දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරු දැරියන්ගේ අධ්‍යාපනයට සවියක් වීමට HNB ‘නැණ සවි මෙහෙවර’ දියත් කරයි

Share

Share

Share

Share

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා හැටන් නැෂනල් බැංකුව විසින් ‘නැණ සවි මෙහෙවර’ නමින් ජාතික වැඩසටහනක් දියත් කර ඇත.

මෙම වැඩසටහන යටතේ HNB විසින් එහි දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 250 කට වැඩි සංඛ්‍යාවක පරිත්‍යාග/එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. මෙමගින් මෙම ව්‍යසනයෙන් මුළු රටේම අඩපණ වී ඇති අධ්‍යාපනය නැවත යථා තත්ත්වයට පත් කිරීමට හා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට ජනතාවට පහසුවෙන් සහාය ලබා දීමට හැකියාව ලැබේ.

මෙම ව්‍යසනයෙන් අධ්‍යාපනයට බාධා එල්ල වූ දරු දැරියන්ට අත්‍යවශ්‍ය පාසල් ද්‍රව්‍ය සැපයීම අරමුණු කරගනිමින් මෙම නැණ සවි මෙහෙවර වැඩසටහන නිර්මාණය කර ඇත. පොත්, ලිපි ද්‍රව්‍ය සහ ඉගෙනුම් මෙවලම් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් මෙම සුළි කුණාටුවෙන් පසු දරුවන්ට පාසල් යාමට සහ සාමාන්‍ය පරිදි ඉගෙනීම් කටයුතුවල නියැලීම ඉතා වැදගත් වන මෙවැනි අවස්ථාවක දරුවන්ට ඔවුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට ඇති වන බාධා අවම කිරීම මෙම නැණ සවි මෙහෙවර වැඩසටහන අරමුණු කරයි.

බැංකුවේ පුළුල් ශාඛා ජාලයේ වටිනාකම පැහැදිලි කරමින් HNB විධායක උප සභාපති – ශාඛා ජාල ව්‍යාපාර ප්‍රධානී, සුපුන් ඩයස් මහතා සඳහන් කළේ “HNB හි දීප ව්‍යාප්ත පුළුල් ශාඛා ජාලය හේතුවෙන් නැණ සවි මෙහෙවර වැනි ජාතික වැඩසටහනක් සඳහා ඉක්මනින් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට අපට හැකියි. තවද රට පුරා පිහිටි අපගේ ශාඛා ජාලය නිසා ජනතාවට මීට දායක වීමටත් කාර්යක්ෂමව ආධාර එක්රැස් කර ප්‍රමාදයකින් තොරව උපකාර අවශ්‍ය ජනතාවට ඒවා යැවීමටත් අපට සහාය වනවා. ශ්‍රී ලංකාව පුරා සැබෑ සමාජ බලපෑමක් ඇති කිරීම සඳහා අපගේ ජාලයේ ශක්තිය උපරිම ලෙස භාවිතා කළ හැකි ආකාරය මෙම වැඩසටහන මගින් මැනවින් පෙන්නුම් කරනවා.” යනුවෙනි.

’‘අපගේ HNB කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එකට එක් වී මෙය සිදු කිරීමට මූලිකත්වය ගත් නිසා මෙම වැඩසටහන තවත් සුවිශේෂී වනවා. මෙම නැණ සවි මෙහෙවර ආරම්භ කිරීමට අපගේ සාමාජිකයින් ස්වේච්ඡාවෙන් ඔවුන්ගේ දිනක වැටුප පරිත්‍යාග කළ අතර මෙමගින් හැට්නා පවුලේ එකමුතු බව හා අන් අය කෙරෙහි ඇති හැඟීම පෙන්නුම් කරනවා- එපමණක් නොව අපි සේවය කරන ජනතාව සමඟ එක්ව එක් කණ්ඩායමක් ලෙස මෙය ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි ඉතා ආඩම්බර වනවා.” යනුවෙන් HNB කාර්ය මණ්ඩලයේ කැපවීම අගය කරමින් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන මානව සම්පත් නිළධාරී කේ. ඉන්ද්‍රවාසන් මහතා පැවසුවේය.

‘නැණ සවි මෙහෙවර’ හරහා අධ්‍යාපනය ආරක්ෂා කිරීම, ජනතාවට සහාය වීම මෙන්ම අභියෝගාත්මක කාලවලදී රටට සහ එහි ජනතාවට සහයෝගය දැක්වීමට නැගී සිටිමින් ජාතිය ගොඩනැගීම සඳහා HNB හි කැපවීම අවධාරණය කරයි.

Cinnamon Life at City of...
MAS Foundation for Change Leads...
விற்பனைக்குப் பின்னரான சேவைகளை மேம்படுத்த BYD...
EFC National Best Employer Awards...
கண்டி நகரில் நவீன விருந்தோம்பல் சேவையின்...
Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...