේ ආපදා කළමනාකරණ පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ.

ගංවතුර අතරතුර, අපිට සමහර ස්ථාන වෙත ළඟා වීමට නොහැකි වූ අතර, මෙහි දී එම ස්ථාන වෙත ළඟා වෙමින්, ප්රජාවට සහය ලබා දීමට Lion Brewery වෙතින් ලැබුණු සහය ඉතා වැදගත් වුනා.

විශේෂයෙන්ම අපිට සහය ලබා දිය හැකි ධාරිතාව ඉක්මවා ගිය අවස්ථාවේ Lion Brewery කණ්ඩායම් අපි සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කළා. මේ අත්දැකීම රාජ්ය – පෞද්ගලික සහයෝගිතාවේ වටිනාකම හොඳින් පෙන්වා දෙන අවස්ථාවක්. ඒ වගේම ප්රජාවට අවශ්ය පහසුකම් සපයා දීමේ සිට දිගුකාලීනව ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ දී ද මෙම හවුල්කාරීත්වය පවත්වා ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.”

එමෙන්ම අමාත්යවරයාගේ මග පෙන්වීම යටතේ Lion Brewery කණ්ඩායම සහ ඒ සඳහා Lion සමාගම සපයා දුන් බර වාහන කළමනාකාරණය කිරීම ඇතුළු සියලු වගකීම් අධීක්ෂණය කිරීම බියගම පළාත් සභා සභාපති ලාල් කුමාරප්පේලි මහතා විසින් සිදු කරන ලදී.

මෙම දැවැන්ත කාර්ය භාර්ය සම්බන්ධයෙන් ප්රාදේශීය ව්යාපාරික ශයනි ජයසේකර මහත්මිය විසින් මෙසේ සිය අදහස් පළ කරන ලදී;

“Lion කණ්ඩායම දිගටම අප සමග තොරතුරු හුවමාරු කරගත්තා. ඒ වගේම ගංවතුර තත්වය වැඩි වෙද්දී ඒ ගැන අපිව නිතර දැනුවත් කළා. තත්වය නරක අතට හැරෙද්දී ඔවුන් අපේ කාර්ය මණ්ඩලය ඉවත් කරන්නත් උදව් කළා. ඒක ඉතාම දුෂ්කර කාල සීමාවක්. නමුත් Lion Brewery සමාගම මූලිකත්වය ගනිමින් හැකි ඉක්මනින් ප්රදේශයේ තිබුණු සුන්බුන් සහ මඩ ඉවත් කිරීමට කටයුතු කළා.”

මේ අයුරින් ප්රජා සහයෝගිතාව, එකමුතු බව මගින් ඕනෑම ගැටලුවකට ශක්තිමත් ව මුහුණ දීමේ හැකියාව ඉහළ නැංවීම Lion Brewery සමාගම තවදුරටත් ක්රියාත්මක කරනු ඇති. එමෙන්ම එහි දී විශේෂයෙන්ම කාලගුණික විපර්යාස නිසා කැලණි ගංගා ද්රෝණිය හරහා බියගම ප්රදේශයට ඇති විය හැකි ආපදා අවම කිරීම වෙනුවෙන් ප්රජාව සමඟ අත්වැල් බැඳ ගනිමින් ඔවුන්ට ශක්තියක් වීමට Lion Brewery නිරන්තරයෙන් සූදානම් ව සිටී.

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා...
සැබෑ නිර්මාණයක් හා AI නිර්මාණයක්...
Lion Brewery (Ceylon) PLC Reaffirms...
“2025 ஆம் ஆண்டின் இலங்கைக்கான சிறந்த...
பியகமவில் வெள்ள எதிர்ப்பு மற்றும் சமூக...
ගංවතුරින් ආපදාවට පත් බියගම ප්රදේශය...
உண்மையான தொழில்நுட்பத்தின் மூலம் தனித்துவமான மதிப்பை...
වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා...
ගංවතුරින් ආපදාවට පත් බියගම ප්රදේශය...
உண்மையான தொழில்நுட்பத்தின் மூலம் தனித்துவமான மதிப்பை...
වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා...
City of Dreams Sri Lanka-இற்கு...